Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner විම්බල්ඩන් කිරුළ අට වැනි වරටත් ෆෙඩරර්ට

විම්බල්ඩන් කිරුළ අට වැනි වරටත් ෆෙඩරර්ට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුකම්පා විරහිත ප්‍රහාරයකින් ක්‍රොඒෂියාවේ මරීන් සිලික් ලකුණු 6-3 ක්, 6-1 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත් කළ ස්විට්සර්ලන්තයේ සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරර් වසර 5 කට පසුව සිය අටවැනි විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනාගැනීමට ඊයේ සමත්විය.

ඕල් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හී ටෙනිස් පිටියේ තරග ඉතිහාසයේ අවසන් මහා තරගයට ෆෙඩරර් එක්වූ 11 වැනි වතාව මෙය වූ අතර ඊයේ ජයගත් ශූරතාවත් සමග විම්බල්ඩන් ශූරතා වැඩිම සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩකයා ලෙස ෆෙඩරර් වාර්තාපොත අලුත් කළේය. ඊට පෙර ඔහු අමෙරිකාවේ පීට් සම්ප්‍රාස් සමග විම්බල්ඩන් ශූරතා 7 බැගින් දිනා සමවාර්තාවට හිමිකම් කියමින් සිටියේය.

තරගයේ මුලදී ඔහුට තරමක් අභියෝග කරන්නට මරින් සිලික් සමත්වූවත් ෆෙඩරර්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ දැඩි ලෙස බයාදු ගතියක් පෙන්වීමෙන් පසුව එය තරගයකින් තොර ක්‍රීඩාවක් බවට පෙරලිණි. ඉන් අනතුරුව ඔහු ඉතා සන්සුන්ව ජයග්‍රහණය දක්වාම තරග වැදුණේ තරුණයකු මෙන් පුදුම ජවයකිනි.

තව දින 23 කින් තම 36 වැනි උපන්දිනය සමරන්නට බලා සිටින, දරුවන් සිවුදෙනකුගේ පියකු වන ෆෙඩරර් ඊයේ තරගයේ ජය අත්කර ගැනීමට වැය කළේ පැයකුත්, මිනිත්තු 41 ක් පමණි. විම්බල්ඩන් තරගාවලිය වසර 1968 දී විවෘත තරගාවලියක් බවට පත් කිරීමෙන් පසුව එය දිනාගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙසත් ෆෙඩරර් වාර්තාපොතට එක්විය.

තරගයේ ආරම්භක වටයේදී 3-0 කින් පෙරමුණ ගත් මරීන් සිලික් පළමු වටය අතරතුර තරමක වේදනාවකින් පෙළෙන්නට වූ අතර තරග විවේකයේදී ඔහුගේ ආසනයට වී හඬා වැලපෙන්නට පටන් ගත්තේ පැමිණ සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ඉදිරියේදීමය. ඔහුගේ වම් පාදයේ ඇඟිලි පහම ටේප් පටියකින් වෙලා තිබෙනු දැකගත හැකිවූයේ ප්‍රතිකාර දීමට පැමිණි වෛද්‍යවරු එය පරීක්ෂා කිරීමේදීය.

ඔහුගේ පාදයේ ඇඟිලි අතර තිබූ දිය පට්ටා කැඩී තුවාලවී තිබූ බවක් පෙනෙන්නට තිබිනි. එහෙත් එය ෆෙඩරර්ගේ ජයග්‍රහණය අවතක්සේරු වන ආකාරයේ සිද්ධියක් නොවන අතර පසුව නැවතත් තරගයට පිවිසි මරින් අවස්ථා කිහිපයකදීම ෆෙඩර්ර්ගේ ඉවසීම මැනවින් පරික්ෂා කරනු දක්නට ලැබිණි.

15,000කට වැඩි පිරිසක් අවසන් තරගය නැරැඹීමට පැමිණ සිටි අතර බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, විලියම් කුමරු සහ කේට් කුමරිය ඒ අතරින් කැපී පෙනුණි.

 

- 077


අදහස් (0)

විම්බල්ඩන් කිරුළ අට වැනි වරටත් ෆෙඩරර්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.