Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධාරානිපාත වර්ෂාවෙන් සහ විදුලි කෙටීමෙන් මෙල්බර්න් නුවරම ගිලගනිද්දී ඕස්ටේ්රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පස්වැනි දිනය වූ ඊයේ කවුරුත් පුල පුලා බලා සිටි තරගයෙන් බල්ගේරියාවේ ගි්රගෝර් දිමිති‍්‍ර ලකුණු 6-4 ක්, 3-6 ක්, 6-1 ක් සහ 6-4 ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනා අතරට සේන්දු වීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත්විය.
දැඩි වර්ෂාව නිසා එළිමහන් පිටියේ පැවැත්වීම වෙනුවට වහලක් සහිත රොඞ් ලීවර් පිටියේ පැවැති මේ තරගය ෆෙඩරර්ගේ 300 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් ජයග්‍රහණය වීමද විශේෂත්වයකි. සිවුවරක් ඕස්ටේ්රලියානු ටෙනිස් කිරුළට හිමිකම් කී ෆෙඩරර් මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම ටෙනිස් කී‍්‍රඩකයා ලෙසද සැලකේ.
හිටපු විශිෂ්ඨ කී‍්‍රඩිකාවක් වන මාටිනා නව්රතිලෝවා ග්රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරග වලදී ලබාගත් ජයග්‍රහණ 306 වාර්තාවට කිට්ටු කරමින් සිටින ෆෙඩර්ර මෙවර ඕස්ටේ්රලියානු විවෘත ටෙනිස් කිරුලේ ජයග්‍රහණය දක්වා යාමට සමත්වුවහොත් එය ඔහුගේ 304 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් තරගය වනු ඇත.
34 හැවිරිදි ෆෙඩරර් හමුවේ දැඩි සටනක් දීමට මේ ශූරතාවලියට පෙර බි්රස්බේන් නුවර පැවැති තරගාවලියේ දී දිමිති‍්‍ර සමත්වූවත් ඊයේ නම් ෆෙඩර්ර් හමුවේ සටනක් නොදීම දණ නැමීමට ඔහුට සිදුවිය.
මේ අතර තුන්වැනි වටයේ දීම අමෙරිකාවේ යොවුන් කී‍්‍රඩිකා ලොරේන් ඬේවිස් පරාජය කිරීමට පැය දෙකකුත් මිනිත්තු 14 ක් ගතකළ රුසියාවේ මාරියා ෂරපෝවා ඊයේ ලබාගත්තේ ඇගේ වසර 15 ක වෘත්තීය තරග දිවියේ 600 වැනි ජයග්‍රහණයයි.
‘වාව්...මම ටෙනිස් තරග 600ක් දිනලද...? ම්..ඒක හරියට මම දැන් වයසයි කියලා ආදරණීය මතක් කිරීමක් වගෙයි” ඇය එසේ කීවේ 600 වැනි ජයග්‍රහණය සැමරීමට තරගාවලි අධ්යක්ෂ ක්‍රෙග් ටිලේ පිරිනැමූ කේක් ගෙඩිය කපමිනි.
ඇයට අවසන් 16 දී තරග කිරීමට සිදුවී ඇත්තේ ස්විට්සර්ලන්තයේ 18 හැවිරිදි යොවුන් කී‍්‍රඩිකා බෙලින්ඩා බෙන්සික් සමගය. ඒ තරගයේ ජයග්‍රාහිකාවට අර්ධ අවසන් පූර්ව තරගයේ දී මුණ ගැසෙන්නේ නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස් බව වේලාසනින්ම දැනගන්නට ලැබී තිබේ.
සෙරීනා අවසන් 16 දෙනා අතරට ගියේ රුසියාවේ 18 හැවිරිදි යොවුන් කී‍්‍රඩිකාව දාර්යා කසට්කිනා ලකුණු 6-1 ක් සහ 6-1 ක් ලෙස පරාජයට පත්කිරීමෙනි. ඇයට ඒ සඳහා ගතවී තිබුණේ මිනිත්තු 45ක් පමණි. සෙසු තරගවලදී අවසන් 16 දෙනා අතරට යමින් කැපී පෙනෙන කී‍්‍රඩකයන් බවට පත්වූයේ නොම්මර එකේ කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් සහ ප්‍රංශයේ ජෝ විල්ෆ්රඞ් සොංගාය.
කෙසේවෙතත් උදෙන්ම මෙල්බර්න් නුවර ඇද වැටුණු අධික වර්ෂාව නිසා ඊයේ පැවැත්වීමට තිබූ යුගල තරග කිහිපයක්ම කල් දැමීමට සිදුවී තිබුණත් නරඹන්නන්ගේ සහභාගීත්වයේ නම් කිසිම අඩුවක් දක්නට නොතිබිණි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.