Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී සෙලාන් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 57-45 ක ජයක් වාර්තා කිරීමට ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණ 27-20 ක් ලෙස පෙරමුණගත් ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 30 ක් එක්කරගත්හ. සෙලාන් බැංකු ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 16 ක් රැස්කළ ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායමේ සංදීප රත්නායක සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ 26 වැනි දිනයේදී පැවැති ‘ඊ’ කාණ්ඩායේ තරගයකදී මාස් හෝල්ඩිංග්ස් ‘සී’ කණ්ඩායම පරාජය කිරීමට ඩයලොග් ‘බී’ කණ්ඩායම සමත් විය.
‘බී’ කාණ්ඩය
■ ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායම විසින් ලකුණු 57-45 ක් ලෙස සෙලාන් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - සංදීප රත්නායක (ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකු කණ්ඩායම) - ලකුණු 16
‘ඊ’ කාණ්ඩය
■ ඩයලොග් ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 49-44 ක් ලෙස මාස් හෝල්ඩිංග්ස් ‘සී’ කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ධනුෂ්ක මීගහවත්ත (ඩයලොග් ‘බී’ කණ්ඩායම) - ලකුණු 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.