Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නෙදර්ලන්තයේ කිකී බර්ටන්ස් හමුවේ ලකුණු 6-2, 6-7, 8-7ක් ලෙස පරාජයට පත්වු අමෙරිකාවේ වීනස් විලියම්ස් අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතර සිටින ක්‍රීඩිකාවන් අතරින් විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ අතරමඟදී ඉවතට විසිවූ අටවැනි ක්‍රීඩිකාව බවට පත්වූවාය. ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි තැන පසුවන 38 හැවිරිදි වීනස් මීට පෙර පස්වතාවක්ම විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනාගැනීමට සමත්වූ ක්‍රීඩිකාවකි.
මේ අතර වීනස්ගේ නැඟණිය වන සෙරීනා විලියම්ස් විම්බල්ඩන් තරගාවලියේ ඉදිරියටම යමින් සිටින්නීය.
වීනස් 26 හැවිරිදි නෙදර්ලන්ත ක්‍රීඩිකාව සමග තරගය ආරම්භ කළේ ඉතා උදාසීන අයුරිනි.
මීට පෙර 2000, 2001, 2005, 2007 සහ 2008 වසරවලදී විම්බල්ඩන් කිරුළ අමෙරිකාවට ගෙන ගිය වීනස් තම සුපුරුදු රිද්මයට පිවිසියේ දෙවැනි වටයේදිය. එහෙත් නැවත තුන්වැනි වටයේදී තරගය සියතට ගත් කිකි පැය දෙකකුත්, මිනිත්තු 40 ක් පුරා ඇදී ගිය මේ තරගයෙන් ජයගෙන සිවුවැනි වටයටත් සුදුසුකම් ලබාගත්තාය.
සිය පළමු දරු ප්‍රසූතිය වෙනුවෙන් පසුගිය වසරේ මෙම තරගාවලියට ඉදිරිපත් නොවූ සෙරීනා මෙවර තරගාවලියට ඉදිරිපත් වූයේ ශ්‍රේණිගත කිරීම් අනුව 25 වැනි ක්‍රීඩිකාව ලෙසිනි. එහෙත් මෙවර විම්බල්ඩන් තරගාවලියේදී දිනෙන් දින සාර්ථක වෙමින් ඉදිරියට යන සෙරීනා මේ වන විට තරගාවලිය ජයගනු ඇතැයි අපේක්‍ෂා කරන ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.