Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Paris Para Olympic 2024 ආසියානු ශූර ප්‍රදීප්ට 9 වැනි තැන

ආසියානු ශූර ප්‍රදීප්ට 9 වැනි තැන

editorial - 2024 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ප්‍රංශයේ පැරිස්  නුවරදී  පැවැත්වෙන  පැරලිම්පික්  ක්‍රීඩා  උළෙලේ පෙරේදා (31) තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි  ටී.46 හෙවත් එක් අතක් වැළමිටෙන් පහළ ආබාධ හෝ අහිමි කාණ්ඩයේ මීටර් 1500 (පිරිම්) ඉසව්වෙන් එහිදී  අත් කර ගත්තේ විනාඩි 4 තත්පර  01.84 කට නව වැනි ස්ථානයයි. මෙම  ක්‍රීඩකයා පැවැති (2022) හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේ  (විනාඩි 4.05.14) රන් පදක්කම්ලාභියායි.

කෙළින්ම  අවසන් තරග ලෙස මෙම ඉසව් පැවැත්වීමේදී මෙහි රන් පදක්කම දිනා ගත්තේ  ටෝකියෝ (2020) පැරලිම්පික් උළෙලේදීත්  ජයග්‍රාහකයා වූ රුසියානු ක්‍රීඩක ජරෙම්චුක් ඇලෙක්සැන්ඩර් විසිනි.ඒ විනාඩි 3 තත්පර 50.24 කටය.

මෙහිදී  ටී 44 හෙවත් එක් පාදයක් දණහිසෙන් පහළ අහිමි හෝ අප්‍රාණික (පිරිමි) කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ  අවසන් තරගය සදහා ශ්‍රී  ලංකා ක්‍රීඩක නුවන්  ඉන්දික අද  (2) ශ්‍රී  ලංකා වේලාවෙන් පාන්දර තරග වැදීමට නියමිතව තිබුණි.

මේ අතර චීනය රන් පදක්කම් 26 ක් දිනා ඊයේ (1) වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන තිබුණි. දකුණු  ආසියානු කලාපයේ ඉන්දියාව ඒ වන විට රන් පදක්කමක්ද ඇතුළුව පදක්කම් පහක් දිනා තිබුණි. එහිදී  නේපාලය  පැරලිම්පික්  ක්‍රීඩා  ඉතිහාසයේ  පළමු වතාවට පදක්කමක් දිනා ගැනීම කැපී පෙණුනි. ලෝකඩ පදක්කමක් වූ එය දිනා ගත්තේ  ටයිකොන්ඩෝ ක්‍රීඩිකා පලේෂා ගොවර්දාන් විසිනි.


අදහස් (0)

ආසියානු ශූර ප්‍රදීප්ට 9 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.