Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශූරතා ද්විත්වයම උතුරු මැද පළාතට

ශූරතා ද්විත්වයම උතුරු මැද පළාතට

Nisanka Sandeepani - 2018 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම තමන් සතු කරගැනීමට රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් උතුරු මැද පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 
 
මෙවර තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 16 ක් බිහි වූ අතර ඉන් වාර්තා 7 කටම හිමිකම් කීමටද උතුරු මැද පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී බස්නාහිර, උතුරු සහ දකුණු පළාත් ක්‍රීඩිකාවෝ වාර්තා 3 බැගින් පිහිටවූහ. 
 
පිරිමි කාන්ඩයේදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් උතුරු මැද පළාත් කණ්ඩායම, කාන්තා කාණ්ඩයේදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය. 
 
පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි අනු ශූරතාව හිමිකර ගැනීමට රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය. එහිදි බස්නාහිර පළාත් කණ්ඩායම කාන්තා අනු ශූරතාව හිමිකර ගත්තේ රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමිනි.  
 
රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් වයඹ පළාත් කණ්ඩායම පිරිමි කාණ්ඩයේ තෙවැනි ස්ථානයටත්, රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් දකුණු පළාත් කණ්ඩායම කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානයටත් පත්වූහ. 
 
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස උතුරු මැද පළාතේ තිලංක විරාජ් පලගසිංහ සම්මාන දිනාගත්ය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ බස්නාහිර පළාතේ හංසනී ගෝමස්ය.  
 
තරගාවලියේදී බිහිවූ නව ශ්‍රී ලංකා වාර්තා 
 
කිලෝ ග්‍රෑම් 85 (පිරිමි) බර පංතිය යටතේ උතුරු මැද පළාතේ චින්තන ගීතාල් විදානගේ ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 131 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 169 ක්ද සමග කිලෝ ග්‍රෑම් 300 ක මුළු බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදි. 
 
කිලෝ ග්‍රෑම් 62 (පිරිමි) බර පංතිය යටතේ උතුරු මැද පළාතේ තිලංක විරාජ් පලගසිංහ ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 125 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 156 ක්ද සමග කිලෝ ග්‍රෑම් 281 ක මුළු බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවන ලදි. 
 
කිලෝ ග්‍රෑම් 48 (කාන්තා) බර පංතිය යටතේ බස්නාහිර පළාතේ හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 71 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 87 ක්ද සමග කිලෝ ග්‍රෑම් 158 ක මුළු බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවන ලදි. 
 
කිලෝ ග්‍රෑම් 63 (කාන්තා) බර පංතිය යටතේ උතුරු පළාතේ වී. අර්ෂිකා ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 76 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 97 ක්ද සමග කිලෝ ග්‍රෑම් 173 ක මුළු බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවන ලදි. 
 
කිලෝ ග්‍රෑම් 90 (කාන්තා) බර පංතිය යටතේ දකුණු පළාතේ බී.සී. ප්‍රියන්ති ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 75 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 95 ක්ද සමග කිලෝ ග්‍රෑම් 170 ක මුළු බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවන ලදි. 
 
 
 
 
කිලෝ ග්‍රෑම් 90 ට වැඩි (කාන්තා) බර පංතිය යටතේ උතුරු මැද පළාතේ පී.ජේ. හපුතැන්න ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 83 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 107 ක්ද සමග කිලෝ ග්‍රෑම් 190 ක මුළු බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවන ලදි. 
 
in-1  

අදහස් (0)

ශූරතා ද්විත්වයම උතුරු මැද පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.