Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් අත් පන්දු (හෑන්ඞ් බෝල්) සංගමය සංවිධානය කළ වයස 20 න් පහළ සමස්ත ලංකා පාසල් අත් පන්දු තරගාවලියේ කුසලාන බාලක ශූරතාව දිනා ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. මැදබැද්ද මහා විද්‍යාලය කුසලාන බාලිකා ශූරතාව දිනා ගත්තේය.
කුසලාන, පළඟ සහ බඳුන ලෙස කොටස් තුනකින් ක්‍රියාත්මක වු තරගාවලියේ අවසන් මහා තරග බදාදා (22) කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කුසලාන බාලක අවසන් තරගයේදී නාලන්දා විද්‍යාලය පරදවා මොරටුව වේල්ස් කුමර විදුහල ජය ලැබීය. කොළඹ ආනන්ද විද්‍යාලය තෙවැනි ස්ථානය දිනාගත් අතර ඩී. එස්. සේනානායක විදුහල සිවු වැනි ස්ථානයට පත්විය.
මැදබැද්ද මහා විද්‍යාලය සහ බෞද්ධ කාන්තා විද්‍යාලය අතර පැවැති කුසලාන බාලිකා අවසන් තරගයෙන් මැදබැද්ද විද්‍යාලයීය කණ්ඩායම ජය ගත්තේය. ලින්ඞ්සේ බාලිකා විද්‍යාලය තෙවැනි ස්ථාන හිමිකර ගත්තේය.
සමස්ත ලංකා පාසල් අත් පන්දු තරගමාලාව (2016) ආරම්භ කරමින් පැවැති මෙම තරගාවලියේ මුලික වටයේ තරග බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම ලීග් ක්‍රමයට ඒ, බී, සී සහ ඩී කාණ්ඩ හතරක් යටතේ පැවැත්විණ.
මෙවර බාලක තරගාවලියට පාසල් 14 ක් ද, බාලිකා තරගාවලියට පාසල් 12 ක් ඉදිරිපත්ව සිටියේය.
සෙසු අවසන් තරග ප්‍රතිඵල:
පළඟ ශූරතාව
බාලක
මැදබැද්ද මහා විද්‍යාලය විසින් ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය: මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම
බාලිකා
යහපත් එඬේරාගේ කන්‍යාරාමය විසින් කොළඹ දේවි බාලිකා විද්‍යාලය පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය: ශාන්ත පාවුඵ බාලිකා මහා විද්‍යාලය
බඳුන ශූරතාව
බාලක
තර්ස්ටන් විද්‍යාලය විසින් සුභාරතී විද්‍යාලය පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය: විද්‍යා විද්‍යාලය
බාලිකා
මොරටුව වේල්ස් කුමරි විදුහල විසින් පිටිපන මහා විද්‍යාලය පරාජය කරන ලදී.
![]() |
![]() |
මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර |
මැදබැද්ද මහා විද්‍යාලය සහ බෞද්ධ කාන්තා විද්‍යාලය අතර පැවැති |
කුසලාන ශූරතාව දිනාගත් වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ... |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.