Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාවට අනතුරු ඇගවීමක්

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාවට අනතුරු ඇගවීමක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු ජාතික කී‍්‍රඩා සම්මේලන ගණනාවකට ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා පනතින් දැඩි බලපෑම් එල්ලවී තිබෙන බවත් එම තත්ත්වය මගහැරවීමට හැකි ඉක්මනින් පියවරක් නොගතහොත් අන්තර්ජාතික කී‍්‍රඩා සංගම් විසින් ඊට සුදුසු පියවර ගනු ලැබීමට ඉඩ ඇති බවත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

ස්විට්සර්ලන්තයේ ලූසෑන් නුවර පිහිටි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානයේ, ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා අධ්‍යක්‍ෂක, පියරේ මීරෝ මහතාගේ සහ ආසියානු ඔලිම්පික් සංගමයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක හුසේන් අල් මුසලාම් යන මහත්වරුන්ගේ අත්සනින් යුත් මෙම ලිපිය කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.

මේ වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා දාතමින් යුත් මෙම ලිපියේ පිටපත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ එවකට හිටපු සභාපති ජැක් රොගී, ආසියානු ඔලිම්පික් සංගමයේ සභාපති ෂෙයික් අහමඞ් අල් ෆහාඞ්, ගිම්හාන ඔලිම්පික් කී‍්‍රඩා සංගම් සම්මේලනයේ සභාපති ෆ‍්‍රැන්සෙස්කෝ රිකී බිටී යන මහත්වරුන්ට මෙන්ම ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවටත්, සෑම කී‍්‍රඩාවකම අන්තර්ජාතික සම්මේලන වෙතටත් යවනු ලැබ ඇත.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා අධ්‍යක්‍ෂක, පියරේ මීරෝ මහතාගේ ලිපියේ මෙසේද සටහන් වේ.

”පසුගිය වසර කීපය තුළ, ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවද සමග, ඔබ ආණ්ඩුවේ අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අපගේ බරපතල කණස්සල්ල නිල නොවන අයුරින් සහ වඩාත් ආචාරශීලීවත් දැනුම් දීමට උත්සාහ කළේ එය ප‍්‍රමාණවත් වන්නේ යැයි බලාපොරොත්තුවෙනි. අප අදහස් කරන්නේ ඔබගේ රජයේ නියෝජිතයන් සමග 2010 ඔක්තෝබර් මාසයේදී මෙක්සිකෝවේ ඇකැපුල්කෝ නුවරදී (රජයේ නියෝජිතයන් සමග ජගත් ක‍්‍රීඩා සමුළුව පැවති අවස්ථාවේ) හා 2012 නොවැම්බර් මාසයේදී මැකාවෝහිදී ආසියාවේ ඔලිම්පික් මණ්ඩලයේ මහා සභා රැස්වීම පැවති අවස්ථා ගැනය”

”අවාසනාවකට මෙන් ඒ සියලූ ප‍්‍රයත්නයන් නොසලකා හැර ඇති බව පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරය තවදුරටත් ඉතා දුෂ්කර තත්ත්වයක සිටින හෙයිනි”

”ඔබ දන්නා පරිදි දැනට පවතින ක‍්‍රීඩා පනත ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරයට අයත් සංවිධානවල ස්වාධීනත්වයට විශාල වශයෙන් බලපාන නිසා එය ඔලිම්පික් ප‍්‍රඥප්තියේ මූලධර්මයකට පටහැණිය”

”අප අංක 25 දරණ ක‍්‍රීඩා නීතිය විශේෂයෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන වගන්ති 18 සිට 21 දක්වාත් ජාතික ක‍්‍රීඩා සම්මේලනවලට අදාළ III කොටසත්, මෙන්ම ඉන්පසුව නිකුත් කරන ලද රෙගුලාසිත් සැලකිල්ලෙන් පරික්ෂා කළෙමු. මෙම ප‍්‍රතිපාදන ගණනාවක් ඔලිම්පික් ප‍්‍රඥප්තිය හා ඔලිම්පික් ව්‍යාපාරයේ මූලධර්මවලට නොගැලපෙන බව පැහැදිලිය” යයිද එම ලිපියේ සටහන් වේ.

”මෙම තත්ත්වය වහාම නිවැරදි කිරීමට නිශ්චිතව හා උනන්දුවෙන් පියවර නොගන්නේ නම් අන්තර් ජාතික ක‍්‍රීඩා ආයතන සුදුසු පියවර ගන්නා අතර එවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක‍්‍රීඩා තරඟාවලි සඳහා සහභාගිවීම පිළිබඳව ගැටළු මතු කරනු ඇත”

”මතුවී ඇති සියලූ ගැටළු වගකීමෙන් යුතුව විසඳා ගැනීමටත් ඔබගේ රටේ ක‍්‍රීඩා සහ ක‍්‍රීඩකයන්ගේ යහපත සඳහාත් අන්‍යෝන්‍ය අවබෝධය ගරුත්වය හා විශ්වාසය පදනම්වූ හවුල්කාරිත්වයක් සඳහාත් ඵලදායි සම්බන්ධතාවයක් ස්ථාපනය කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සම්මේලන සමග අදාළ රජයේ බලධාරීන්ට සාකච්ඡ කළ හැකියැයි විශ්වාස කරමු”

”අපි ඔබගේ කඩිනම් ප‍්‍රතිචාරයත් මෙම තත්ත්වය ඉක්මණින් විසඳීමට ඔබගේ යොමුවීම හා සැලැස්ම අපේක්ෂා කරමු. ඒ අතරතුර ඔබට කිසියම් පැහැදිලි කිරීමක් හෝ සහායක් අවශ්‍ය වන්නේ නම් ඒ සියල්ල ලබාදීමට හැමවිටම අපි සූදානමින් සිටිමු” යයිද එම ලිපියේ සටහන් වේ.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩාවට අනතුරු ඇගවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.