Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 ඔලිම්පික් උළෙලේ පෙරහුරුව කල්දමයි
2024 පැරීසිය

ඔලිම්පික් උළෙලේ පෙරහුරුව කල්දමයි

editorial - 2024 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධික වර්ෂාව හේතුවෙන් සේන් ගංගාවේ සැඩ පහර වැඩි වීම නිසා මෙම මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ පැරිස් ඔලිම්පික් උලෙලේ සමාරම්භක උත්සවයේ පෙරහුරුව කල් දමා තිබේ. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සේන් ගඟ ඔස්සේ කිලෝ මීටර 6 ක දුරක්, පෙරහැරකින් කැඳවාගෙන යන බෝට්ටු සඳහා වන තාක්ෂණික පරීක්ෂණය මැයි 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් සේන් ගඟේ සැඩ පහර වැඩිවීමෙන් එය කල් දමා තිබේ. 

“සේන් ගඟේ සැඩ පහර හොඳටම වැඩියි. අපි ජූලි 26 වැනිදාට පුළුවන් තරම් ආසන්න දිනයක් තෝරාගන්න උත්සාහ කරනවා” යයි පැරීසියේ නියෝජ්‍ය නගරාධිපති පියරේ රබඩන් මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. කෙසේ වෙතත් පෙරහුරුව සඳහා තවමත් දිනයක් නියම කර නැත.

ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ ‘අංග සම්පූර්ණ පෙරහුරුව’ ජුනි 17 වැනිදාට සැලසුම් කර ඇත.
සේන් ගංගාව පැරිස් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අංගයකි. සමාරම්භක උත්සවය එහිදී පැවැත්වෙන අතර විවෘත පිහිනුම් ඉසව් මෙන්ම තුන්ප්‍රයාම ඉසව් පැවැත්වෙන්නේත් සේන් නදියේදීය. 


- 213


අදහස් (0)

ඔලිම්පික් උළෙලේ පෙරහුරුව කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.