Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ෂරපෝවාගේ ගමනට මුගුරූසා හරස්වෙයි

ෂරපෝවාගේ ගමනට මුගුරූසා හරස්වෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාව නිසා මාස 15ක තරග තහනමකට ලක්වී සිටීමේ වේදනාව ජයග්‍රහණයකින් නිමා කරන්නට පැරිස් නුවරට පැමිණි රුසියාවේ මරියා ෂරපෝවා සිය දෙවැනි ගමනේ සෑහෙන දුරක් ගිය නමුත් අතරමගදී ආපසු හරවා යැවීමට සැලැස්වූ ස්පාඤ්ඤයේ ගාබින් මුගුරූසා ප්‍රංශ ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලකුණු 6-2ක් සහ 6-1ක ජයක් වාර්තා කළාය. 

2016 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගත් මුගුරූසා මෙවර තවත් පියවරක් ඉදිරියට තබමින් සිය දෙවැනි කුසලානයත් අතට ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නීය. 

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි තැන පසුවන 24 හැවිරිදි මුගුරූසා අතින් 31 හැවිරිදි ෂරපෝවා ලැබුවේ අන්ත පරාජයකි. මේ විශිෂ්ට ක්‍රීඩිකාව එහෙම පිටින්ම සෙල්ලමකට ගත් මුගුරූසා ඇය දන්නා සියලු ශිල්ප පෙන්වන්නට පටන් ගත් අතර ඇගේ වේගවත් පන්දු පිරිනැමීම්වලදී ෂරපෝවාට සෙලවෙන්නටවත් බැරිවිය.

“මම පැරැද්දුවේ ලෝකයේ හොඳම ක්‍රීඩිකාවක්. ඒ නිසා මගේ දස්කම් ගැන සැකයක් නෑ. ඊළඟට තියෙන්නේ තවත් තරග 2ක් විතරයි” කුසලානයේ බලාපොරොත්තු අලුත් කරමින් මුගුරූසා එසේ කිවාය.

අවසන් පූර්ව වටයේදී මුගුරූසා සමග තරග වැදීමට නියමිතව ඇත්තේ ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩිකාව වන රුමේනියාවේ සිමෝනා හැලේප්ය. 

- 077


අදහස් (0)

ෂරපෝවාගේ ගමනට මුගුරූසා හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.