Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකන් ගුවන් සේවා පිල 60-50 කින් ජයගනී

ශ්‍රී ලංකන් ගුවන් සේවා පිල 60-50 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී සෙලාන් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 60-50 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණ 36-23 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 24 ක් එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 27 ක් ලබාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 18 ක් රැස්කළ ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායමේ ඇන්ඩි්‍ර ජයකොඩි සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 43 වැනි දිනයේ පැවැති ‘සී’ කාණ්ඩායේ අවසන් පූර්ව තරගවලදී යුනියන් බැංකුව සහ මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායම පරාජය කළ අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම සහ සම්පත් බැංකුව එම කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ.


‘බී’ කාණ්ඩය
■    ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම විසින් ලකුණු 60-50 ක් ලෙස සෙලාන් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඇන්ඩෘෘ ජයකොඩි (ශ්‍රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම) - ලකුණු 18

‘සී’ කාණ්ඩය  
■    අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම විසින් ලකුණු 73-59 ක් ලෙස යුනියන් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - දිමිත්‍රි ග්‍රේබ් (අක්බාර් බ්‍රදර්ස් කණ්ඩායම) - ලකුණු 24
■    සම්පත් බැංකු කණ්ඩායම විසින් ලකුණු 48-45 ක් ලෙස මවුලානා ට්‍රැවල්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - විමුක්ති ඉලංගසිංහ (සම්පත් බැංකු කණ්ඩායම) - ලකුණු 11

 


අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවා පිල 60-50 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.