Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම සංවිධානය කළ 7 වැනි ශ්‍රී ලංකා විවෘත අන්තර්ජාතික රෝදපුටු ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට කොරියාවේ සංග්හෝ ඕ සමත්විය. එහි කාන්තා ශූරතාව දිනාගැනීමට ඕස්ටේ‍්‍රලියාවේ සාරා කැල්ටි සමත්වූවාය.
පිරිමි අවසන් මහා තරගයේදී ලෝක රෝදපුටු ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 57 වැනි ස්ථානයේ පසුවන කොරියානු ක‍්‍රීඩක සංග් බොංග් හන් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් සංග්හෝ ඕ ශූරතාවට හිමිකම් කීවේය. සංග්හෝ ඕ මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 67 වැනි ස්ථානයේ පසුවේ.
අවසන් පූර්ව වටයේදී දකුණු අපි‍්‍රකාවේ ලියෝන් එල්ස් තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් සංග්හෝ ඕ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර සංග් බොංග් හන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවේ උපාලි රාජකරුණා පරාජය කරමිනි.
කාන්තා අවසන් මහා තරගයේදී ලෝක රෝදපුටු ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 48 වැනි ස්ථානයේ පසුවන දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩිකා තොන්ඩල්වෙතු හලට්ස්වායෝ පරාජය කරමින් සාරා කැල්ටි ශූරතාවට හිමිකම් කීවාය. සාරා කැල්ටි මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 35 වැනි ස්ථානයේ පසුවන්නීය.
අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකාවේ අනූෂා අමරතුංග තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් සාරා කැල්ටි අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර තොන්ඩල්වෙතු හලට්ස්වායෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-0 ක් ලෙස ඉන්දියාවේ මදුරි බග්රි පරාජය කරමිනි.
ශ්‍රී ලංකාවේ අංක එකේ රෝදපුටු ටෙනිස් කී‍්‍රඩක ගාමිණි දිසානායකට ඉතා අවාසනාවන්ත ලෙස තරගාවලියේ දෙවැනි වටයෙන්ම ඉවත්වීමට සිදුවිය. පළමු වටයේදී කොරියානු කී‍්‍රඩක හගෙල් ලී තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයට පිවිසි ගාමිණි දිසානායක, තරගාවලියේ ශූරතාව දිනාගත් කී‍්‍රඩක සංග්හෝ ඕ හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජය විය.
ශ්‍රී ලංකාවේ රෝදපුටු ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන උපාලි රාජකරුණා තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්විය. පළමු වටයේදී ඉන්දියානු කී‍්‍රඩක පූජි සුමර්තොන් තරග වට 2-0 ක් ලෙසත්, දෙවැනි වටයේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක එච්. එම්. එල්. සේනාරත්න තරග වට 2-0 ක් ලෙසත්, පරාජය කළ උපාලි රාජකරුණා, අවසන් පූර්ව වටයට පිවිසියේ ලෝක රෝදපුටු ටෙනිස් ශෙණිගත කිරීම්වල 33 වැනි ස්ථානයේ පසුවන ඕස්ටේ‍්‍රලියාවේ කීගන් ඕචී තරග වට 2-0 ක් ලෙස පරාජයට පත් කිරිමිනි.
මෙම තරගාවලියට සහභාගීවූ ප‍්‍රබලම කී‍්‍රඩකයා වන කීගන් ඕචී පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තද, තරගාවලියේ අනුශූරතාව දිනාගත් කොරියානු ක‍්‍රීඩක සංග් බොංග් හන් හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජය වීම නිසා ඔහුටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
යුගල තරගාවලියේදී ගාමිණි දිසානායක සහ උපාලි රාජකරුණා එක්ව තරගවැදුණු අතර අවසන් මහා තරගයේදී කොරියාවේ සංග්හෝ ඕ සහ හගෙල් ලී හමුවේ තරග වල 3-0 ක් ලෙස පරාජය වීම නිසා ඔවුන්ට අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඕස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, කොරියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව යන රටවල්ද සහභාගීවූ අතර තරගාවලිය කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.