Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය.
තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 58-52 ක ජයක් වාර්තා කරමින් ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 28-26 ක් ලෙස ජෝන් කීල්ස් කණ්ඩායමට වඩා ලකුණු 2 ක් ඉදිරියෙන් සිටීමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. එහෙත් දෙවැනි අර්ධයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ තරගය නිමා වන විට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට වඩා ලකුණු 6 ක් ඉදිරියෙන් සිටියහ.
අවසන් තරගයේදී ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු සොවිස් ලකුණු 15 ක්ද, චරිත් ද සිල්වා ලකුණු 10 ක්ද රැස්කළ අතර කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් කනිෂ්ක විජේසිංහ ලකුණු 16 ක්ද, මෙරාන් පෙරේරා ලකුණු 15 ක්ද රැස්කළහ.
කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමේ චරිත් ද සිල්වා අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, එම කණ්ඩායමේම ළහිරු සොවිස් ‘බී’ කාණ්ඩයේ වටිනාම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.