Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 රුමේෂ්ට අඟල් දෙකකින් පැරිස් ඔලිම්පික් වරදී

රුමේෂ්ට අඟල් දෙකකින් පැරිස් ඔලිම්පික් වරදී

editorial - 2024 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු  කොරියාවේ  මොක්පෝ නුවරදී පැවැති  ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියේදී  නව වාර්තා දෙකක් පිහිටුවමින්  හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී  ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට එහිදී අගල් දෙකක් හෙවත්  සෙන්ටිමීටර පහක අඩුවක් වීමෙන් 2024 පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීම අහිම් විය.

මීටර් 85.45 ක දක්ෂතාවයක් පළ කළ රුමේෂ්ට එය මීටර් 85.50 ක්  (පැරිස්  ඔලිම්පික් හෙල්ල  විසි කිරීම - පිරිමි ඉසව්වේ අවම නිර්දේශය) කළ හැකි වූයේ නම් එය පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමට හොඳටම ප්‍රමාණවත්ය. කෙසේවුවත් මොක්ෆෝ  නුවරදී පෙරේදා (15) ඔහු දැක්වූ දක්ෂතාව ආසියානු විසි කිරීමේ ඉසව් තරගාවලියේ එම ඉසව්වේ නව තරග වාර්තාව පමණක්  නොව එහි  නව ශ්‍රී ලංකා වාර්තාව බවටද පත් වීම කැපී පෙණුනි.

මොක්ෆෝ  නුවරදී  පැවැති මෙම තරගාවලියේදී රුමේෂ්  හා තරග වැදෙමින් මීටර් 77.57 කට ලෝකඩ පදක්කම  හිමිකරගත්  සුමේධ රණසිංහ  සතුව එතෙක්  පැවැති ඉසව්වේ  ශ්‍රී  ලංකා වාර්තාවද (මීටර් 83.04 - 2015) බිද වැටුණි.

රන් පදක්කම්ලාභී රුමේෂ් තරංග කොළඹ ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙකි. 21 හැවිරිදි ඔහුගේ පුහුණුකරු  ලෙස කටයුතු  කරන ටෝනි ප්‍රසන්න මහතාද ඔහු සමග මෙම  දකුණු  කොරියානු තරග සංචාරයට  සහභාගි  විය.
   
මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ  කාන්තා ඉසව්වෙන් මිටර්  57.94 කට ලෝකඩ  පදක්කම හිම් කර ගත්තේ මෙම තරග වාරයේ මෙතෙක්  හොඳම  දක්ෂතාවය  පළ කරමිණි. කෙසේවුවත් ජපන් ක්‍රීඩිකා මොමෝනේ මීටර් 61.32 කට මෙහි රන් පදක්කම දිනා ගත්තාය.  එහෙත් පැරිස් ඔලිම්පික් එහි අවම නිර්දේශය මීටර් 64.00කි. 

පෙරේදා දකුණු කොරියාවේදී  තරග වැදුණු ශ්‍රී  ලංකා ක්‍රීඩිකා දිල්හානි හර්ෂණී මධුවන්ති හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් අත් කර ගත්තේ හත් වැනි ස්ථානයයි. ඒ මීටර 48.46 කටය. එය මෙතෙක් ඉසව්වේ ඇගේ හොදම දක්ෂතාවයද වේ. 

ඒ අනුව නිමාවට පත්වූ එම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගත්තේය.


අදහස් (0)

රුමේෂ්ට අඟල් දෙකකින් පැරිස් ඔලිම්පික් වරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.