Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner රාජකීය - සා තෝමස් ඔරු පැදීමේ තරගය 28 දා

රාජකීය - සා තෝමස් ඔරු පැදීමේ තරගය 28 දා

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 48 වැනි වරටත් පැවැත්වෙන ටී. නොයෙල් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන ඔරු පැදීමේ තරගාවලිය මේ මස 28 වැනිදා පස්වරු 1.00 සිට කොළඹ ඔරු පැදීමේ සමාජ පරිශ්‍රයේදී (බේරේ වැවේදී) පැවැත්වේ.

මෙය දිවයිනේ දෙවැනි පැරණිතම ඔරු පැදීමේ තරගාවලිය මෙන්ම පැරණිතම අන්තර් පාසල් ඔරු පැදීමේ තරගාවලියද වේ. මෙම තරගාවලියේදී යාර 1000 ක දුරකින් සමන්විත වූ ඔරු පැදීමේ ඉසව් 8 ක් පැවැත්වෙන අතර එහිදී ජයග්‍රාහකයන් සඳහා ලකුණු 52 ක් පිරිනැමේ. ඉසව් 8 අවසානයේදී ඉන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායමට ටී. නොයෙල් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන පිරිනැමේ.

හෂේන් හෙට්ටිගොඩ නායකත්වය දරණ රාජකීය විදුහල් ඔරු පැදීමේ කණ්ඩායම මේ වසරේදී (2017) කොළඹ ඔරු පැදීමේ සමාජය පරාජය කරමින් ‘රැන්ෆන්’ ඔරු පැදීමේ තරගාවලියේ ශූරතාව දිනාගත් අතර සන්නද්ධ සේවා කණ්ඩායම් සමග තරග වදිමින් ජාතික ඔරු පැදීමේ තරගාවලියේ වයස 18 න් ඉහළ සමස්ථ ශූරතාවද දිනාගත්තේය.

මේ වසරේදී සාන්ත තෝමස් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව අර්ජුන් වික්‍රමනායකට හිමිව ඇති අතර අත්දැකීම් බහුළ ක්‍රීඩකයෝ රැසක් සාන්ත තෝමස් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඉකුත් වසරේදී (2016) පැවැති රාජකීය - සා. තෝමස් ඔරු පැදීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කවීන් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රාජකීය විදුහල් කණ්ඩායම සමත් වූ අතර එහිදී ලකුණු 50 ක් හිමිකර ගනිමින් නව වාර්තාවක් පිහිටුවීමටද ඔවුහු සමත් වූහ.

රාජකීය විදුහල් කණ්ඩායම
හෂේන් හෙට්ටිගොඩ (නායක), ප්‍රතාප් පෙරේරා (උප නායක), අවිෂ්ක ජයවීර (ලේකම්), චරින් විජේතිලක, රේවත කරුණාසුන්දර, ලසිඳු ගමගේ, ජැටු රොක්වුඞ්, වරුණ හේවමාන්න, ඉෂිර රඹුක්වැල්ල, ජෙහාන් හප්පුගල්ලේ, සජාඞ් අජ්මාල්, චනිරු හේවමාන්න, දීලක මහේල, විභව ප්‍රේමරත්න, මයුඛ ගමගේ, ගවික් කුරුප්පු, යුමින් පෙරේරා, චාමික පෙරේරා, දිනාල් අලුත්ගම, අබ්දුල්ලා හසන්, මොහොමඞ් රිෆාත් (පුහුණුකරු) සහ ළහිරු හේරත් (සහාය පුහුණුකරු)

සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම
අර්ජුන් වික්‍රමනායක (නායක), මෙස්චාච් පීරිස්, ශයිලින්ද්‍ර ජයසේකර, ධාරක පීරිස්, අෂාන් වල්පොල, අවිනාෂ් රාජගුරු, ලක්ෂාන් ශ්‍රී ප්‍රගාෂ්, උවිඳු ප්‍රේමරත්න, ජොයෙල් රාජේන්ද්‍රන්, ධහරත් සේනානායක, ෂෙනාර සේනාරත්න, භානුක රත්නායක, චහේල් සමරසිංහ, කාවින්ද්‍ර මෙදිවක, ඩැනියෙල් බර්තොලෙමුවස්, අරිත රද්දල්ගොඩ, රන්දීව් වන්නකුවත්ත, හසිත් සුබසිංහ, ජොනතන් කෘස්, දෙවන්ක ද සිල්වා, මිනුක ටි්‍රකවලගොඩ, අභිෂේක් නානායක්කාර, කැලෙබ් ප්‍රනාන්දු, ශවින් අනන්ත්, මාර්ක් මවුරයිස් (පුහුණුකරු), අනුරාධ නඩරාජා සහ පීටර් ක්‍රිස්ටි (සහාය පුහුණුකරුවෝ)

 


අදහස් (0)

රාජකීය - සා තෝමස් ඔරු පැදීමේ තරගය 28 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.