Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner වාරණය ඉවතට, හොකී පිල ඉන්දියා යයි

වාරණය ඉවතට, හොකී පිල ඉන්දියා යයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සම්බන්ධයෙන් අධිකරණයේ වාරණයට ලක්ව සිටි ශ‍්‍රී ලංකා හොකී පිරිමි කණ්ඩායමට තිබූ වාරණය ඉවත් කරනු ලැබීම නිසා ශී‍්‍ර ලංකා හොකී කණ්ඩායම අද (5) පෙරවරුවේ දකුණු අසියානු ක‍්‍රීඩා උළෙලට සහභාවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

කණ්ඩායමට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි දිලූක වීරසුරිය ක‍්‍රීඩකයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය හොකී කණ්ඩායමට මෙම වාරණය නිකුත් කළේ පෙබරවාරී මස 3 වැනිදාය.  

ඒ අනුව සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සදහා හොකී ක‍්‍රීඩකයන්ට වීසා ලබාදීම අත්හිටුවනු ලැබිණ. කෙසේ වෙතත් අද පෙරවරුවේ නීතිපති හමුවීමෙන් පසුව ශ‍්‍රී ලංකා හොකී කණ්ඩායමට ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව හිමිව තිබේ.

සාග් ශ‍්‍රී ලංකා හොකී කණ්ඩායමට ක‍්‍රීඩකයෝ 18 දෙනෙක් ඇතුළත්ව වෙති. 2006 වසරේ කොළඹදී පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියෙන් ලෝකඩ පදක්කම දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට 2010 වසරේ ඩකා නුවර පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි ස්ථානයට පත්විය.

මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන ඉලක්කය අවසන් කණ්ඩායම් තුන අතරට එක්වෙමින් පදක්කමක් දිනා ගැනීම බව ජාතික හොකී පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ කෘතිම හොකී ක‍්‍රීඩා සංකීර්ණයේ දිගින් දිගටම පුහුණුවීම්වල නිරත වු ශ‍්‍රී ලංකා හොකී ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා උළෙලට හොඳ සුදානමකින් සිටින බව ද බණ්ඩාර මහතා පැවසීය. ඉන්දියාව හොකී ක‍්‍රීඩාවෙන් ප‍්‍රබල ස්ථානයක සිටින බවත්, පාකිස්තානය සහ බංග්ලාදේශය ද වර්තමාන හොකී පිටියේ දස්කම් අතර සිටින බවත් හේරත් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලංකා හොකී කණ්ඩායම මේ මස 7 වැනිදා සිට තරග සඳහා සහභාගිවේ.

 

630ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම

ටී. ඞී. රත්නසිරි, ටී. කේ. හීන්දෙණිය, අයි.කේ. ජයසුන්දර, එන්.ඞී. ද සිල්වා, ඞී.බී. දිසානායක, ඞී.එම්. විජේසිංහ, පී. කේ. හීන්දෙණිය ටී. අයි. ගුණවර්ධන ඒ. ඞී. රත්නසිරි, පී. කේ. ධර්මරත්න ඞී.එම්. බණ්ඩාර එල්.ජී වීරසුරිය, එස්. ප‍්‍රියලංක, ආර්. ඞී. කුලතුංග, එල්. එම්. නානායක්කාර, සී. ඒ. වෙලගෙදර, එස්. එන්. ගුණවර්ධන, ඒ. පි. ප‍්‍රනාන්දු

 


අදහස් (0)

වාරණය ඉවතට, හොකී පිල ඉන්දියා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.