Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සයකොන් දැල්පන්දු තරගාලියේදී මෙතෙක් දැක්වූ උසස්ම දස්කම් දැක්වීමට තමන් සූදානම් බව සිංගගප්පූරුවේ පැවැත්වීමට නියමිත සය කොන් දැල්පන්දු ශූරතාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායිකා මරීෂා ප‍්‍රනාන්දු පවසයි. මෙම තරගාවලිය දෙසැම්බර් 1 වන දා සිට 7 වන දා දක්වා පැවැත්වේ.
මරීෂා වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබූ ඇය 2008 සිට ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ කී‍්‍රඩිකාවක් වෙයි. මෙම කණ්ඩායමේ උප නායිකාව සේමිනී අල්විස්ය.
”අපි මාස එකහමාරක් ඉතා හොඳින් පුහුණු වීම් කටයුතු කළා. අපි ඉස්සරට වඩා හොඳ තැනකට අපේ කණ්ඩායම ගෙන ඒමට කටයුතු කරනවා”
”පසුගිය තරගාවලි වලදී අපිට පුළුවන් වුනේ තරග එකක් හෝ දෙකක් ජය ගන්න පමණයි. නමුත් මේ සැරේ අපිට තරග ජයගන්න පුළුවන්. කොහොම වුණත් අපි තරගයෙන් තරගය උත්සහ කරනවා අපේ අරමුණට ළගා වෙන්න.” යනුවෙන් තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් නායිකා මරීෂා පැවසුවාය.
”විවිධ රටවල කණ්ඩායම් සමග තරග කිරීම අන්තර්ජාතික වශයෙන් ඉදිරියට යන අපේ කී‍්‍රඩිකාවන්ට මෙය හොඳ අවස්ථාවක්. අපිට විශ්වාසයි මේ පාර අපිට හොඳට තරග කරන්න පුළුවන්” යනුවෙන් උප නායිකා සේමිනී අල්විස් පැවසුවාය.
කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය ශී‍්‍ර ලංකා කණ්ඩායම අනු ශූරතාව දිනා ගත් 8 වන දකුණු ආසියානු කණිෂ්ඨ දැල් පන්දු තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළාය. සේමිණි 2012 කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැත්වූ ආසියානු දැල්පන්දු තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ කී‍්‍රඩිකාවක්ද වන අතර එහිදීද ශී‍්‍ර ලංකා කණ්ඩායම අනු ශූරතාව දිනා ගැනීමට සමත් විය.
”අන්තර්ජාතික තරගාවලියක් සඳහා මාස එකහමාරක් පුහුණුවීම් කිරීමෙන් සෑහීමකට පත් වෙන්න බෑ. නමුත් ලැබුණ කාලයෙන් කළ හැකි උපරිමය අපි කළා”
”මෙය පුහුණු වීම් කාලයකට වඩා සූදානම් වීමේ කාලයක්. නමුත් අපේ කී‍්‍රඩිකාවන් සිංගප්පූරුවේ හොඳින් තරග කරයි කියලා බලාපොරොත්තු වෙනවා” යයි ජාතික දැල්පන්දු කාන්තා කණ්ඩායමේ නව පුහුණුකාරිනි සොමිතා කුමාරි පැවසුවාය.
ශී‍්‍ර ලංකා දැල්පදන්දු කණ්ඩායම ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් අතරේ 28 වැනි ස්ථානයට පත්වී සිටින අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන පැපුවා නිව්ගිනියාව (17), එක්සත් ජනපදය (19) සහ සිංගප්පූරුව (21) යන කණ්ඩායම් වලට වඩා පසුපසින් සිටී.
”මේ කණ්ඩායම් සේරටම අපට වඩා තරග තියෙනවා. ඒත් ගිය වසරේ ආසියානු දැල්පන්දු තරගාවලියෙන් පසුව අපි තවමත් අන්තර්ජාතික තරගයකට සහභාගි වී නෑ”
”කොහොම වුණත් ලබන වසරේ අන්තර්ජාතික තරග කිහිපයකට මුහුණ දීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක්” යයිද සොමිතා කුමාරි වැඩිදුරටත් පැවසුවාය.
ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩිකාවන් දෙදෙනා හැරුණු විට ශී‍්‍ර ලංකා පිලේ සෙසු කී‍්‍රඩිකාවන් වන්නේ වයස 25 ට අඩු කී‍්‍රඩිකාවන්ය. ඔවුන් අතුරින් තිදෙනෙක් පාසල් කී‍්‍රඩිකාවෝ වෙති.
තරගාවලියෙන් තරගාවලියට පුහුණුකරුවන් මාරු කිරීම සාර්ථක වන්නේද යන්න කළ විමසීමේදී සොමිතා කියා සිටියේ එය කිසි සේත්ම සාර්ථක නොවන බවයි.
”කොහොම වුණත් ලංකාවේ කටයුතු සිද්ධ වෙන්නේ එහෙම තමා” යයිද ඇය කියා සිටියාය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම
මරීෂා ප‍්‍රනාන්දු (නායිකා - ටොයෝටා ලංකා පුද් සමාගම), සේමිණී අල්විස් (උප නායිකා - ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය), තිසාලා අල්ගම (විශාකා විද්‍යාලය), කාංචනා පි‍්‍රයදර්ශනී ජයවීර (යුද හමුදාව), තර්ජිනී සිවලිංගම් (සෙලාන් බැංකුව), තිළිණි දිනේෂිකා වත්තේගෙදර (ගුවන් හමුදාව), ගිම්හානී අමරවංශ (උසස් බාලිකා විද්‍යාලය මහනුවර), සුරේකා කුමාරි (ගුවන් හමුදාව), ගයනි දිසානායක (විශාකා විද්‍යාලය), යූ.ඩි. චතුරංගනී මල්කාන්ති (ගුවන් හමුදාව), දර්ෂිකා අබේවික‍්‍රම (හැටන් නැෂනල් බැංකුව), නෞචලී රාජපක්ෂ (යුද හමුදාව)
නිලධාරී මණ්ඩලය
ලක්ෂ්මි වික්ටෝරියා (කලමණාකාරිනිය), සොමිතා කුමාරි (පුහුණුකාරිනි), වෛද්‍ය ලාල් ඒකනායක (භෞතචිකිත්සක) සහ පී. ඞී.එන්. ප‍්‍රසාදි (කාන්තා නිලධාරිනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.