Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකාව 3-0 කින් ‍‍සෞදි අරාබිය පරදවයි

ශ්‍රී ලංකාව 3-0 කින් ‍‍සෞදි අරාබිය පරදවයි

Nisanka Sandeepani - 2018 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බී.එන්.පී පරිබාස් කනිෂ්ඨ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකදී සෞදි ආරාබියට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. 
 
ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමත්විත වූ අතර එම තරග 3 ම ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
 
එහිදී මුහම්මද් ඇලොබයිඩන්ට එරෙහිව පැවැති පළමු කේවල තරගය වට 2-1 ක් ලෙස ජයගැනීමට සමත් වූ කවීෂ රත්නායක, තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණුට ගෙන ආවේය. දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස අබ්දුල්ලා තව්ෆීක් පරාජය කළ චාතුර්ය නිලවීර, තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේය. 
 
දෙරට අතර පැවැති යුගළ තරගයේදී මුහම්මද් ඇලොබයිඩන්ට සහ අබ්දුල්ලා තව්ෆීක්ට එරෙහිව චාතුර්ය නිලවීර සහ කවීෂ රත්නායක තරග වැදුණ අතර වට 2-1 ක් ලෙස එම තරගයේ ජය හිමි වූයේද ශ්‍රී ලංකාවටය. ඒ අනුව සමස්ත තරගයෙන් 3-0 ක පූර්ණ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. 
 
තරග ප්‍රතිඵල 
 
කවීෂ රත්නායක විසින් වට 2-1 ක් ලෙස මුහම්මද් ඇලොබයිඩන් පරාජය කරන ලදි. 
චාතුර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස අබ්දුල්ලා තව්ෆීක් පරාජය කරන ලදි. 
කවීෂ රත්නායක සහ චාතුර්ය නිලවීර විසින් වට 2-1 ක් ලෙස මුහම්මද් ඇලොබයිඩන් සහ අබ්දුල්ලා තව්ෆීක් පරාජය කරන           ලදහ. 

අදහස් (0)

ශ්‍රී ලංකාව 3-0 කින් ‍‍සෞදි අරාබිය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.