Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් තරගාවලියට රටවල් 6 ක්

ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් තරගාවලියට රටවල් 6 ක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 7 වැනි ශ්‍රී ලංකා විවෘත අන්තර්ජාතික රෝදපුටු ටෙනිස් තරගාවලිය අද සහ හෙටත් (22 සහ 23) මේට්ලන්ඞ් පෙදෙස ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය ඊයේ (21) ආරම්භ විය.

ශ්‍රී ලංකාව සමග  ඕස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, කොරියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව යන රට වලින්ද කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පිරිසක් මෙම තරගාවලියට සහභාගී වෙති.

ඕස්ටේ‍්‍රලියාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 5 දෙනෙක් සහ එක් කී‍්‍රඩිකාවක්ද, දකුණු අපි‍්‍රකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 4 දෙනෙක් සහ එක් කී‍්‍රඩිකාවක්ද, ඉන්දියාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 2 දෙනෙක් සහ එක් කී‍්‍රඩිකාවක්ද, කොරියාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 3 දෙනක්ද, ඉන්දුනීසියාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 3 දෙනක්ද මෙවර තරගාවලියට එක්ව සිටිති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වන තරගකරුවන් ගණන 17 වන අතර ඉන් දෙනෙක් කි‍්‍රඩිකාවෝ වෙති.

මේ වන විට ලෝක රොදපුටු ටෙනිස් ශ්‍රේණිගතකිරීම් වල අංක 32 පසුවන ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක කීගන්  ඕචී, මෙම තරගාවලියට එක්ව සිටින ප‍්‍රබලතම කී‍්‍රඩකයා ලෙස හැදින්විය හැකිය. ශ්‍රේණිගතකිරීම් අනුව අංක 37 පසුවන සාරා කැල්ටි තරගාවලියට එක්ව සිටින ප‍්‍රබලතම කී‍්‍රඩිකාව ලෙස හැදින්විය හැකිය.

කෙසේ වෙතත් ශ්‍රේණිගතකිරීම් වල අංක 39 පසුවන දකුණු අපිකානු කී‍්‍රඩක ලියෝන් එල්ස්ගෙන් සහ අංක 48 පසුවන තන්ඩෝ ලට්සවායෝගෙන්, තරගාවලිය පුරා කීගන්  ඕචීට සහ සාරා කැල්ටිට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා අංක එකේ රොදපුටු ටෙනිස් කී‍්‍රඩක යුගලය වනගාමිණි දිසානායක සහ උපාලි රාජකරුණා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම බලාපොරාත්තුව බවට පත්ව සිටිති.

 


අදහස් (0)

ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් තරගාවලියට රටවල් 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.