Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙල්වරත්නම් අභියෝග කුසලාන තරග ඉරිදා

සෙල්වරත්නම් අභියෝග කුසලාන තරග ඉරිදා

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ දෙවැනි තරගාවලිය ලබන ඉරිදා (2 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. මෙම තරගාවලිය ‘සෙල්වරත්නම් අභියෝග කුසලාන’ තුරඟ තරගාවලිය ලෙස නම් කර තිබේ.

මෙහිදී සෙල්වරත්නම් අභියෝග කුසලාන, ජනමාධ්‍ය අමාත්‍යංශ කුසලාන, බ්ලැක්පූල් හෝටල් කුසලාන, ඬේලිමිරර් කුසලාන, එච්. එන්. බී. ග්‍රාමීන් ෆිනෑන්ස් කුසලාන, නුවර එළිය උත්සව සමය කුසලාන සහ පෝනි සුබසාධන ලොතරැයි කුසලාන යන කුසලාන සඳහා තරග 7 ක් පැවැත්වේ.

එහිදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, අනුර දෙල්ගොඩ, ජේම්ස් මැතිව්, අනුක ද සූසා, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, නවීන් මාධව බණ්ඩාර, එම්. සුදාගර්, එස් ලෝගනාදන්, එස්. වී. මදියලගන් සහ හසීබ් මොහොමඞ් යන මහත්ම මහත්මීන් හිමිකාරත්වය දරන අශ්වයන් 40 ක් පමණ තරග වැදීමට නියමිතය.

මෙම තරගාවලියේ ප්‍රධානතම තරගය වන ‘සෙල්වරත්නම් අභියෝග කුසලාන’ තරගය මීටර 1600 ක දුරකින් සමන්විත වන අතර එම තරගය ජයගන්නා අශ්වයාගේ හිමිකරුට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවේ. එම තරගය සඳහා අශ්වයන් 7 දෙනෙක් සහභාගි වීමට නියමිත අතර ඉන් තිදෙනෙක්ම දීප්තිකා ජයකොඩි මෙනවියගේ අශ්වයන් වීම කැපී පෙනෙන සිදුවීමකි.

ඇල්කසබා, රොස්වල්ඞ්, සිල්වර් ස්ටී්‍රක් (හිමිකරු - දීප්තිකා ජයකොඩි), මෙහෙරාන් (හිමිකරු -ගාමිණී ජයරත්න), චුල්බුල් පාණ්ඬේ (හිමිකරු - අනුර දෙල්ගොඩ), ඇට්ලාන්ටස් (හිමිකරු - හසංග ජයරත්න) සහ චාර්ලිමේන් (හිමිකරු - ජේම්ස් මැතිව්) එම තරගයේදී තරග වැදීමට නියමිත අශ්වයෝ වෙති.

ඒ අතුරන් දීප්තිකා ජයකොඩි මෙනවියගේ ඇල්කසබා, හසංග ජයරත්න මහතාගේ ඇට්ලාන්ටස් සහ ජේම්ස් මැතිව් මහතාගේ චාර්ලිමේන් යන අශ්වයන් තිදෙනා අතර ‘සෙල්වරත්නම් අභියෝග කුසලාන’ දිනාගැනීම සඳහා ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය.

තවද මෙවර තරගාවලිය අතුරතුර විවිධ ආබාධ වලට ලක්වන අශ්වයන්ට ප්‍රතිකාර කිරීම නව ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමටද, නුවර එළිය නගරය පුරා සිටින පෝනියන්ගේ සුබසාධනය උදෙසා අරමුදලක් පිහිටුවීමටද තුරඟ තරග සමාජය සූදානමින් සිටියි.

මෙම තරග මාලාවේ පළමු තරගාවලිය (නිදහස් දින තුරඟ තරගාවලිය) පෙබරවාරි මස 25 වෙනිදා නිමාවට පත් වූ අතර මේ මාසයේදී පැවැත්වෙන ඉතිරි තරගාවලි දෙක 16 සහ 29 යන දින වලදී පැවැත්වීමට නියමිතය. ඉන් 16 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලිය ‘මැජික් මිලියන් කුසාලාන’ තරගාවලිය ලෙසත්, 29 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලිය ‘ආණ්ඩුකාර කුසලාන’ තරගාවලිය ලෙසත් නම් කර තිබේ.

තුරඟ තරග සමාජය වෙනුවෙන් මෙම තරග මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප්‍රවීණයකු වන වේන් වුඞ් මහතා විසිනි. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරන අතර පණ්ඩුක කීර්තිනන්ද මහතා එම සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.


අදහස් (0)

සෙල්වරත්නම් අභියෝග කුසලාන තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.