Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර යුනිචෙලා ආයතනයේදී පැවැති 88 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය සමත්විය. මාස් සදර්න් ක‍්‍රීඩා සමාජය විසින් කාන්තා කණ්ඩායම් ශූරතාව දිනා ගන්නා ලදි.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් (කිලෝ ග‍්‍රෑම් 56-60) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එන්. ජී. එස්. ජයවීර සම්මාන දිනාගත් අතර දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 45-48) බර පංතියෙන් තරග වැදුණ මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ කේ. එච්. ද සිල්වා සම්මාන දිනාගත්තාය.
දක්ෂතම පරාජිතයා ලෙස සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදා ‘ඒ’ කණ්ඩායමේ ඒ. ආර්. තිලකරත්නද, දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 45-48) බර පංතියෙන් තරග වැදුණ තුරුලි කී‍්‍රඩා සමාජයේ ඒ. ඒ. කේ. නිල්මිණිද සම්මාන හිමිකරගත්හ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලි, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල් ලයින් වැනි කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 184 ක් මෙම තරගාවලියට සහභාගීවූහ.
ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මාස් ඉන්ටිමේට්ස් ආයතනයේ මානව සම්පත් සාමාන්‍යාධිකාරී ලූතිනල් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය.
පිිරිමි තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 46-49) බර පංතිය
පී. ජී. ඊ. මධුෂාන් (ගුවන් හමුදාව) විසින් එම්. පී. නුවන් (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49-52) බර පංතිය
මලිත් ප‍්‍රභාෂ්වර (ස්ලිම්ලයින්* විසින් එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 52-56) බර පංතිය
ඩබ්ලිව්. ඒ. ටී. වීරක්කොඩි (යුද හමුදාව) විසින් එච්. එස්. ධනුෂ්ක (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 56-60) බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින්) විසින් අයි. පී. උදය කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60-64) බර පංතිය
පී. වී. සපරමාදු (ස්ලිම්ලයින්) විසින් පී. එම්. බී. රොද්‍රිගූ (නාවික හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64-69) බර පංතිය
එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්) විසින් ආර්. ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 69-75) බර පංතිය
එම්. ඒ. දිවාරත්න (යුද හමුදාව) විසින් ඞී. එල්. කුමාර (නාවික හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 75-81) බර පංතිය
ජී. ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් එස්. බී. කෝරලගෙදර (යුද හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 81-91) බර පංතිය
ඩබ්ලිව්. එල්. සඳුන් (ගුවන් හමුදාව) විසින් බී. එන්. එස්. සම්පත් (නාවික හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
එල්. ටී. බී. රත්නදිවාකර (ස්ලිම්ලයින්) විසින් ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) පරාජය කරන ලදි.
කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 45-48) බර පංතිය
කේ. එච්. ද සිල්වා (මාස් සදර්න්) විසින් ඒ. ඒ. කේ. නිල්මිණි (තුරුලි) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48-51) බර පංතිය
අනුරාධා ජයසිංහ (මාස් සදර්න්) විසින් ඒ. කේ. කුමාරි (ලීනියා) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 51-54) බර පංතිය
එම්. පී. කුරේ (ගුවන් හමුදාව) විසින් කේ. කේ. පෙරේරා (යුනිචෙලා) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 54-57) බර පංතිය
සිතාරි සඳරේකා (මාස් සදර්න්) විසින් කේ. ඒ. ඞී. ධර්මතිලක (තුරුලි) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග‍්‍රෑම් 57-60) බර පංතිය
එම්. එම්. වී. ප‍්‍රබාධි (යුනිචෙලා) විසින් කේෂානි හංසිකා (මාස් සදර්න්) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 60-64) බර පංතිය
පි‍්‍රයානි ජයසේකර (මාස් සදර්න්) විසින් ඩබ්ලිව්. එම්. වනසිංහ (පොලිසිය) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64-69) බර පංතිය
ඒ. එම්. පී. අතපත්තු (මාස් සදර්න්) විසින් ඩබ්ලිව්. එම්. එල්. සමරතුංග (තුරුලි) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 69-75) බර පංතිය
ඒ. ඒ. නිලන්ති (මාස් සදර්න්) විසින් ශෂිකලා චන්ද්‍රසේකර (මාස් සදර්න්) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 75-81) බර පංතිය
ඞී. පී. ජයරත්න (නාවික හමුදාව) විසින් ජේ. ඒ. ජයසිංහ (පොලිසිය) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග‍්‍රෑම් 81 ට වැඩි) බර පංතිය
ටී. එම්. වීරසිංහ (යුද හමුදාව) විසින් ආර්. එම්. රත්නායක (සිලූවේටා) පරාජය කරන ලදි.
දක්ෂතම කී‍්‍රඩකයා - ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එන්. ජී. එස්. ජයවීර
දක්ෂතම කී‍්‍රඩිකාව - මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ කේ. එච්. ද සිල්වා
දක්ෂතම පරාජිතයා - යුද හමුදා ‘ඒ’ කණ්ඩායමේ ඒ. ආර්. තිලකරත්න
දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව තුරුලි කී‍්‍රඩා සමාජයේ ඒ. ඒ. කේ. නිල්මිණි
ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය
මාස් සදර්න් කී‍්‍රඩා සමාජය
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.