Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් ‘ඒ‘ කාණ්ඩයේ ශූරිය සුවිනීතා

ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් ‘ඒ‘ කාණ්ඩයේ ශූරිය සුවිනීතා

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගොල්ෆ් ක්ලැසික් තරගාවලියේ ඒ කාණ්ඩයේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකා සුවනීතා සෙල්වරත්නම් සමත් වූවාය. ස්ටේබල් ෆෝඞ් ක‍්‍රමයට පැවැති තරගයේ පිරිමි සමස්ත ශූරතාව දිනාගැනීමට මලයාසියාවේ ආර්. සුබ‍්‍රමනියම් ශෂිකුමාර් (ලකුණු 64)  සමත් වූ අතර කාන්තා සමස්ත ශූරතාව ක්වීන් ඇමී (ලකුණු 50) සමත්වූවාය.

තරගාවලියේ ‘දීර්ඝතම එළවුම් පහර’ ජයග‍්‍රහකයා ලෙස හායි කුන්යු ස්ටීවන් සම්මාන දිනාගත් අතර ‘ඉලක්කයට ආසන්නතම පහර’ ජයග‍්‍රහකයා ලෙස සියැං ජුන් බෝ සම්මාන දිනාගත්තේය.
ඒ, බී සහ සී ලෙස කාණ්ඩ 3 ක් යටතේ තරගාවලියේ පිරිමි තරග පැවති අතර කාන්තා තරග ඒ සහ බී ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්විණ.

ඒ කාණ්ඩයේ පිරිමි ශූරතාව ලකුණු 74 ක් ලබාගත් මලයාසියාවේ ලී කිම් ලියෝ දිනාගත් අතර සී කාණ්ඩයේ පිරිමි අනු ශූරතාව ශ්‍රී ලංකාවේ රංජිත් කුමාර නාගලිංගම් සතුවිය.

 

තරග ප‍්‍රතිඵල

සමස්ත පිරිමි ශූරතාව
ආර්. සුබ‍්‍රමනියම් ශෂිකුමාර් (මලයාසියාව) - ලකුණු 64

සමස්ත කාන්තා ශූරතාව
ක්වීන් ඇමී - ලකුණු 50

දීර්ඝතම එළවුම් පහර
හායි කුන්යු ස්ටීවන්

ඉලක්කයට ආසන්නතම පහර
සියැං ජුන් බෝ

පිරිමි ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - ලී කිම් ලියෝ (මලයාසියාව) - ලකුණු 74
අනුශූරතාව - හායි කුන්යු ස්ටීවන් - ලකුණු 72

පිරිමි ‘බී’ කාණ්ඩය
ශූරතාව - සියැං ජූ සු ඕ (චීනය) - ලකුණු 91
අනුශූරතාව - ලී යුඒඩා (චීනය) - ලකුණු 83

පිරිමි ‘සී’ කාණ්ඩය
ශූරතාව - ඕර් බෙන් බින් කිං (හොං කොං) - ලකුණු 73
අනුශූරතාව - රංජිත් කුමාර නාගලිංගම් (ශ්‍රී ලංකාව) - ලකුණු 68

කාන්තා ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - සුවිනීතා සෙල්වරත්න
ම් (ශ්‍රී ලංකාව) - ලකුණු 68
අනුශූරතාව - නීටු අග්රවාල් (ඉන්දියාව) - ලකුණු 67

කාන්තා ‘බී’ කාණ්ඩය
ශූරතාව - වීරා සිං (ඉන්දියාව) - ලකුණු 71
අනුශූරතාව - චැ ඕන්ග් පිට් කූ (මලයාසියාව) - ලකුණු 67

 

-036


අදහස් (0)

ශී‍්‍ර ලන්කන් ගොල්ෆ් ‘ඒ‘ කාණ්ඩයේ ශූරිය සුවිනීතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.