Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ස්පෝට්රයිසන් සංචාරක නියෝජිත ආයතනය පළමු වරට සංවිධානය කරන ‘ටී-කප්’ පාපැදි සවාරියේ පළමු අදියර හෙට (7 වැනිදා) පෙරවරු 9.00 ට පාසිකුඩාහි ‘පාසි විලාස්’ හෝටලය අසලින් ආරම්භ වීමට නියමිතය. කිලෝ මීටර් 132.4 කින් සමන්විත වන මෙම අදියර ඔඞ්ඩාමාවඩි, නාවල් අඩි, කඩවතමඩුව, වැලිකන්ද, සෙවනපිටිය, මනම්පිටිය, දලුක්කනේ, දිඹුලාගල, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ යන නගර පසු කර මහියංගනයට පැමිණීමෙන් අවසන් වේ. මහියංගනය නගරයේ සම්බුද්ධ ප්‍රතිමාව අසලින් පළමු අදියරේ නිමාව සටහන් කිරීමට නියමිතය.
පළමු අදියර සඳහා ‘ස්ප්‍රින්ට්’ (අධිවේගී) අදියර දෙකක්ද ඇතුළත් වන අතර ඉන් පළමු වැන්න කඩවතමඩුව නගරයේ සිට කිලෝ මීටර් 26.2 ක දුරකින්ද, දෙවැන්න දිඹුලාගල පසුකර ඉදිරියට ඇදෙන විට මුණගැසෙන කැකුළේ හංදියේ සිට කිලෝ මීටර් 68.7 ක දුරකින්ද යුතුය.
ටී-කප් සවාරිය සඳහා විදෙස් කණ්ඩායම් 7 ක් ලියාපදිංචි වී සිටියද ගුවන් ගමන්වල ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් කෙන්යානු කණ්ඩායම අවසන් මොහොතේ තරගයට සහභාගි වීමට නොහැකි බව සංවිධායකයන්ට දන්වා තිබේ. එසේ වුවත් බංග්ලාදේශය, නෙදර්ලන්තය, මැලේසියාව, පාකිස්තානය, පිලිපීනය සහ සිංගප්පූරුව යන කණ්ඩායම් වල ක්‍රීඩකයන් අද දිනයේදී (6 වැනිදා) සිය පා පැදි සවි කරමින් සහ පුහුණුවීම් වල නිරත වෙමින් තරගයට සූදානම් වන අයුරු දක්නට ලැබිණ.
තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි දේශිය කණ්ඩායම් 8 අතරින් වරාය අධිකාරීය කණ්ඩායම අවසන් මොහොතේ තරගයට සහභාගි නොවන බව දන්වා තිබේ. එම කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයකු පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ලක්වීම, ඔවුන් තරගාවලියෙන් ඉවත් වීමට හේතුවී ඇති බව නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.
කෙසේ වුවත් සෙසු දේශීය කකණ්ඩයම් වන යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, දෙහිවල - ගල්කිස්ස මහ නරග සභාව, ටෙලිකොම් සමාගම මෙන්ම අවසන් මොහොතේ තරගයට එක්වූ බියැන්චි කණ්ඩායමද තරගය සඳහා හොඳ සූදානමකින් සිටින බව කියැවේ.
තරගයට සහභාගි වන සෑම කණ්ඩායමකම කළමණාකරුවන්ට තරගය සමගම ඉදිරියට යමින් තම කණ්ඩායමේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙන වෙනම මෝටර් රථ ලබාදීමට සංවිධායකයන් කටයුතු කර තිබේ.
මැලේසියානු ජාතික ජමාල් මොහොමඞ් මහතා තරගයේ ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කරන අතර ජපාන් ජාතික කිකුචි මහතා එහි උප ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කරයි. මැලේසියානු ජාතික බියෙටි්‍රස් ඇල්ෆ්‍රෙඞ් මහත්මිය, ඊබ්‍රහීම් බින් ඔමාර් මහතා සහ කොරියානු ජාතික එඞ්වඞ් පාර්ක් මහතා සෙසු තරග තීරකවරුන් ලෙසත්, හොං කොං ජාතික චෑන් මහතා වේලා සටහන් කරු ලෙසත් තරගයට එක්ව සිටිති.
ටී කප් පාපැදි සවාරියට සූදානම් වෙමින්...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.