Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) කබඩි තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක සජිත් ඉන්ද්‍රකුමාර සහ ආර්. පී. චතුරිකා මෙහෙයවති.
ශ‍්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමේ නායකයා ලෙස සජිත් ඉන්ද්‍රකුමාර කටයුතු කරන අතර ආර්. පී. චතුරිකා, කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන්නීය. කබඩි කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 12 දෙනකු ඇතුළත්වේ.
1998 වසරේ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී දිනාගත් ලෝකඩ පදක්කම හැරෙන්නට මේ දක්වා පැවැති සාග් ක‍්‍රීඩා උළෙලවලදී පිරිමි අංශයෙන් පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව අපොහොසත්ව සිටී.
මෙවර අපේක්ෂාව අඩුම වශයෙන් පිරිමි තරගාවලියෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීම යැයි ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම් ආර්. එම්. එස්. එල්. බී. රත්නායක මහතා පැවසීය.
2006 වසරේ කොළඹ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී කබඩි තරගාවලියේ රිදී පදක්කම දිනාගත් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට 2010 වසරේ ඩකා නුවර පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
![]() |
”සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන්ම අපි තේරීම් තරග පහක් පැවැත්වුවා, එමගින් පිරිමි හා කාන්තා කණ්ඩායම් සදහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගත්තා. මෙවර අපේ ඉලක්කය කාන්තා රිදී පදක්කමක් සහ පිරිමි ලෝකඩ පදක්කමක් දිනා ගැනීම යැයි” රත්නායක මහතා වැඩිදුරටත් කීවේය.
ඉන්දීය ජාතික කබඩි පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමේ අවස්ථාව එක්තරා පාර්ශවයකගේ මැදිහත්වීම මත ශ‍්‍රී ලංකාවට අහිමිව ගිය බව ද රත්නායක මහතා තවදුරටත් පැවසීය.
පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් යන නගර කේන්ද්‍රකර ගනිමින් XII වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පැවැත්වේ.
ශ‍්‍රී ලංකා කබඩි කණ්ඩායම්:
පිිරිමි කණ්ඩායම
සජිත් ඉන්ද්‍රකුමාර (නායක), එච්.ආර්.සී.හපුතන්ත‍්‍රී (උප නායක), කේ. සිනෝදරන්, ජී.එම්.චතුරංග, සී.ආර්.සමරකෝන්, ඞී,එච්. සදරුවන්, කේ.ඞී.කුරුප්පු, බී.ලක්මාල්, එස්.එස්.තෙන්නකෝන්, ළහිරු සම්පත්, ඩිලාන් සංජය සහ චමීර කුමාර
කේ.එස්.මීගස්තැන්න මහතා (පුහුණුකරු), ඞී.පී.පී. රංගජීව මහතා (සහය පුහුණුකරු) සහ එම්. ටී.සමරකෝන් මහතා (අභ්‍යාසක)
කාන්තා කණ්ඩායම
ආර්. පී. චතුරිකා (නායිකාව), එම්. එම්.ලක්මාලි (උප නායක), පී. එම්. තිලක්ෂි, අයි. එම්. විජේතිලක, එස්. එන්. ජයසිංහ, පී. සුගන්දි, ජේ. කේ. හේරත්, එම්. එන්. විජේකෝන්, එස්. එච්. ගුණතිලක, එම්. ඞී. විජේතුංග, ඒ.නෙලූම්දේවී සහ කේ. දීප්ති
ඒ.යු.ලක්ප‍්‍රිය මහතා (පුහුණුකරු), සුභාණී උඩවත්ත මහත්මිය (කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණී) සහ එම්. ටී.සමරකෝන් මහතා (අභ්‍යාසක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.