Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 2014 ජූලි මස 23 වැනිදා සිට ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙල වෙනුවෙන් රටවල් 248 ක් පුරා රැගෙන යන ‘රැජනගේ යෂ්ටිය’ අද (20 වැනිදා) ගල් අගුරු දහනයෙන් කි‍්‍රයාත්මක වන වාෂ්ප දුම්රියෙන් කොළඹ සිට මහනුවර දක්වා රැගෙන ගියේය. එසේ යන අතරේදී පින්නවල අලි අනාථාගාරයට ‘රැජනගේ යෂ්ටිය’ ගෙන යාමටද එහි ශී‍්‍ර ලංකා සංචාරයේ සංවිධායකයෝ පියවර ගත්හ.
ශී‍්‍ර ලංකාවේ දැනට ධාවනයේ යෙදෙන එකම වාෂ්ප දුම්රිය වන ‘වයිස්රෝයි ස්පෙෂල්’ දුම්රියෙන් එය කොළඹ සිට මහනුවර දක්වා රැගෙන යන ලදී.
ශී‍්‍ර ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලනයේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, එහි ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරුන් ඇතුඑ 30 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්ද ‘රැජනගේ යෂ්ටිය’ රැගත් දුම්රියේ ගමන්කළහ.
දුම්රිය රඹුක්කන දුම්රියපොළට ළඟා වූ අවස්ථාවේදී පාසල් දරු දැරියන් ජාතික කොඩි වනමින් හා මල් ඉසිමින් දුම්රියේ පැමිණි පිරිස පිළිගන්නාලදී. අනතුරුව කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් සහ රඹුක්කන ප‍්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම යන මහත්වරුන් ඇතුඑ පිරිස විසින් රැජනගේ යෂ්ටිය ගෙනයන්නන් පිළිගනු ලැබිණ.
අනතුරුව පසුගිය වසරේ චීනයේදී පැවති ආසියානු කී‍්‍රඩා උළෙලේ මීටර් 400 තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනා රන් පදක්කමක් හිමිකරගත් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ සිවන්ති කුමාරි රත්නායක සහ 2013 ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගයෙන් මීටර 400 කඩුලූපැනීමේ තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගත් කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලයේ අනුරාධ විදුසංඛ දෙදෙනා වෙත ‘රැජනගේ යෂ්ටිය’ බාර කෙරිණ.
පසුව විශේෂ බස්රථයකින් එම නියෝජිත පිරිස පින්නවල අලි අනාථාගාරය වෙත ගිය අතර එහිදීද උඩරට නැටුම් සහිත පෙරහරකින් ඔවුහු අලි අනාථාගාරය තුළට කැඳවාගෙන යනු ලැබූහ.
රඹුක්කන සිට මහනුවර දක්වා නැවතත් වාෂ්ප දුම්රියෙන් ගිය ‘රැජනගේ යෂ්ටිය’ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් මහනුවරදී පිළිගන්නා ලදුව ආශිර්වාද සඳහා දළදා මාලිගයට ගෙන යන ලදි.
‘රැජනගේ යෂ්ටිය’ ඊයේ රාති‍්‍රයේ ශී‍්‍ර ලංකාවේ සිට මාලදිවයින හරහා සිංගප්පූරුව බලා යැවීමට නියමිතව තිබිණ.
(ඡායාරූප : කෑගල්ල කරුණාරත්න අතුකෝරාල සහ මහනුවර ෂේන් සෙනෙවිරත්න)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.