Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මස එංගලන්තයේ බර්මින්හැම් හී පැවැත්වීමට නියමිත ඒගන් ක්ලැසික් ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරිමට රුසියාවේ සුපිරි ක්‍රීඩිකා මරියා ෂරපෝවාට වයිල්ඞ් කාඞ්පතක් (සංවිධායකයන්ගේ කැමැත්ත පරිදි අවසන් මොහොතේදී තරගාවලියට ඇතුළත් වීමේ අවසර පත්‍රය) ලබාදීමේ සූදානමක් පවතී. තරගාවලිය මෙහෙයවන ලෝන් ටෙනිස් සංගමයේ නිලධාරීන් සහ ෂරපෝවාගේ කණ්ඩායම අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡා කෙරෙමින් පවතින බව බී.බී.සී.පුවත් සේවය කියයි.
ලෝන් ටෙනිස් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් හෙට අනිද්දා සමුගැනීමට නියමිත මයිකල් ඩවුනිගේ සහය ද මේ සාකච්ඡා සඳහා ලැබී ඇත.
වසර 2010 විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වූ ෂරපෝවා ඉන් පසුව විම්බල්ඩන් ශූරතාවලිය ඉලක්ක කරමින් පවත්වනු ලබන මෙවැනි තරගාවලියකට ක්‍රීඩා කිරීමට සූදානම් වන්නේ පළමු වතාවටය.
ෂරපෝවා ක්‍රීඩා කරන්නට පැමිණෙන බවට පුවත් පැතිර යාමෙන් ඒ සතියේදීම ‘ක්වීන්ස් ක්ලබ්’ පිටියේ පැවැත්වීමට නියමිතව ඇති ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගම් (ඒ.ටී.පී.) තරගාවලිය හේතුවෙන් වැඩි අවධානයක් යොමු නොවූ ඒගන් ක්ලැසික් තරගාවලියේ ප්‍රවේශපත් එකවරම උණුකැවුම් මෙන් අලෙවි වන්නට පටන් ගෙන තිබේ. එසේ වුවත් තහනම් උත්තේජන භාවිතය නිසා මාස 15ක් තිස්සේ තහනමට ලක්වී සිටි මේ රුසියානු රූමතියට වයිල්ඞ් කාඞ්පතක් තිළිණ කරන්නට යාමෙන් ලෝන් ටෙනිස් සංගම් නිලධාරින් සෑහෙන විවේචනවලට ලක්වී සිටිති.
එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළක් වන ඇන්ඩි මරේ සහ හෙදර් වොට්සන් දැනටමත් පරල වී හමාරය. වයිල්ඞ් කාඞ්පතක් මගින් මේ තරගාවලියට එක්වී සිටින වොට්සන් කියන්නේ ‘තමන්ගේම රටේ වෙලත් මේ තරගාවලියට මං යන්නේ වයිල්ඞ් කාඞ්පතෙන්. තරග තහනමකට ලක්වුණු අය ආපහු මුල ඉඳලයි පටන් ගන්න ඕනා. වයිල්ඞ් කාඞ්පත්වලින් නෙවෙයි කියාය.
වසර 2004 දී සහ 2005 දී මේ තරගාවලියේ ශූරතාව දිනා ගනු ලැබුවේ ෂරපෝවා විසිනි. කෙසේ වුවත් මෙවර තරගාවලියට ඇගේ සහභාගීත්වය තහවුරු වනු ඇතැයි තවමත් සැක සහිතය. මන්ද කාගෙත් නෙත් සිත් යොමුවී ඇත්තේ ප්‍රංශ විවෘත ශූරතාවලිය පැවැත්වෙන රෝලන්ඞ් ගැරෝස් වෙත වන බැවිනි.
ප්‍රංශයේ රෝලන්ඞ් ගැරොස් හී පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ මැද හරියේ සිට ක්‍රීඩා කරන්නට ෂරපෝවාට වයිල්ඞ් කාඞ්පතක් දෙනවාද නැතිනම් ආරම්භයේ සිටම ක්‍රීඩා කරන්නට වයිල්ඞ් කාඞ්පතක් දෙනවාද කියා තීරණය කෙරෙන්නේ ලබන සතියේදීය.
පස්වතාවක්ම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනූ ෂරපෝවාට වයිල්ඞ් කාඞ්පත් තිළිණ කරමින් තරගාවලි සඳහා ගෙන්වා ගැනීමට ඇගේ සමකාලින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වැඩිදෙනකු විරුද්ධව සිටිති. එහෙත් ෂරපෝවා තරගාවලියට ඈඳා ගැනිම තරග සංවිධායකයන්ට නම් ඉල්ලමක් මතුවීමක් බඳුය. එතරමටම ක්‍රීඩාලෝලිහු ඇය ක්‍රීඩා කරන අයුරු දැකබලාගැනීමට ඇදී එති.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.