Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දෙවතාවක් දිනාගත් එකම බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්වූ ඇන්ඩි මරේ ඉරිදා (10 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කැනඩාවේ මිලෝස් රොනික් පරදවා ලකුණු 6-4 ක්, 7-6 ක් සහ 7-6 ක් ජයගත්තේය. 29 හැවිරිදි මේ ස්කොට්ලන්ත ජාතිකයා ඊයේ දිනාගත්තේ ඔහුගේ තුන්වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවයි.
වසර 2013 දී මුල්වරට විම්බල්ඩන් ශූරතාව දිනූ මරේ ඊයේ ජයග්‍රහණයත් සමග සම කළේ 1930 දී ෆ්‍රෙඞ් පෙරී විසින් විම්බල්ඩන් කිරුළ දෙවතාවක්ම දිනාගනිමින් එවැනි හපන්කමක් කළ මුල්ම බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙස තැබූ වාර්තාවයි. සමස්ත එංගලන්ත ටෙනිස් තරගාවලිය ලෙසින් හැඳින්වෙන විම්බල්ඩන් තරගාවලියේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට එවන් හපන්කමක් කළ හැකිවූයේ වසර 85 කට පසුවය.
“ආපහු මේ ශූරතාව අතට ගැනීමත් සතුටක්..” ජයග්‍රහණයෙන් පසුව මරේ කීවේ එසේය.
“හැම අවුරුද්දකදීම මේ තරගාවලිය මට විශේෂිත එකක්...මට මේ තරග ඉතිහාසයේ ඉතා වැදගත් මතකයන් කිහිපයක්ම තිබෙනවා. ඒ වගේම අන්ත පරාජයට පත්වූ මතක සටහනුත් තියෙනවා. කොහොමවුණත් මේ ජයග්‍රහණය මට අතිරේක සතුටක් කියලයි හිතෙන්නේ” යයි මරේ කීවේය.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇන්ඩි මරේට හිමිවූ ත්‍යාග මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 2 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 37.6 කි.
තරගය ජයගැනීමෙන් පසුව සැණෙකින් තම පුටුව මත ඇදවැටුණු මරේ තුවාය වෙතට නැවී ඉකි බිඳින්නට විය. ඒ ටෙනිස් පිටියේ ඔහුට සිටින ඉතාමත් විශ්වාසවන්ත සගයාය. වසර තුනක් තිස්සේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් සොයමින් සිටි මරේට අවසානයේදී එය ලැබිණ.
මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා අවසන් මහා තරග 10 කට එක්වී සිටි මරේ පළමු වරට ‘ජයග්‍රහණය අපේක්‍ෂා කරන්නා වීමේ’ ලේබලයත් සමග ඊයේ අවසන් මහ තරගයට පැමිණ සිටියේය. සෙසු තරග 10 දීම ඔහුගේ ප්‍රතිවාදින් ලෙස නොවැක් ජොකෝවික් හෝ රොජර් ෆෙඩර්ර් සුදසුකම් ලැබීම නිසා ඔහුට එවැනි අවධානයක් යොමු වූයේ නැත.
එහෙත් මෙවර තරගාවලියේදී ජොකොවික් කල්තියාම පරාජය වීම හේතුවෙන් අවසන් මහ තරගයේදී මරේ වෙත අවධානය යොමු විය.
15,000 කට වැඩි නරඹන්නන් අතරේ සිටි, ටෙනිස් ලෝකයේ සදාතනික වීරයන් වන බියොන් බෝර්ග්, ස්ටෙෆාන් එඞ්බර්ග් සහ බොරිස් බෙකර් වැන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඇන්ඩි මරේ ජයග්‍රහණය කරා පියමං කරද්දී ටෙනිස් ක්‍රීඩාවේ තවත් සදාතනික වීරයෙක් නිහඬවම එදෙස බලමින් තෘප්තිමත් විය. ඒ අන් කවරෙකු හෝ නොව මරේගේ පුහුණුකරුවා වූ ඉවාන් ලෙන්ඞ්ල්ය. මරේගේ ජයග්‍රහණය ලෙන්ඞ්ල්ට නම් තම රාජකාරිය අකුරට කිරීමක් විය.
ඇන්ඩි මරේ ඔහුගේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දෙකම දිනාගත්තේ ඉවාන් ලෙන්ඞ්ල් සමග එක්ව සිටි 2012 සහ 2014 වසර වලදීය.
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.