Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් මහ ඇමැති ‘ඉසුරු දේවප්‍රිය’ අභියෝග ශූරතා සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන සමත් විය.
විවෘත කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ මුතුමාලි ප්‍රියදර්ශනී විසිනි.
විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 4-2 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහලේ පී. ඩී. යූ. තෙන්නකෝන් පරාජය කරමින් රොහාන් සිරිසේන ශූරතාව දිනාගත් අතර මුතුමාලි ප්‍රියදර්ශනී ශූරතාවට හිමිකම් කීවේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 4-0 ක් ලෙස අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ රුවිනි කන්නංගර පරාජය කරමිනි.
එහිදී ද්විත්ව ශූරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දස්කම් දැක්වීමට නිමේෂ් රාංචාගොඩ (වයස 21 න් පහළ බාලක සහ විවෘත මිශ්‍ර යුගල) සහ රුවිනි කන්නංගර (විවෘත කාන්තා යුගල සහ විවෘත මිශ්‍ර යුගල) සමත් වූහ.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලය වසර 102 ක් පිරීම නිමිත්තෙන් විදුහලේ 82 ආදි ශිෂ්‍ය කණ්ඩායම, බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කළ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා සහභාගි විය.
තරග ප්‍රතිඵල (බාලක)
■ වයස 10 න් පහළ කේවල
එම්. ශෆියුල්ලා (මහනුවර අල් උදා ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-1 ක් ලෙස සංකලන ආරියරත්න (කෑගලු විද්‍යාලය) පරාජය කරන ලදි. (11/09, 07/11, 11/07, 13/11)
■ වයස 12 න් පහළ කේවල
හසිඳු රොද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (06/11, 11/07, 04/11, 11/07, 13/11)
■ වයස 15 න් පහළ කේවල
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-1 ක් ලෙස චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/07, 11/13, 11/07, 14/12)
■ වයස 18 න් පහළ කේවල
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස පී. ඩී. යූ. තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (04/11, 11/08, 08/11, 13/11, 11/07)
■ වයස 21 න් පහළ කේවල
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (මාස් ඉන්ටිමේට් සමාගම) පරාජය කරන ලදි. (09/11, 11/06, 10/12, 11/04, 11/08)
තරග ප්‍රතිඵල (බාලිකා)
■ වයස 10 න් පහළ කේවල
ෆාතිමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස සිත්මි සේයා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/05, 11/07)
■ වයස 12 න් පහළ කේවල
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/06, 09/11, 11/07)
■ වයස 15 න් පහළ කේවල
සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (06/11, 11/04, 11/03, 11/03)
■ වයස 18 න් පහළ කේවල
තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (15/13, 13/11, 06/11, 11/05)
■ වයස 21 න් පහළ කේවල
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/07, 11/07, 11/07)
තරග ප්‍රතිඵල (විවෘත)
■ විවෘත පිරිමි කේවල
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 4-2 ක් ලෙස පී. ඩී. යූ. තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (11/06, 05/11, 11/06, 11/05, 05/11, 11/08)
■ විවෘත පිරිමි යුගල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට් සමාගම) විසින් තරග වට 3-1 ක් ලෙස රසික මනෝජ් සහ සජිත් කාවින්ද (යුද හමුදාව) පරාජය කරන ලදි. (07/11, 11/07, 11/08, 11/06)
■ විවෘත කාන්තා කේවල
මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් තරග වට 4-0 ක් ලෙස රුවිනි කන්නංගර (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) පරාජය කරන ලදි. (11/06, 11/08, 11/04, 11/04)
■ විවෘත කාන්තා යුගල
බුද්ධීපනී රාජගුරු (ආසියානු ශාන්තිකර කලාපීය තොරතුරු තාක්ෂණ ආයතනය) සහ රුවිනි කන්නංගර (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) විසින් තරග වට 3-0 ක් ලෙස හංසනී පියුමිලා සහ චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/09, 11/06)
■ විවෘත මිශ්‍ර යුගල
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ රුවිනි කන්නංගර (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) විසින් තරග වට 3-1 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (මාස් ඉන්ටිමේට් සමාගම) සහ බුද්ධීපනී රාජගුරු (ආසියානු ශාන්තිකර කලාපීය තොරතුරු තාක්ෂණ ආයතනය) පරාජය කරන ලදි. (09/11, 11/04, 11/07, 11/06)
විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත් රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය)
විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත් අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ මුතුමාලි ප්‍රියදර්ශනී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.