Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උරහිසේ අස්ථියක් බිඳීයෑම නිසා මහා බ්‍රිතාන්‍යයේ වේගවත්ම පාපැදි ක්‍රීඩකයා වන මාර්ක් කැවෙන්ඩිෂ්ට මෙවර ප්‍රංශ පාපැදි සවාරියෙන් ඉවත්වීමට සිදුව තිබේ. සිවුවැනි අදියරේ අවසානය පෙනි පෙනී තිබියදී ධාවන පථය මත ඇද වැටීම නිසා ආබාධයකට ලක්වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
තෙවැනි අදියර ජයගත් ස්ලෝවැකියාවේ පීටර් සැගන් සිය වැලමිටෙන් පහරදීම නිසා කැවෙන්ඩිෂ් ධාවන පථය මත ඇද වැටී ඇති බව වාර්තා වේ. විටෙල් නගරයේ තරග නිමාව ආසන්නයේදී මෙම අනතුරට ලක්වීමත් සමග කැවෙන්ඩිෂ් රෝහල්ගත කිරීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ. ඊයේ (4 වැනිදා) පස්වරුවේ කැවෙන්ඩිෂ් නියෝනය කරන ඩිමෙන්ෂන් ඩාටා කණ්ඩායම ඔහු උරමාවක් පැලඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබූ අයුරු දැකගත හැකි විය.
මේ අතර විනය විරෝධී ක්‍රියා කලාපය හේතුවෙන් ලෝක පාපැදි ශූරයා වන ශූර පීටර් සැගන් තරගාවලියෙන් ඉවත් කිරීමට සංවිධායකයන් තීරණය කළද ඇති අතර සැගන් නියෝජනය කරන බෝරා කණ්ඩායම ඔහු වෙනුවෙන් සංවිධායකන් වෙත අභියාචනාවක් යොමු කර ඇති බව වාර්තා වේ. අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද පීටර් සැගන්ද තරගාවලියෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍යය කියයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.