Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිඞ්නි’ නුවරදී ඊයේ (16) නිමාවට පත්වූ 14 වැනි ලෝක දැල්පන්දු ශූරතාවලියේ දී සහභාගි වූ තරග අටෙන්ම ඉතා අවාසනාවන්ත අයුරින් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව එහිදී අවසන් (16) වැනි ස්ථානය ලැබීය.
රටවල් 16 ක් තරග වැදුණු මෙවර ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පෙරේදා හා ඊයේ (15 සහ -16) සිය අවසන් ශ්‍රේණිගත තරග දෙකට සහභාගි වෙමින් සැම්බියාව හමුවේ ලකුණු 70-36 ක් ලෙසත් සිංගප්පූරුව හමුවේ ලකුණු 52-32 ක් ලෙසත් පරාජයට පත්විය.
ආසියාවේ දැල්පන්දු ශූරියන් වන සිංගප්පූරුව හමුවේ මෙවර ලෝක ශූරතාවලියේදී මුණගැසුණු අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීය. මූලික වටයේදී සිංගප්පූරුවට ලකුණු 13 කින් පරාජය වුවත් ඊයේ ශ්‍රේණිගත තරගයේදී ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පරාජය ලකුණු 20 කින් වාර්තා වී තිබේ.
සිංගප්පූරුවට එරෙහිව පෙරේදා තරගයේදී වට හතරේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 8-16, 04-20, 09-13 සහ 11-10ක් ලෙසිනි. සැම්බියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු සටහන් වූයේ 17-13, 16-09, 20-08 සහ 17-06 ක් ලෙසිනි.
සැම්බියාව පෙරේදා ශ්‍රේණිගත කිරීමේ තරගය ඉතා පහසුවෙන් ජය ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය පිළිබඳව ‘සිඞ්නි’ නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙන ශ්‍රී ලංකා පුහුණුකාරිනී දීප්ති අල්විස් මහත්මිය පවසා ඇත්තේ මාස දෙකක් වැනි කෙටි කාලයක් පමණක් පුහුණුවීම් කළ නවක කී‍්‍රඩිකාවන් බහුතරයකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අවසන් තරග කීපයේදී යම් ප‍්‍රගතියක් පළවූ බව තමන් විශ්වාස කරන බවයි.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක ශූරතාවලියේදී ලද අන්ත පරාජය පිළිබඳව අදහස් දක්වන ඇතැම් දැල්පන්දු ප‍්‍රවීණයන් පෙන්වා දෙන්නේ ආසියාවේ දැල්පන්දු කිරුළ යළි දිනාගැනීමට උත්සාහ දරමින් සිටින අවස්ථාවක ලෝක ශූරතාවලියේදී දෙවතාවක්ම සිංගප්පූරුවට පරාජයවීම තුළ ශ්‍රී ලංකාවේ දැල්පන්දු කී‍්‍රඩාවේ පරිහානියක් පෙන්නුම් කරන බවය.
සැම්බියාව හා සිංගප්පූරුවට එරෙහිව පැවති අවසන් තරග දෙකටම ආබාධ තත්ත්වයක් හේතුවෙන් නායිකා සේමිනි අල්විස් සහභාගි නොවූ බව වාර්තාවේ.
කෙසේ වුවත් මෙවර ලෝක ශූරතාවලියේ තරග අවස්ථාවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන්ගේ ආදේශ කිරීම් හා ඔවුන්ගේ පිටියේ කී‍්‍රඩා කරන ස්ථාන නිරතුරුවම වෙනස් කිරීමට පුහුණුකාරිනිය කටයුතු කළ අතර එය මේ වනවිට දැල්පන්දු කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබෙන බවද වාර්තා වේ.
කෙසේ වුවත් මෙවර තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක කී‍්‍රඩිකාවන් බහුතරයක් අසාර්ථක වූ අතර ප‍්‍රවීණ කී‍්‍රඩිකාවන් වන තිසාලා අල්ගම හා උප නායිකා ගයානි දිසානායකගේ දස්කම් වඩාත් කැපී පෙනිණ.
ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ නවක කී‍්‍රඩිකාවක් වන නිරෝෂණී පායිවා එක් තරගයකදී විනාඩි කිහිපයකට පමණක් ආදේශ කී‍්‍රඩිකාවක් ලෙස කී‍්‍රඩා කළත් ඇයට වෙනත් කිසිදු තරගයකට සහභාගි වීමේ අවස්ථාව උදානොවීම කැපී පෙනේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකා පුහුණුකාරිනියට අනුව තිසාලා අල්ගම වැනි ප‍්‍රවීණ කී‍්‍රඩිකාවන් මෙවර ලෝක ලෝක ශූරතාවලියේදී ප‍්‍රමාණවත් දස්කම් දැක්වීමට අපොහොසත්වී සිටීමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දරුණු කඩාවැටීමට හේතුවක් වූ බව පෙන්වා දී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවට ද යෝජනාවී තිබුණු චතුරාංගනී ජයසූරියට බොහෝ තරගවලදී පිටියේ වැඩි කාලයක් ගතකිරීමට ඉඩ නොලැබීම පිළිබඳව ඇය කණස්සල්ල පළකර සිටි බවද සිඞ්නි නුවරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
14 වැනි ලෝක දැල්පන්දු ශූරතාවලියේ ඊයේ පැවති අවසන් මහ තරගයෙන් හිටපු ශූරියන් වන ඕස්ටේ‍්‍රලියාව විසින් නවසීලන්තය පරදා (58-55) ලකුණු තුනක තියුණු ජයක් ලැබීය. තරගයේ තෙවැනි ස්ථානය එංගලන්තයට හිමිවිය.
අවසන් වරට පැවැත දැල්පන්දු ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව පමණක් පරාජය කළ අතර එහිදී රටවල් 16 න් 14 වැනි ස්ථානය ලැබීය.
මෙවර පරාජයත් සමග ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තවත් පහළට වැටෙන අතර ඔවුන් සිඞ්නි ලෝක ශූරතාවලියට සහභාගි වනවිට එම ශ්‍රේණිගත කිරීමේ 22 වැනි ස්ථානයේ පසුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.