Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 අරුණ හෙට තරග බිමට
පැරිස් ඔලිම්පික් - 2024

අරුණ හෙට තරග බිමට

editorial - 2024 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ  ප්‍රංශයේ පැරිස් නුවර සිට)

ශ්‍රී  ලංකා මීටර්  400 ක්‍රීඩක අරුණ  දර්ශන හෙට (4) ශ්‍රී  ලංකා වේලාවෙන් රාත්‍රී  10.35 ට (ප්‍රංශ වේලාවෙන්  රාත්‍රී  7.05) ආරම්භ  වන ඉසව්වේ  මූලික වටයට තරග වැදීමට නියමිතය. එහිදී තරග 06 කින් සමන්විත මූලික වටයේ පස් වැනි තරගයට ඔහු සහභාගි වේ.

මීටර් 400 (පිරිමි) ඉසව්වේ ලෝක ශ්‍රේණිගත  කිරීම්  අනුව 51 වැනි ස්ථානයේ  පසුවෙමින් අරුණ හෙට පැරිස්  ඔලිම්පික් මූලික තරග වටයට සභභාගි වේ. ඉසව්වේ අරුණගේ මෙතෙක්  හොඳම කාලය  තත්පර 45.30 කි. අරුණ  දර්ශන  තරග වදින පස් වැනි මූලික වටයේ තරගයට ලෝක  ශ්‍රේණිගත  සිව්  වැනි ස්ථානයේ පසු වන ඔලිම්පික්  හා ලෝක ශූරතා රන් පදක්කම් ලාභියෙකු වන ග්‍රෙනඩා ක්‍රීඩක ජේම්ස් කිරානිද  වේ.

මූලික වටයේ   තරග  තෙවැනි  ස්ථාන දක්වා පැමිණෙන ක්‍රීඩකයන් හා අනතුරුව  පරාජිතයන් අතර පැවැත්වෙන තරග වටයේ හොඳම ක්‍රීඩකයන් හය දෙනෙකු ( එකතුව 24) ඉසව්වේ අවසන් පූර්ව  වටයට නිර්දේශ කර ගැනේ.


අදහස් (0)

අරුණ හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.