Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා තරග අංශයේ අවසන් මහ තරගයෙන් ලකුණු 3-6ක්, 6-4ක් සහ 6-1ක් ලෙස ඇමෙරිකාවේ ස්ලෝනි ස්ටීවන්ස් පරාජයට පත් කළ ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩිකාවක වන රුමේනියාවේ සිමෝනා හැලේප් සිය මංගල ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව අත්පත් කරගැනීමට සමත්වූවාය.
මීට පෙර අවස්ථා තුනකදීම ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගවලින් පරාජයට පත්වූ 26 හැවිරිදි සිමෝනා, පළමු වටයේදී පරාජය කිරිමට ඇමෙරිකානු ක්‍රීඩිකාව සමත්වුවත් දෙවැනි හා තුන්වැනි වටවලදී සිමෝනා තරග වැදුණේ ආපසු හැරී නොබලමිනි.
‘මට පුළුවන් හැමදේම මම කළා. සිදුවූ දේ ගැන මටම පුදුමයි... මේ හීනය දකින්න ගත්තේ ටෙනිස් ක්‍රීඩාව පටන් ගත්ත පුංචි කාලේ ඉඳලමයි.‘ යැයි තරගයෙන් පසුව සිමෝනා කීවේ දෑස් විසල් කරගනිමිනි.
ජයග්‍රහණයේ සතුටින් උද්දාමයට පත් සිමෝනා තරගය ජයගත් විගසම සිය ටෙනිස් පිත්ත වීසිකරමින් ප්‍රීිතිය සමරන්නට පටන් ගත්තේ දෑතින්ම ඇගේ මුහුණ වසාගනිමිනි.
ක්‍රීඩාලෝලීන් සියළුදෙනාම හුනස්නෙන් නැගී සිට ඇයට ආචාර කරද්දී සතුටු කඳුළු වගුරමින් සිමෝනා ක්‍රීඩා මණ්ඩපයට පිවිසියේ සිය පවුලේ සාමාජිකයන් හා පුහුණු කාර්ය මණ්ඩලය සමග සතුට බෙදා හදා ගැනීමටය.
වසර 1978න් පසුව ග්‍රෑන්ඞ් ස්ලැම් ටෙනිස් කිරුළක් දිනාගත් පළමු රුමේනියානු ක්‍රීඩිකාව බවට පත්වූ සිමෝනා මීට වසර 4කට පෙර එනම් 2014 දී මාරියා ෂරපෝවා හමුවේත්, පසුගිය වසරේදී ජෙලීනා ඔස්ටපෙන්කෝ හමුවේත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පරාජයට පත්වූ අතර මේ වසර මුලදී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයේදී කැරොලින් වොස්නියැකි හමුවේ පරාජය වූවාය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.