Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය විවෘත තරගාවලියක් බවට පෙරලීමෙන් පසුව වැඩිම වාර ගණනක් එම ශූරතාව දිනාගත් ක්‍රීඩිකාව ලෙස අබසෙස් ලබා සිටින්නේ ජර්මනියේ ස්ටෙෆී ග්‍රාෆ්ය. ඇය විසින් දිනාගන්නා ලද ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 22 ලෝක වාර්තාව සමකිරීමට කුරුමානම් අල්ලමින් සිටින්නේ අන් කවරෙකු හෝ නොව ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ය.
සෙරීනාගේ සිහිනය බොඳ කිරීමේ අටියෙන් අද පිටියට පිවිසෙන ජර්මනියේ ඇන්ජෙලිකා කේබර් අද (9) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ලන්ඩනයේ දී විම්බල්ඩන් කිරුළ වෙනුවෙන් සටන් වදී. රුසියාවේ මරියා ෂරපෝවට පසු මෑත කාලයේදී සෙරීනාගේ දරුණුතම ප්‍රතිවාදිනිය බවට පත්වී සිටින කේබර් මේ වසර මුලදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ අවසන් මහ තරගයේදීත් සෙරීනා හැඬවූවාය.
මෙතෙක් විම්බල්ඩන් ශූරතා 6ක්ම දිනා ඇති සෙරීනාට සිය ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා මල්ල තරකර ගැනීමට ඇති නොතිත් ආසාව පසුගිය කාලයේදී ගිලිහී ගොස් තිබිණි.
පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ සිටම ශූරතා භීතිකාවකට හසුව සිටින මේ 34 හැවිරිදි ක්‍රීඩිකාව ගතවූ මාස 10 ඇතුලත ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරග දෙකකදීම පරාජයට පත්වූවාය. අමෙරිකානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඇගේ සිහිනය බිඳ දමනු ලැබුවේ ඉතාලියේ රොබේටා වින්සි විසිනි.
සති හතරකට ඉහතදී ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයේදී ඇය පරාජයට පත්වූයේ ස්පාඤ්ඤයේ ගාබේන් මුගුරූසාටය. ඊට පෙර ජනවාරියේ පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයේදී ඇය පරාජයට පත්වූයේ අද තරගයට එක්වී සිටින ජර්මනියේ 28 හැවිරිදි ඇන්ජෙලිකා කේබර්ටය.
ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ සිවුවැනි තැන රැඳී සිටින කේබර් අද අර අඳින්නේ සිය දෙවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ දිනාගන්නටය.
පිට පිට තුන් වතාවකදීම ග්‍රැන්ඞ් ස්ලෑම් සිහින බොඳ කරගත් සෙරීනා මෙවර විම්බල්ඩන් තරගාවලියේ දී මුල සිටම තරමක වෙනස් ලීලාවකින් තරග කළ බව කවුරුත් කියති. එහෙත් රුසියාවේ එලීනා වෙස්නිනා සමග පැවැති අවසන් පූර්ව තරගයේදී නම් ඇය තරග කළේ සුපුරුදු ආවේගශීලීවයෙන් යුතුවය. ජයග්‍රහණ පිපාසයෙන් පෙලුණු සෙරීනා සිය ප්‍රතිවාදිනිය වූ වෙස්නිනා ආපසු ගෙදර යැව්වේ මිනිත්තු 48 ක් තරම් කෙටි කාලයකදීය.
ඊළඟ අවසන් පුර්ව තරගයේදී කේබර් හමුවේ පරාජයට පත්වූයේ සෙරීනාගේ වැඩිමල් සොයුරිය වන 36 හැවිරිදි වීනස් විලියම්ස්ය.
අද තරගයේදි සුපුරුදු පරිදි වැඩි වාසිය ඇත්තේ සෙරීනාට බවට දැනටමත් අනාවැකි පළවන්නේ දෙදෙනා අතර අත්දැකීම් අතින් ඇති වෙනස සැලකිල්ලට ගනිමිනි. අනිත් අතට සෙරීනා විම්බල්ඩන් අවසන් තරගයට එක්වන්නේ ඊට පෙර අවසන් තරග 9 ක අත්දැකීම් ගොන්නක් කරපින්නාගෙනය. කේබර් විම්බල්ඩන් පිටියට පිවිසෙන්නේ පළමුවතාවටය.
“අත්දැකීම් බලලා වැඩක් නෑ. මේ තරගය මගේ හොඳම තරගය වේවි” ඊයේ මාධ්‍යවේදීන් සමග කේබර් එසේ කීවේ දැඩි විශ්වාසයකින් යුතුවය.
සෙරීනා තරම් ඇගේ වාග් ප්‍රහාර බලවත් නොවූවත් ඉවසීම අතින් නම් ඇය ඉන්නේ සෙරීනාට ඉදිරියෙනි. සෙරීනා පරදවා මීට මාස 6කට පෙර ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීමට හැකිවූයේ එබැවිනි.
“මට කවදාවත් නැති විදිහේ සන්සුන්බවක්, සාමකාමී බවක් දැනෙනවා” යයි මාධ්‍යවේදින් අමතා සෙරීනා කීවාය.
“ග්‍රෑන්ඞ් ස්ලෑම් 22 ක් දිනාගැනීම කවදාවත් මගේ ඉලක්කයක් වී තිබුණේ නෑ”
“මේ වෙලාවේ මට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. කවදාවත් එහෙම දෙයක් මට දැනිලා නෑ. හෙට තරගයේදී මම මොන විදිහටද සෙල්ලම් කළ යුත්තේ කියල පැහැදිලි අදහසක් හිතට ඇවිල්ලයි තියෙන්නේ” යයි කී සෙරීනා...
“කේබර් බය නැතිව සෙල්ලම් කරනවා. එයා මට එදා ඕස්ටේ්‍රලියාවේ දී වගේම හොඳ තරගයක් දේවි. ඒක මම දන්නවා” යයිද කීවාය.
සෙරීනාගේ 22 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවේ කඩුල්ල බවට පත්වී සිටින කේබර් බලා සිටින්නේ හැම අතින්ම තමාට වඩා ඉදිරියෙන් පසුවන මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව සමග තරගය පටන් ගන්නා තුරුය.
“ලොකු තරගයක් තියේවි අපි දෙන්නා අතර...මම දන්නවා සෙරීනාගේ එකම හීනය මේ තරගයේදී මාව පරාජය කිරීමයි”
“මොකද එයාට ඕනා කරන්නේ ඕස්ටේ්‍රලියාවේ දි ලබපු පරාජයේ වාඩුව ගන්නයි. ඕස්ටේ්‍රලියාවේ දී මම ඇය පරාජය කළේ රළු පිටියකදියි. ඒත් අද තරගය තියෙන්නෙ තණකොළ සහිත පිටියකයි. එවැනි පිට්ටනි වලදී සෙරීනා කොහොමත් භයානකයි. අනික එයා මීට කලින් ඇති තරම් විම්බල්ඩන් අවසන් මහ තරග වලට ඇවිත් තියෙනවා.” යයි කී කේබර්....
“එයාට මේ තරගය දිනන්නමයි ඕනා. තරගය මගේ අතට ගන්න මට තිබෙන ලොකුම වාසිය ඒකයි” යයිද කේබර් කීවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.