Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත සමස්ත ශූරතාව දිනාගත් 41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් හා නව තරග වාර්තා 10 ක් බිහි විය. අද (20) තරගාවලිය නිමාවට පත්වූ දිනයේ විශේෂිතම සිදුවීම වූයේ වසර 17 ක් පැරණි මීටර 100 පිරිමි ඉසව්වේ වාර්තාව බිඳවැටීමයි.
දකුණු පළාතේ විනෝද් සුරංජය විසින් මීටර 100 - පිරිමි ඉසව්වේ රන් පදක්කම තත්ත්පර 10.45කට ඊයේ දිනා ගත්තේ නව තරග වාර්තාවක් ද පිහිටුවමිනි. ඒ 1998 දී චින්තක ද සොයිසා විසින් තත්ත්පර 10.47කට පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිඳදමමිනි.
මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ද චින්තක සොයිසා සතු වන අතර ඒ තත්ත්පර 10.29 කට 1999 දී පිහිටුවූ එහි වාර්තාවයි. මෙහි දකුණු ආසියානු වාර්තාව තත්ත්පර 10.37 ක් ලෙස දැක්වේ. එහි හිමිකරුවා වන්නේ ඉන්දීය කී‍්‍රඩක අනිල් කුමාරය.
කෙසේ වුවත් සාග් තේරීමේ තරගාවලිය ජයගත් හිමාෂ ඒෂාන් ඊයේ පරාජයට පත්කරමින් (තත්ත්පර 10.50) සුරංජය වාර්තා කළ තරග නිමි කාලය වසර ගණනාවකට පසුව එහි හොඳම නිමි කාලයක් ලෙස සටහන් වේ.
චින්තක ද සොයිසා මෙන්ම ඊයේ නව වාර්තාව පිහිටුවූ සුරංජයත් දකුණු පළාත් කී‍්‍රඩකයන්වීම කැපීපෙනේ. මේ අතර එන්.සී.ඞී. පි‍්‍රයදර්ශනී පෙරේදා (19) තරාගවලියට සහභාගි වෙමින් දුර පැනීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 6.43) පිහිටුවූයේ එහි සාග් තරග වාර්තාව ද අබිබවා යමිනි.
එහි සාග් තරග වාර්තාව මීටර 6.42ක් ලෙස සටහන් වේ. පෙරේදා තරගාවලියේදී තවත් ශ්‍රී ලංකා වාර්තාවක් බිහිවූ අතර එහි ගෞරවය ලැබුවේ මිටිය විසිකිරීමේ ඉසව්වේ ශූරියක් වන අයේෂා මධුවන්ති විසිනි.
ඒ මීටර 43.18 කටය. ඒ ඇයගේම පැරණි ශ්‍රී ලංකා වාර්තාව (මීටර 42.74) කට බිඳදමමිනි. පි‍්‍රයදර්ශනී වසර 2002 දී මීටර 6.40කට පිහිටුවා තිබූ දුරපැනීම (කාන්තා) ඉසව්වේ පැරණි වාර්තාව බිඳදමමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූවාය.
එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිණිය වන්නේ නයන්ති කුමාරි චන්ද්‍රසේනය. මෙවර 41 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේදී වසර 15ක් පැරණි තුන්පිම්ම (කාන්තා) ඉසව්වේ පැරණි තරග වාර්තාව බිඳදැමීමට බස්නාහිර පළාතේ විදුෂා ලක්‍ෂාණි (මීටර 12.98) සමත් වූවාය.
මෙම සියලූ මලල කී‍්‍රඩා දස්කම් පළවූයේ දැනට අබලන් තත්ත්වයෙන් පවතින දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ කෘතිම ධාවන පථයේවීම කැපී පෙනේ.
මේ අතර මෙවර තරගාවලියේ දක්‍ෂතම මලල කිී‍්‍රඩකයා ලෙස උස පැනීමේ කී‍්‍රඩක දකුණු පළාතේ මංජුල කුමාර විජේසේකර සම්මාන ලැබීය. එහි විශේෂත්වය ගියවරද ඇතුළුව ඔහු ජාතික මහ කී‍්‍රඩා උළෙලේ හය වතාවක් දක්‍ෂතම කී‍්‍රඩකයාට සම්මාන ලැබීමය.
මෙවර කී‍්‍රඩා උළෙලේ දක්‍ෂතම මලල කී‍්‍රඩකයාට සම්මාන දිනා ගත්තේ දුරපැනීම කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ එන්.සී.ඞී. පි‍්‍රයදර්ශනී කී‍්‍රඩිකාව විසිනි. ඇයත් බස්නාහිර පළාත නියෝජනය කළ කී‍්‍රඩිකාවකි.
දියගම මහින්ද රාජපක්‍ෂ පිටියේදී ඊයේ නිමාවට පත්වූ 41 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත් බස්නාහිර පළාත රන් පදක්කම් 77ක් දිනා ගැනීමට සමත්විය. ජාතික මහ කී‍්‍රඩා උළෙල ඉතිහාසය පුරා බස්නාහිර පළාත සුවිශේෂී දස්කම් දක්වන අතර නිල වාර්තාවලට අනුව එම පළාත ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ජයග‍්‍රහණය 1988 සිට අඛණ්ඩව හිමිකරගෙන සිටියි.
කෙසේ වුවත් බස්නාහිර පළාත පසුගිය කී‍්‍රඩා උළෙලේදී දිනා ගත් රන් පදක්කම් ගණන 75කි. කෙසේ වුවත් අවසන් ස්ථානයේ පසුවන උතුරු පළාත ගියවර කිසිදු රන් පදක්කමක් දිනා නොගත්තත් මෙවර එක් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටියි.
එහි ගෞරවය ලද්දේ මලල කී‍්‍රඩිකා ජෙගනේෂ්වරම් ඇනීතා විසිනි. ඒ රිටි පැනීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනි. අද දිනයේ නව වාර්තා දෙකක් සටහන්වූ අතර හෙල්ල විසිකිරීමේ කී‍්‍රඩිකා නදිකා ලක්මාලි දකුණු පළාත නියෝජනය කරමින් හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වේ නව වාර්තාවක් පිහිටු වූයේ (මීටර 58.52) ඇගේම එහි පැරණි වාර්තාව (මීටර 57.89-2013) බිඳදමමිනි.
●●●
(ඡායාරූප - ශාන්ත රත්නායක)
41 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මලල කී‍්‍රඩා තරග ප‍්‍රතිඵල.
මීටර 1500 කාන්තා
1 සුජීවා ලක්මාලි (වයඹ)විනාඩි 3.තත් 53.92),
2. තාරකා ෆොන්සේකා (3.55.70)
3. රත්නකුමාරි පෙරේරා (බස්නාහිර)3.56.21)
හෙල්ල විසිකිරීම (කාන්තා)
1 නදීකා ලක්මාලි (දකුණ) මීටර 58.52 (නව තරග වාර්තාවකි)
2. එම්.බී.එන්.සී. ලේකම්ගේ (සබරගමුව) 55.19
3. ඈන් මහේෂි සිල්වා (බස්නාහිර) 48.33
යගුලිය විසිකිරීම (පිරිමි)
1. ඒ.අයි.ඞී. පෙරේරා (නැගෙනහිර) මීටර 15.29
2. ආර්.එස්. ජයවර්ධන (වයඹ) 14.63
3. ෂශිල ජයකොඩි (බස්නාහිර) 13.76
මිටිය විසිකිරීම (කාන්තා)
1. පී.කේ.ඩබ්.ඒ. මධුවන්ති (ඌව) මීටර 43.18
2. ඒ.ඩබ්.ඒ.එස්.එම්. අමරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් (දකුණු) 41.71
3. අරුණි ලක්‍ෂිකා (බස්නාහිර) 39.61
දුර පැනීම (පිරිමි)
1. ඩබ්.පී.ඒ. ජයසිරි (වයඹ) මීටර 7.57
2. ඒ.ඞී.ඒ ප‍්‍රනාන්දු (වයඹ) 7.37
3. එම්.අයි.එම්. මිෆ්රාන් (නැගෙනහිර ) 7.27
මීටර 800 (කාන්තා)
1.ඩබ්.කේ.එල්.ඒ. හිමාලි (දකුණ) විනාඩි 2තත් 05.32 (නව වාර්තාවකි)
2. ජී.බී.ඒ. අබේරත්න (දකුණ) 2.06.15
3. ඩබ්.පී.ඊ.ආර්. දුලක්‍ෂි (දකුණ) 2.10.69
රිටි පැනීම(පිරිමි)
1. එම්.ඩබ්.අයි. සඳරුවන් (බස්නාහිර) මීටර 4.83 (නව වාර්තාවකි)
2. චන්න ප‍්‍රනාන්දු (බස්නාහිර) 4.40
3. කේ.ඒ.සී.පී. සෙනවිරත්න (වයඹ 4.40)
මීටර 800 (පිරිමි)
1 කේ.ජී.ඒ.පී. අමරසිරි (මධ්‍යම) විනාඩි 1 තත් 50.22
2. ඞී.එස්. කුමාරසිංහ (මධ්‍යම) 1.50.94
3. ආර්.කේ. සෝමවර්ධන (සබරගමුව) 1.51.33
දුර පැනීම (කාන්තා)
1. එන්.සී.ඞී. පි‍්‍රයදර්ශනී (බස්නාහිර) මීටර 6.43 (නව ශ්‍රී ලංකා වාර්තාවකි)
2. ඒ. පුල්වංශ (බස්නාහිර) 5.94
3. ඩබ්.එම්.ටී. කුමාරි (බස්නාහිර 5.77)
මීටර 400 (කඩුලූ පැන දිවීම - කාන්තා)
1. ඩබ්.පී.ආර්. දුලක්‍ෂි (දකුණ) තත් 59.51 (නව වාර්තාවකි)
2. ඊ.පී.කේ මධුෂානි (වයඹ) 1.00.34 (පැරණි වාර්තාව අබිබවා ඇත)
3. පී.ජී.එන්.ඞී. වික‍්‍රමසිංහ (වයඹ) 1.01.09
මීටර් 400 (කඩුලූ පැන දිවීම - පිරිමි)
1. අරවින්ද චතුරන්ද (ඌව) තත්පර 51.97
2. කේ.එම්.එන්.ජී. ගුණතිලක (සබරගමුව) 52.30
3. ළහිරු මධුරංග (දකුණ) 54.40
මීටර 200 (කාන්තා)
1. ආර්.එම්.කේ. රත්නතුංග (සබරගමුව) තත්පර 24.12
2 සී.එස්. රණසිංහ (වයඹ) 24.15
3 එම්.ඒ.එස්. ජයතිලක (බස්නාහිර) 24.86
මීටර 200 (පිරිමි)
1. එච්.බී. සුරංජය (දකුණ) තත්ත්පර 21.02 (නව වාර්තාවකි)
2. ඒ. ආර්.එම්. රාජශතන් (නැගෙනහිර) 21.20
3. ආර්.ඞී.සී. නිරෝෂන් (වයඹ) 21.50
කවපෙත්ත විසි කිරීම (කාන්තා)
1. ඉෂාරා මධුරංගි (බස්නාහිර) මීටර 36.60
2. පී.කේ.ඒ. මධුවන්ති (ඌව) 36.04
3. ඒ.ජී.බී. ලක්මාලි (උතුරු මැද) 34.03
කවපෙත්ත විසි කිරීම පිරිමි
1. කේ.ජී.යූ. ජයවර්ධන (වයඹ) මීටර 42.38
2. ඒ.සී.බී. ජයතිලක (වයඹ) 42.16
3. ටී.එම්. ආසික් (නැගෙනහිර) 40.51
උස පැනීම (පිරිමි)
1. මංජුල කුමාර විජේසේකර (දකුණ) මීටර 2.19
2. තුෂාන් පතිරණ (උතුරු මැද) 2.15
3. ආර්.ඞී.ආර්. රණතුංග (සබරගමුව) 2.13
මීටර 110 කඩුලූ පැන දිවීම
1. කේ.ඩබ්.එස්. රන්දිව (බස්නාහිර) තත්පර 14.51
2. ඒ.ඒ.එස්. සඳරුවන් (බස්නාහිර) 14.62
3. ඊ.ජී.එම්. කුමාර (වයඹ) 14.70
උස පැනීම කාන්තා
1. කුමාරි රණසිංහ (බස්නාහිර) මීටර.1.73
2. තරංගා විනෝදනී (දකුණ) 1.71
3. එම්.කේ. ගුණරත්න (බස්නාහිර) 1.67
මීටර 400 (පිරිමි)
1. කේ.කේ.කේ. සෙනවිරත්න (උතුරුමැද) තත්පර 46.87
2. දිලීප් රුවන් (බස්නාහිර) 46.92
3. එන්.ජී.ඒ.පී. කුමාර (නැගෙනහිර) 47.03
තුන් පිම්ම (පිරිමි)
1. ඞී.එම්.කේ. ප‍්‍රනාන්දු (බස්නාහිර) මීටර 15.81
2. අයි.ඞී.එස්. ජයසිංහ (සබරගමුව) 15.59
3. යූ.පී.ඒ. කුමාරසිංහ (බස්නාහිර) 15.57
මීටර 100 - කඩුලූ පැන දිවීම
1. ආර්.ඒ.ටී. රාජසිංහ (වයඹ) තත්පර 14.55
2.ජී.වී.එච්.ඩබ්. කුමාරි (15.25)
3. ඞී.එස්. දුලක්‍ෂි (බස්නාහිර) 15.36
මීටර 400 - (කාන්තා)
1.සී.එස්. රස්නායක (වයඹ) තත් 53.80
2. ඊ.ඩබ්.යූ. රත්නකුමාරි (මධ්‍යම) 54.31
3. ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (දකුණ) 54.68
මීටර 10000 - (කාන්තා)
1. ඒ.එන්.එල්. ආරියදාස (සබරගමුව) විනාඩි 36 තත් 56.74
2. බී.ජී.එල්. අනුරුද්ධි (මධ්‍යම) 37.40.13
3.එම්.එස්.පී.එම්. පෙරේරා (බස්නාහිර) 38.04.93
මීටර 5000 - (පිරිමි)
1. ඞී.ආර්. සමරජීව (මධ්‍යම) විනාඩි 14 තත් 40.70
2. ජී.කේ.ආර්. සමන් කුමාර (ඌව) 14.45.15
3. ආර්.ඩබ්.එස්. පුෂ්පකුමාර (බස්නාහිර) 14.56.35
මීටර් 400X4 (කාන්තා)
1. බස්නාහිර පළාත් කණ්ඩායම (විනාඩි 3 තත්පර 13.26)
2. උතුරු මැද පළාත් කණ්ඩායම (3.14.33)
3. මධ්‍යම පළාත් කණ්ඩායම (3.15.20)
මීටර් 400X4 (පිරිමි)
1. දකුණු පළාත් කණ්ඩායම (විනාඩි 3 තත්පර 43.46. නව වාර්තාවකි)
2. වයඹ පළාත් කණ්ඩායම (3.44.46 පැරණි වාර්තාව අබිබවා ඇත.)
3. බස්නාහිර පළාත් කණ්ඩායම (3.54.06)
මීටර් 100 (කාන්තා)
1. ආර්.එම්.ආර්.කේ. රත්නායක (සබරගමුව) තත්පර 11.88
2. එම්.ඒ.එස්.එස්. ජයතිලක (බස්නාහිර) 12.14
3. එස්.එල්. විදානගුරුගේ (ඌව) 12.18
මීටර් 100 (පිරිමි)
1. එච්.පී. සුරංජය (දකුණ) තත්පර 10.45 (නව තරග වාර්තාවකි.)
2.ඩබ්.කේ. හිමාෂ ඒෂාන් (බස්නාහිර) 10.50
3. ඒ.එල්.එම්. අස්රොෆ් (නැගෙනහිර) 10.54
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.