Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2016 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ 2016 වසරේ ක්‍රීඩා තරුව ලෙසත්, දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දෙකක් දිනාගත්තේය.
ගතවූ වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් සඳහා සහභාගී වෙමින් රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමේ දක්ෂතාව මෙන්ම රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ දක්ෂතාව මත මැතිව් අබේසිංහට එම සම්මාන ද්විත්වය හිමිවිය.
මැතිව්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ ඔහුගේ පියාවන මනෝජ් අබේසිංහ මහතාටද වසරේ හොඳම පුහුණුකරු වශයෙන් සම්මාන හිමිවීමද විශේෂත්වයකි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි දිනාගත්තාය.
සම්මාන වර්ග 15ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියුතුවූවන් 200 කට ආසන්න පිරිසක් 2016 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ සම්මාන ලැබූහ.
එහිදී දක්ෂතම කණිෂ්ඨ ක්‍රීඩකයා ලෙස එල්. පී. ජී. ධනංජය (මලලක්‍රීඩා) සහ දක්ෂතම කණිෂ්ඨ ක්‍රීඩිකාව ලෙස කිමිකෝ රහීම් (පිහිනුම්) සම්මාන ලැබූහ.
වසරේ දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය සන්තුෂ් වීරසිංහ (මලලක්‍රීඩා) විසින්ද, වසරේ දක්ෂතම තරුණ ක්‍රීඩිකාව ලෙෂ අර්ෂිකා විජේබාස්කර් (බර ඉසිලීම) සම්මාන දිනාගත්හ.
වසරේ දක්ෂතම කාන්තා කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමද, දක්ෂතම පිරිමි කණ්ඩායම ලෙස කැරම් පිරිමි කණ්ඩායමද සම්මාන දිනාගත්හ.
විශේෂ ආබාධ සහිත වූ ක්‍රීඩා කණ්ඩායම ලෙස දෘශ්‍යාබාධ ක්‍රිකට් කණ්ඩායමද, දක්ෂතම කණිෂ්ඨ ක්‍රීඩා කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා වයස 20 න් පහළ රග්බි කණ්ඩායමද, දක්ෂතම තරුණ ක්‍රීඩා කාන්තා කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා වයස 16න් පහළ මීටර් 4x400 සහය කණ්ඩායමද, තරුණ පිරිමි කණ්ඩායම ලෙස වයස 15න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද සම්මාන දිනාගත්හ.
මලලක්‍රීඩා පුහුණුකරුවකු වන සජිත් ජයලාල් මහතා දක්ෂතම ක්‍රීඩා ව්‍යායාම අභ්‍යාසක ලෙසත්, අමිල ප්‍රසන්න විජේවික්‍රම මහතා තරුණ පුහුණුකරුට හිමි සම්මානයත් දිනාගත්හ. වෛද්‍ය ලාල් ඒකනායක මහතා වසරේ හොඳම වෛද්‍යවරයාට හිමි සම්මානයද, යූ.ටී.බී. කිරිදෙන මහතා දක්ෂතම විනිසුරුට හිමි සම්මානයද දිනාගත්හ.
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ‘අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී රොෂාන් පැතුම් ශ්‍රී විජේරත්න වසරේ දක්ෂතම මුද්‍රිත (සිංහල) මාධ්‍යවේදියාට හිමි සම්මානයද දිනාගත්තතේය.
මේ අතර ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍රවල නියැලුණු ප්‍රවීණයින් 9 දෙනෙකුට ජීවිත කාලයටම එක් අවස්ථාවක් ලැබෙන විශේෂිත සම්මාන පිරිනැමිණ.
ක්‍රීඩා භූෂණ සම්මානලාභියෝ
එච්.ඩී. චන්ද්‍රසිරි (ක්‍රීඩා කීර්ති), නැසීගිය ඩර්වින් පෙරේරා, යෝගානන්ද විජේසුන්දර, කේ.එල්.එෆ්. විජේදාස, මේජර් ජෙනරාල් වෛද්‍ය සී. තුරෙයිරාජා, කේ.ජී. භද්‍රා, සුම්මා නවරත්නම් සහ රංජිත් වීරසේන යන මහත්ම මහත්මීහු
ක්‍රීඩා රත්න සම්මානය
විමලසේන පෙරේරා මහතා
|
|
|
|
|
|
|
|
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.