Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඕස්ට්‍රේලියානු පිලට

ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඕස්ට්‍රේලියානු පිලට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා බවට පත්ව සිටින ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්, මේ දිනවල ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාගංණයේදී පැවැත්වෙන ‘එෆ් 1 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේදී ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරග වදින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ‘එෆ් 1 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ කේවල අංශයේ සුදුසුකම් ලබාගැනීමේ වටයේදී මෙන්ම යුගළ අංශයේ මූලික වටයේදී ෆයර්බෑන්ක්ස් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරග වදියි.

‘එෆ් 1 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ කේවල අංශයේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේදී වට 2-1 ක් ලෙස (4/6, 5/1, 6/2) ඉන්දීය ක්‍රීඩක භාරත් නිෂෝක් පරාජය කිරීමට සමත් වුවද, දෙවැනි තරගයේදී තවත් ඉන්දීය ක්‍රීඩකයකු වන ප්‍රාජ්වල් දේව් හමුවේ වට 2-0 ක් ලෙස (6/2, 6/4) පරාජය වීම නිසා ෆයර්බෑන්ක්ස්ට කේවල අංශයේ මූලික වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

යුගළ අංශයේ මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකාවේ නිෂාංගන් නඩරාජා සමග එක්ව තරග වැදුණු ෆයර්බෑන්ක්ස්, එහි පළමු තරගයේදී ප්‍රංශයේ ගේබි්‍රයල් පෙටිට්ට සහ ෆ්‍රැන්කොයිස් අතර් හමුවේ තරග 2-0 (6/0, 6/2) ක් ලෙසින් පරාජය විය.

ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ශ්‍රී ලංකාවේ උපත ලබා ඕස්ට්‍රේලියාවේ වාසය කරන අයෙක් වන අතර ඔහු මේ දක්වා ශ්‍රී ලංකාවේදී පැවැති කිසිදු ටෙනිස් තරගාවලියක් සඳහා සහභාගි වී නැත.

ඩේවිස් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර සිටම ක්‍රීඩකයන් තිදෙනෙක් තෝරාගෙන තිබුණ අතර එහි සිවුවැනි ක්‍රීඩකයා සහ අතිරේක ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා තේරීම් තරගාවලියක් පැවැත්විණ.  එම තේරීම් තරගාවලියේ අවසන් අදියරේ පළමු තරගයේදී වට 2-1 ක් ලෙස (1/6, 6/2, 6/0) ලෙස නිෂාංගන් නඩරාජා හමුවේ පරාජයට පත්වූ ෆයර්බෑන්ක්ස්, දෙවැනි තරගයේදී වට 2-1 ක් ලෙස (6/3, 4/6, 6/1) අවීන්ද්‍ර පෙරේරා පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා බවට පත්විය.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඕස්ට්‍රේලියානු පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.