Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාවේ ජියොන්ජු නුවර පැවැත්වෙන 10 වැනි ආසියාතික යොවුන් දැල්පන්දු ශූරතාවලියට සහභාගි වීම සඳහා නදී ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කනිෂ්ට දැල්පන්දු කණ්ඩායම ලබන සඳුදා (මැයි මස 1දා ) අලුයම දිවයිනෙන් පිටත්ව යයි. ආසියාතික යොවුන් දැල්පන්දු පිටියේ වත්මන් ශූරියන්ද වන ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වන්නේ සිය කිරුළත්, ගෞරවයත් රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි.
වසර 2 කට වරක් පැවැත්වෙන මේ ශූරතාවලිය අවසන් වරට හොංකොං නුවර පැවැති 2015 වසරේ තරගාවලියේදී ගයනි දිසානායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත්තේ මැලේසියාව පරාජයට පත් කරමිනි. ඊට පෙර 2013 වසරේ දී බෘනායි හී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරියන් වූයේ මැලේසියාව හමුවේ පරාජය වීම හේතුවෙනි.
රටවල් 9 ක් තරග වදින ආසියාතික දැල්පන්දු ශූරතාවලියේ වැඩිම අවධානයක් හිමිවී ඇත්තේ ද ශ්‍රී ලංකාවටය. සත්කාරක දකුණු කොරියාව, චීන තායිපේ, හොංකොං, ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය, සිංගප්පූරුව සහ තායිලන්තය මෙවර ශ්‍රී ලංකාව සමග මේ තරගාවලියට ක්‍රීඩා කරති.
මෙවර තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනු ලබන්නේ පසුගිය වර ශ්‍රී ලංකාව ශූරතාව දිනූ අවස්ථාවේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තමාරා ලියනගේ මහත්මියයි.
එවර ශූරතාව දිනූ කණ්ඩායමේ සමාජිකාවක වූ, කලුතර ශූද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ආදි සිසුවියක වන නදී ප්‍රනාන්දු මෙවර නායිකාව ලෙස තරගාවලියට එක්වීම විශේෂත්වයකි. පසුගිය වර කණ්ඩායමේ සිටි සචිනි හිරුණිකාද මෙවර කණ්ඩායමට ඇතුළත්ව සිටින්නීය. කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන හෂිනි පෙරේරා ද පසුගිය වර ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලේ සාමාජිකාවකි.
මැයි මස 6 වැනිදා ආරම්භ වන මෙවර තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකාවට එහිදී හොංකොං, තායිලන්තය, මාලදිවයින සහ පාකිස්තානය ප්‍රතිවාදි කණ්ඩායම් බවට පත්වී තිබේ.
ආසියාතික යොවුන් දැල්පන්දු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
නදී ප්‍රනාන්දු (නායිකා), හෂිනි පෙරේරා (උපනායිකා), සචිනි හිරුණිකා, කවිතා රාජපක්ෂ, පූර්ණිමා ලක්ෂානි, මලීෂා රත්නායක, වී.එන්.හපුආරච්චි, නිර්මානී පෙරේරා, මන්දිරා සම්පත්, හංසිමා දිසානායක, තරුෂි ඉලංගරත්න, රෂ්මි පෙරේරා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.