Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ශූරයා දිනේෂ් : ශූරිය හංසනී

ශූරයා දිනේෂ් : ශූරිය හංසනී

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ 71 වැනි ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ දිනේෂ් කවිෂ්කද, බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාද සමත් වූහ.

වයස 18 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ පරාජය කරමින් දිනේෂ් කවිෂ්ක එම ශූරතාවට හිමිකම් කීවේය. හංසනී පියුමිලා එම ශූරතාවට හිමිකම් කීවේ බාලිකා වයස 18 න් පහළ කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කරන්දෙණිය මැදි විදුහලේ මනීෂා ශලින්දි පරාජය කරමිනි.

කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ සොහොයුරන් එක්ව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුණ වරුසවිතාන සහ ළහිරු තරංග පරාජය කරමින් බාලක යුගල ශූරතාව දිනාගත්හ. කොළඹ මහාමායා විදුහලේ තනුෂි රොද්‍රිගූ සහ ඔචිනි දිසානායක බාලිකා යුගල ශූරතාවට හිමිකම් කීවේ කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා සහ නතාෂා සඳවිනී පරාජය කරමිනි.

තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමට මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ චන්දූප අලහකෝන් සහ මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දී බණ්ඩාර සමත් වූ අතර එම ඉසව්වේ අවසන් මහ තරගයේදී ඔවුන් හමුවේ නුගේගොඩ ලයිසියම් විදුහලේ දෙව්මිත් වීරසේන සහ අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විදුහලේ ඩිල්මි කොළඹගේ පරාජයට පත්වූහ.

මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 කට අධික පිරිසක් සහභාගී වූහ. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජනක ධර්මකීර්ති මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

 


තරග ප්‍රතිඵල (බාලක)

වයස 10 න් පහළ කේවල
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ශෆියුල්ලා අක්‍රම් (අල් හුදා ජාතික පාසල) පරාජය කරන ලදි. (11/05, 05/11, 11/07, 03/11, 11/09)

වයස 12 න් පහළ කේවල
සෙනුර දිලංක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ආකේෂ් දිල්මන්ත (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/05, 08/11, 11/08)

වයස 15 න් පහළ කේවල
හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (10/12, 11/07, 11/08, 11/09)

වයස 18 න් පහළ කේවල
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/04, 07/11, 11/04)

වයස 18 න් පහළ යුගල
නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හිරුණ වරුසවිතාන සහ ළහිරු තරංග (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදහ. (09/11, 11/09, 13/15, 11/09, 11/09)


තරග ප්‍රතිඵල (බාලිකා)

වයස 10 න් පහළ කේවල  
එස්මිනි සඳුන්‍යා (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ලෙසන්‍යා සිතුම්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/09, 11/04)

වයස 12 න් පහළ කේවල  
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල)  පරාජය කරන ලදි. (11/03, 11/09, 11/09)

වයස 15 න් පහළ කේවල  
ඩිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/09, 11/03)

වයස 18 න් පහළ කේවල  
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස මනීෂා ශලින්දි (කරණ්දෙනිය මැදි විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/03, 11/07)

වයස 18 න් පහළ යුගල
තනුෂි රොද්‍රිගූ සහ ඔචිනි දිසානායක (කොළඹ මහාහායා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හංසනී පියුමිලා සහ නතාෂා සෙනෙවිරත්න (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදහ. (09/11, 07/11, 11/08, 11/09, 11/08)

වයස 18 න් පහළ මිශ්‍ර යුගල
චන්දූප අලහකෝන් (මහනුවර හිල්වුඞ් විදුහල) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) සහ ඩිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදහ. (11/08, 07/11, 11/07, 11/05)

 


අදහස් (0)

ශූරයා දිනේෂ් : ශූරිය හංසනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.