Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Olympic 2024 පැරිස් ඔලිම්පික් හෙට ඇරඹේ

පැරිස් ඔලිම්පික් හෙට ඇරඹේ

editorial - 2024 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ප්‍රංශයේ පැරිස් නුවරදී හෙට (26) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11 ට ( ප්‍රංශයේ  වේලාවෙන් රාත්‍රී 7.30) 33 වැනි ගිම්හාන ඔලිම්පික්  උළෙල  ඇරඹේ. ඒ එරට ජනාධිපති  එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙනි.එහි විශේෂත්වය ලක්ෂයකට ආසන්න පොලිස්  හා යුද හමුදා බලකායක්  එහි ආරක්ෂාාවට  යොදවා තිබීමය.පැරිස්  ඔලිම්පික් නිමාවට පත් වන්නේ අගෝස්තු  12 වැනිදාය.

එහිදී මෙවර ගුවනේ ආරක්ෂාව පිළිබඳව  වඩාත්ම  සැළකිලිමත්වී ඇත්තේ  ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව  වඩාත්ම  අවධානය  යොමු කරමිණි.අද සමාරම්භක උත්සවය පවත්වා අවසන්  වන තුරු පැරිස්  නුවර ගුවන තහනම් කලාපයක් බවට පත් කර තිබේ.

රටවල් හා ජාතීන්  206 කට අයත්  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  10714 දෙනෙකු පැරිස් නුවරට මේ වන විට ළගාවී සිට්න අතර ඔවුන්ට උපකාර කිරීම සදහා  ස්වෙච්ඡා සේවක සේවිකාවන් 50000 කට ආසන්න  පිරිසක් ක්‍රීඩා ඉසව් පැවැත්වෙන ක්‍රීඩාංගණවල පමණක් නොව පැරිස් නුවර හා අවට නගර වල බස් හා දුම්රිය ස්ථාන ඇතුළු පොදු ස්ථානවල යොදවා තිබේ.

හෙට පැවැත්වෙන සමාරම්භක  උත්සවය වඩාත් විචිත්‍ර  වන්නේ සහභාගි  වන රටවල කණ්ඩායම් පැරිස් නුවර හරහා ගලා බස්නා සෙන් නදිය ඔස්සේ බෝට්ටුවල නැගී ඊට සහභාගි වෙමින් ප්‍රධාන  ක්‍රීඩාංගණයට ළගාවීමයි. 

සමාරම්භක උත්සවය සෙන් නදිය දෙපස සිට ලක්ෂ තුනකට ආසන්න පිරිසක් නරඹනු ඇතැයිද වාර්තාවේ.

මෙවර මිලියන 15 කට ආසන්න  පිරිසක් පැරිස්  ඔලිම්පික් උළෙල  ක්‍රීඩාංගණවල සිට නරඹන අතර රූපවාහිනී හා අන්තර් ජාලය ඔස්සේ බිලියන පහකට වැඩි පිරිසක් එය සජීවිව නරඹනු ඇතැයි පූර්වෝප කථනය කර තිබේ.

මේ අතර පැරිස්  ඔලිම්පික්  උළෙල සහභාගි  වන ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායම  ඊයේ(25) උදෑසන  පැරිස්  නුවරට ළගාවූ අතර ඔවුන් චාල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර  ගුවන් තොටුපොළේදී ප්‍රංශයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු  ලැබීය. එහිදී මීටර්  800  ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ හා මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන ඇතුළු ඔවුන්ගේ පුහුණුකරුවන් ඊයේ පැරිස් නුවරට ළගා විය. 

මෙවර  පැරිස්  ඔලිම්පික්  ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුට පමණක් සීමාවී තිබේ.ඊට පිහිනුම්  හා බැඞ්මින්ටන් යන ක්‍රීඩා ඉසව්  දෙකෙන් එක් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත්ව සිටිති. ඔවුන්ගේ  තරග වැදීම ඉරිදා  (28) සිට ආරම්භ වේ.

ඒ අනුව ශ්‍රී  ලංකා  බැඞ්මින්ටන්  ක්‍රීඩක විරේන් නෙත්තසිංහ  එදින ශ්‍රී  ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට  කේවල - පිරිමි ඉසව්වට මැලේසියානු  ක්‍රීඩක ලී සී ජියර් සමග ඔහුගේ පළමු තරග වැදීමට සහභාගි වේ.

ප්‍රංශය ඔලිම්පික්  උලෙළක සත්කාරය දරන්නේ 1924 න් පසුවය.

 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද පැරිස් ගුවන් තොටුපොළේදී


අදහස් (0)

පැරිස් ඔලිම්පික් හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.