Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවෝ ඇමරිකාව පරදවති

ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවෝ ඇමරිකාව පරදවති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සිංගප්පූරුවේදී පැවැත්වෙන සයකොන් දැල්පන්දු තරගාවලියේදී අද (2 වැනිදා) පැවැති තරගයකදී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 67 - 37 කින් පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.


සිංගප්පූරුවේ තා ඕ පායෝ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් තර්ජිනී සිවලිංගම් ලකුණු 55 ක් ලබාගත් අතර ඉතිරි ලකුණු 12 ම ලබාගැනීමට සේමිණි ද අල්විස් සමත් වූවාය. තරගය පුරාම ඉදිරියෙන් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු, දෙවැනි, තුන්වැනි කාර්තු සහ තරගය අවසන් වන විට පිළිවෙලින් ලකුණු 14 - 10, ලකුණු 35 - 20, ලකුණු 50 - 30 සහ 67 - 37 ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය.


මෙම තරගවලියේදීම ඊයේ (1 වැනිදා) පැවති තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 76 - 52 ක පහසු ජයක් ලබා ගැනීමට පැපුවා නිව්ගීනියානු කණ්ඩායම සමත් විය. එම තරගයේ කාර්තු හතරේදී ලකුණු 21-13, ලකුණු 38-30, ලකුණු 57-43 සහ ලකුණු 76-52 ක් වශයෙන් සමස්ථ තරගයේදීම පැපුවා නිව්ගිනියානු කණ්ඩායම ඉදිරියෙන් සිටියේය.


අන්තර් ජාතික දැල්පන්දු කණ්ඩායම් ශේණිගත කිරීම අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම 28 වැනි ස්ථානයේද පැපුවා නිව්ගිනියානු කණ්ඩායම 17 වැනි ස්ථානයේද සිටී.


තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී සිංගප්පූරු කණ්ඩායම විසින් අයර්ලන්ත කණ්ඩායම පරාජය කරන ලදි.
ශී‍්‍ර ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය හෙට (3 වැනිදා) පැවැත්වේ.


අදහස් (0)

ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවෝ ඇමරිකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.