Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 100 වැනි ජාතික ටෙනිස් ශූරතාවලිය අගෝස්තු මස 7 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය කනිෂ්ට, විවෘත සහ රෝදපුටු ලෙස අංශ තුනකින් සමන්විත වේ. කණිෂ්ට අංශයේ තරග අගෝස්තු මස 7 වැනිදා 23 වැනිදා දක්වාත්, විවෘත අංශයේ සහ රෝදපුටු අංශයේ තරග 14 වැනිදා සිට 23 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය.
කණිෂ්ඨ තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 650 ක් පමණ සහභාගී වන අතර එහිදී බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම අවුරුදු 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගළ ලෙස තරග පැවැත්වේ.
විවෘත තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ යන ප‍්‍රධාන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 150 ක් පමණ සහභාගි වීමට නියමිතය. රෝදපුටු තරගාවලියට පිරිමි කේවල සහ පිරිමි යුගළ තරග පමණක් ඇතුළත් වේ.
ඉකුත් වසරේ පැවති 99 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේදී නිෂාංගන් නඩරාජා සහ මේදිරා සමරසිංහ කනිෂ්ඨ අංශයේ කේවල ශූරතා දිනාගත් අතර දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා විවෘත අංශයේ කේවල ශූරතා දිනාගත්හ.
මෙවර තරගාවලියේදී තංගරාජාට අමතරව ශාමල් දිසානායක, සංඛ අතුකෝරල, පාකිස්තාන කී‍්‍රඩකයන් වන හීරා ආෂික් සහ තන්වීර් ආෂික් වැනි කී‍්‍රඩකයන් විවෘත පිරිමි ශූරතාව දිනාගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින අතර අම්රිතා මුත්තයියාට අමතරව තිසුරි මොල්ලිගොඩ, මේදිරා සමරසිංහ, තෙවුනි දේවරාජා සහ නෙත්මි වඩුගේ වැනි කී‍්‍රඩිකාවෝ විවෘත කාන්තා ශූරතාව දිනාගැනීම සඳහා ඉදිරියෙන්ම සිටිති.
තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ප‍්‍රමුඛ පෙළේ සන්නිවේදන සමාගමක් වන භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.