Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාග් කී‍්‍රඩා ඉතිහාසයේ වැඩිම රැකවරණ යෙදවූ 12 වැනි සාග් කී‍්‍රඩා උළෙල අද (5) ඉන්දියාවේ ‘ඇසෑම්’ ප‍්‍රාන්තයේ ‘ගුවාතිහි’ හා ‘සිලාන්’ යන නගරවලදී ආරම්භ වේ. කී‍්‍රඩා උළෙලේ නිල සමාරම්භක උත්සවය අද පස්වරුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවනට් නුවරදී පැවැත්වේ.
වසර 20කට පසුව ඉන්දියාව සත්කාරය දරන මෙවර සාග් කී‍්‍රඩා උළෙල ගුවාතිහි නගරයට කිලෝමීටර 100ක් පමණ ඈතින් පිහිටි සිලාන් නගරයේදී ද පැවැත්වේ.
‘සිලාන්’ නගරයේදී ද සමාරම්භක උත්සවය හෙට ඇසෑම් ප‍්‍රාන්තයේ මහ ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
කී‍්‍රඩා ඉසව් පැවැත්වෙන ‘ගුවාතිහි’ ‘ඉන්දිරා ගාන්ධි’ කී‍්‍රඩාංගණය හා සිලාන්හි ජවහර්ලාල් නේරු ‘කී‍්‍රඩා සංකීර්ණය සහ ප‍්‍රධාන කී‍්‍රඩාංගණ හා එහි අවට රැකවරණ සඳහා 6000කට ආසන්න පොලිස් හා යුද හමුදා භටයන් පිරිසක් සේවයේ යොදවා ඇතැයි ගුවාතිහි නගරයෙන් ලැබෙන සාග් කී‍්‍රඩා ආරංචි මාර්ග කියයි.
මෙවර ශ්‍රී ලංකාවේ සාග් කී‍්‍රඩා සහභාගීත්වය සත්කාරක ඉන්දියාවට පමණක් දෙවැනිවී තිබෙන අතර ඉන්දියාව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 519 දෙනකු සහභාගි කරන අතර ශ්‍රී ලංකාවේ එය ගණනින් 484 දෙනෙකි. කෙසේ වුවත් නිල ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිලධාරීන් හැරෙන්නට නිරීක්‍ෂකයන් ලෙසත් පළාත් සභා නියෝජිතයන් ලෙසත් මෙවර ශ්‍රී ලංකාවෙන් සහභාගි වන පිරිස 800කටත් වඩා ඉහළ ගොස් ඇතැයි ද කී‍්‍රඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම බහුතරයකට කී‍්‍රඩා අමාත්‍යාංශය අනුග‍්‍රාහය දක්වන බැවින් මෙම තරග සංචාරයට අති විශාල පිරිවැයක් දැරීමට එම අමාත්‍යාංශයට සිදුවී තිබේ. සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලත්වය සැලකිල්ලට ගනිමින් කී‍්‍රඩා අමාත්‍යාංශය ඒ සඳහාම වෙනම ගුවන් යානා කුලී පදනමෙන් ලබාගැනීමට කටයුතු කර තිබේ.
ගුවන් ගමන් සඳහා පමණක් කී‍්‍රඩා අමාත්‍යාංශය දරා තිබෙන වියදම රුපියල් මිලියන 64කට වැඩිය. කී‍්‍රඩා උළෙලේ සහභාගිත්වය සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශය මේ වන විට රුපියල් මිලියන 200කට වැඩි වියදමක් දරා ඇතැයි ද වාර්තාවේ.
කී‍්‍රඩා ඉසව් 23ක් සඳහා මෙවර පැවැත්වෙන ඇසෑම් සාග් කී‍්‍රඩා උළෙලේ දී එම සියලූ ඉසව් සඳහා කණ්ඩායම් සහභාගි කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ. මෙසේ සියලූ ඉසව් මෙවර කී‍්‍රඩා උළෙලේ දී නියෝජනය කිරීමට සමත්ව සිටින්නේ සත්කාරක ඉන්දියාව හැරෙන්නට ශ්‍රී ලංකාව හා නේපාලය පමණි.
අඩුම සහභාගිත්වය භූතානයෙනි. එය කී‍්‍රඩා ඉසව් නවයක් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 87 දෙනකු පරිදිය. ඒ අනුව කී‍්‍රඩා උළෙලේ සමස්ත නිල සහභාගිත්වය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 2672කි. කී‍්‍රඩා ඉසව් 23ට අයත් තරග ගණන 228කි.
එහිදී කී‍්‍රඩා උළෙලේ අවසන් මහා තරග තෙවැනි ස්ථානය දක්වා පැමිණෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා කණ්ඩායම් සඳහා රන් පදක්කම් හා රිදී පදක්කම් 228 බැගින් ද ලෝකඩ පදක්කම් 308ක්ද ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
වසර 2010 න් පසුව ඊළඟට යෙදෙන සාග් කී‍්‍රඩා උළෙල පැවැත්වීම වසර හතරක් දක්වා ප‍්‍රමාද වූයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සමස්ත ඉන්දීය ඔලිම්පික් කමිටුවට පනවා තිබූ තහනමය.
සාග් කී‍්‍රඩා උළෙලක් වසර දෙකෙන් දෙකට පැවැත්වීමට නියම කරගත්තත් එය පසු අවස්ථාවේ දී සාමාජික රටවල අභ්‍යන්තර ගැටලූ හේතුවෙන් නියමාකාරයෙන් කි‍්‍රයාත්මක නොවුණි. ඒ අනුව වසර 2006 කොළඹ දී පැවැති 10 වැනි සාග් කී‍්‍රඩා උළෙලෙන් පසු 11 වැනි කී‍්‍රඩා උළෙල බංගලාදේශයේ ‘ධකා’ නුවර දී පැවැත්වූයේ වසර 2010 පෙබරවාරි මාසයේදීය.
මීළඟට යෙදෙන 13 වැනි සාග් කී‍්‍රඩා උළෙලේ සත්කාරය පාකිස්ථානයට හිමිවුවත් ඔවුන්ට සත්කාරය ලබාදීම පිළිබඳව ගැටලූ මතුවී ඇතැයි ද වාර්තාවේ. ඊට හේතුව පාකිස්ථානයේ දී ජාත්‍යන්තර කී‍්‍රඩා තරගාවලි පැවැත්වීම මේ වන විට අත්හිටුවා තිබෙන බැවිනි.
ඒ හේතුවෙන් එහි සත්කාරය ලබාගැනීමට ශ්‍රී ලංකාව ද උනන්දු වී සිටින බව කී‍්‍රඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් වරට ‘ධකා’ නුවර පැවැති 2010 සාග් කී‍්‍රඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 16ක් දිනා සිවු වැනි ස්ථානය ලැබීය. එහිදී මුළු පදක්කම් 105ක් ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.
එදා මෙදා තුර සාග් කී‍්‍රඩා උළෙලේ එකම ජයග‍්‍රාහකයා බවට පත්ව සිටින්නේ කලාපයේ බලවතා වන ඉන්දියාවය. ඉන්දියාව ගියවර (2010) ජයග‍්‍රාහකයා වූයේ රන් පදක්කම් 90ක් දිනා ගනිමිනි.
සාග් කී‍්‍රඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව වැඩිම රන් පදක්කම් දිනා ගත්තේ 1991 තරගාවලියේදීය. එහිදී ශ්‍රී ලංකාව එහිදී දිනාගත් මුළු රන් පදක්කම් ගණන 44කි. 2006 කොළඹ තරගාවලියේ දී රන් පදක්කම් 37ක් දිනා තිබේ.
මලල කී‍්‍රඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව මෙවර වැඩිම සහභාගිත්වය ප‍්‍රදර්ශනය කරයි. ඒ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 71 දෙනෙකු හා නිලධාරීන් 17 දෙනෙකුගේ කණ්ඩායමකි.
‘ධකා’ සාග් කී‍්‍රඩා උළෙලට (2010) ශ්‍රී ලංකාව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් 373 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි කර තිබේ.
ලොව පුරා පැවැත්වෙන අන්තර් ජාතික කී‍්‍රඩා උළෙල අතර සාග් කී‍්‍රඩා උළෙලට විශේෂ තැනක් හිමිවන්නේ එය ලොව වැඩිම ජනගහණයක් නියෝජනය කරන කලාපයක් වන බැවිනි. මේ අතර ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ කී‍්‍රඩා උළෙලට සහභාගි වන පාකිස්ථාන හා බංගලාදේශ කණ්ඩායම් සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන බවයි.
අද ආරම්භක දිනයේ පාපන්දු (කාන්තා), වොලිබෝල්, දුන්නෙන් විදීමේ කී‍්‍රඩාවල මූලික වටයේ තරග පැවැත්වේ.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.