Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘බි. එන්. පී. පරිබාස්’ ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ (II වැනි කොටසේ) ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර පැවැති තරගාවලියෙන් තරග 32 ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකාව සමත්විය.
තරගාවලියේ පළමු දිනයේ කේවල තරග 2 ක් පැවැති අතර එහිදී තරග වට 3-0 ක් ලෙස දිනේෂ් කාන්තන් තංගරාජා පරාජය කළ දෝ මින් කුවාන්ද, තරග වට 3-0 ක් ලෙස ගුයේන් හොවාන් තියේන් පරාජය කළ හර්ෂණ ගොඩමාන්නද ජය වාර්තා කළහ. ඒ අනුව පළමු දිනය අවසන් වන විට දෙපිලම 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවූහ.
දෙවැනි දිනයේදී යුගල තරගය පැවැති අතර එහිදී හර්ෂණ ගොඩමාන්න සහ ශාමල් දිසානායක එක්ව තරග වට 3-0 ක් ලෙස එල්. කියු. ඛාන් සහ දෝ මින් කුවාන් පරාජය කරමින් තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්වූහ.
තෙවැනි දිනයේදී පැවැති පළමු කේවල තරගයෙන් ශාමල් දිසානායක පරදවා තරග වට 3-0 ක ජයක් වාර්තා කිරීමට ගුයේන් හොවාන් තියෙන් සමත්වීමත් සමග නැවත වරක් තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්විය.
ඒ අනුව තෙවැනි දිනයේ පැවැති දෙවැනි සහ අවසන් කේවල තරගය ඉතාමත් තීරණාත්මක තරගයක් බවට පත්වූ අතර එහිදී තරග වට 3-0 ක් ලෙස දෝ මින් කුවාන් පරාජය කළ හර්ෂණ ගොඩමාන්න, ශ්‍රී ලංකාවට මේ වසරේ ලද පළමු ඬේවිස් කුසලාන ටෙනිස් ජය අත් කරදුන්නේය.
තරග ප‍්‍රතිඵල
පළමු දිනය -
දෙවැනි දිනය -
තෙවැනි දිනය -
ඡයාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.