Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශ්‍රී ලංකාවට රන් පදක්කම් 04ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 04ක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන අද (6) දිනයේ ක‍්‍රීඩා ඉසව් අවසානයේදී ඉන්දියාව රන් පදක්කම් 14 ක් දිනා පළමු ස්ථානයේ සිටියි. ශ‍්‍රී ලංකාව රන් පදක්කම් හතරක් දිනා දෙවැනි ස්ථානයේ සිටින අතර පාකිස්තානය රන් පදක්කමක් පමණක් ලබා තෙවැනි ස්ථානයේ පසුවේ.

ශ‍්‍රී ලංකාව අද දිනයේ දිනාගත් රන් පදක්කම් හතරෙන් තුනක්ම පිහිනුම් ක‍්‍රීඩා ඉසව්වන්ගෙන් හිමි විය. ඉන් රන් පදක්කම් දෙකක්ම දිනාගනිමින් පිහිනුම් ශූර මැතිව් අබේසිංහ විශිෂ්ට දස්කම් දැක්වීය. මැතිව්, මීටර 100 සමනළ ආර ඉසව්වෙන් සහ මීටර 200 නිදහස් ආර ඉසව්වෙන් මෙම රන් පදක්කම් දිනා ගත්තේය.

ශ‍්‍රී ලංකා පිහිනුම් පිරිමි කණ්ඩායම මීටර 100x4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වෙන් ද රන් පදක්කම දිනා ගත්තේය.

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ ශූර සුදේශ් පීරිස් කිලෝග‍්‍රෑම් 62 බර පංතියේ රන් පදක්කම දිනා ශ‍්‍රී ලංකාවට සිවුවැනි රන් පදක්කම හිමිකර දුන්නේය. මීට අමතරව පිහිනුම් තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වුහ. බර ඉසිලීමේ ක‍්‍රීඩාවෙන් අද දිනයේ ශ‍්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් තුනක් හිමිවිය.

මල්ලවපොර තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම් දෙකක් සමග ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත්හ.

ජනක හේමන්ත කුමාර, කාලය මැන බැලීමේ පිරිමි පාපැදි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ලැබීය. ශ‍්‍රී ලංකාව සමස්තයක් ලෙස පදක්කම් 21 දිනා සිටින අතර ඉන්දියාව දිනා ඇති සමස්ත පදක්කම් ගණන 19 කි.

 

රට   රන්  රිදී  ලෝකඩ  එකතුව
ඉන්දියාව 14 5 0 19
ශ්‍රී ලංකාව  4 10 7 21
පාකිස්තානය  1 2 3 6
බංග්ලාදේශය  0 1 8 9
නේපාලය  0 1 2 3
ඇෆ්ගනිස්තානය  0 0 1 1

 

- 090 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 04ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.