Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ස්ලිම්ලයින් ‘ඒ’ - මාස් සදර්න් ‘ඒ’ ශූරතා දිනාගනිති

ස්ලිම්ලයින් ‘ඒ’ - මාස් සදර්න් ‘ඒ’ ශූරතා දිනාගනිති

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලියේ (පිරිමි) කණ්ඩායම් ශූරතාව ලකුණු 32 ක් ලබාගත් ස්ලිම්ලයින් ‘ඒ’ කණ්ඩායම විසින් දිනාගනු ලබද්දී, කාන්තා කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ලකුණු 31 ක් ලබාගත් මාස් සදර්න් ‘ඒ’ කණ්ඩායමත් සමත්විය.

පිරිමි අනුශූරතාව මාස් සදර්න් ‘බී’ කණ්ඩායමටත් (ලකුණු 23), කාන්තා අනුශුරතා ශ්‍රී ලංකා යුද හමුදාවටත් (ලකුණු 12) හිමිවිය. ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාගාරයේදී පැවැත්විණ.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුන ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ ‘ඒ’ කණ්ඩායමේ පී. ඞී. සුරේෂ්ද දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුන මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ ‘ඒ’ කණ්ඩායමේ අනූෂා කොඩිතුවක්කුද තේරී පත්වූහ.

දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතියෙන් තරග වැදුන ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ ‘ඒ’ කණ්ඩායමේ ඞී. විජේරත්න සම්මාන ලබාගනිද්දී, දක්ෂතම පරාජිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුන මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ ‘ඒ’ කණ්ඩායමේ කෝසලා නිල්මිණී සම්මාන ලබාගත්තාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල්ලයින් වැනි කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැුසක් මෙම තරගාවලියට සහභාගීවූහ.

මෙම තරගාවලිය, ‘ඒ. අයි. බී. ඒ. ලෝක බොක්සිං ශූරතාවලිය’ සඳහා තේරීම් තරගාවලියක් ලෙසද පැවැත්විණ. එම ලබන ඔක්තෝම්බර් මාස 11 වැනිදා 27 වැනිදා දක්වා කසකස්තානයේදී පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංගමයේ හිටපු ලේකම් වරයෙකු මෙන්ම දක්ෂ බොක්සිං කී‍්‍රඩකයකුද වූ ඩොනල්ඞ් මුණසිංහ මහතා ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවිය.

පිරිමි තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
පී. එම්. ටී. එස්. රණසිංහ (ලීනියා කී‍්‍රඩා සමාජය* විසින් එම්. ආර්. සඳරුවන් (එම්. ඞී. එස්.) පරාජය කරන ලදී.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
පී. ඞී. සුරේෂ් (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘ඒ’) විසින් අනුරුද්ධ රත්නායක (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘බී’) පරාජය කරන ලදී.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘ඒ’) විසින් ඩබ්. ආර්. ටී වීරක්කොඩි (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.  

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ආර්. ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව ‘ඒ’) විසින් ආර්. එම්. ඒ. බී. ගුණතිලක (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘බී’) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
එම්. වයි. එම්. දිල්ෂාන් (ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘ඒ’) විසින් ඞී. විජේරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘ඒ’) පරාජය කරන ලදී.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
බී. පී. එස්. කසුන් (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘ඒ’) පරාජය කරන ලදී.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ජී. එච්. මදුසංක (කැෂුවල්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් එම්. ඒ. දිවාරත්න (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.

ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ජී. ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව ‘ඒ’) විසින් ඒ. පී. ජී. චන්ද්‍රකුමාර (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
අමිත් අබේසිංහ (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘ඒ’) විසින් කේ. ජී. ඒ. පී. ජයසේන (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
ඒ. ආර්. ඞී. ඊ. තිලකරත්න (යුද හමුදාව ‘ඒ’) විසින් අයි. පී. බී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය ‘ඒ’) පරාජය කරන ලදී.

කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
ඩබ්. ඒ. ඞී. ජයසිංහ (තුරුලිය කී‍්‍රඩා සමාජය) විසින් කෝසලා නිල්මිණි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) පරාජය කරන ලදී.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
අනූෂා කොඩිතුවක්කු (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) විසින් එච්. එම්. ඞී. එම්. හේරත් (ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
විදුශිකා ප‍්‍රබාධි (ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් බී. එන්. එරන්දි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) පරාජය කරන ලදී.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
කේ. ඒ. කේ. හංසිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) විසින් එම්. පී. කේ. සල්ගාදු (යුද හමුදාව ‘එ්’) පරාජය කරන ලදී.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
බී. එල්. එස්. සඳරේකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘බී’) විසින් එච්. එම්. කේ. ජී. උදයංගනී (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
පී. ජයසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) විසින් එස්. සී. එස්. සිරිවර්ධන (නාවික හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජී. එච්. ටී. එන්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) විසින් ඞී. එම්. එන්. කේ. චන්ද්‍රරත්න (පොලිසිය ‘ඒ’) පරාජය කරන ලදී.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඞී. ඞී. ඞී. වීරරත්න (යුද හමුදාව ‘එ්’) විසින් ඒ. ඒ. නිලන්ති (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය ‘ඒ’) පරාජය කරන ලදී.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ටී. එස්. වීරසිංහ (යුද හමුදාව ‘එ්’) විසින් ආර්. ඩබ්. ඒ. උමේෂා (පොලිසිය ‘ඒ’) පරාජය කරන ලදී.


අදහස් (1)

ස්ලිම්ලයින් ‘ඒ’ - මාස් සදර්න් ‘ඒ’ ශූරතා දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.