Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ප්‍රංශයේ පැරිස් නුවරදී අද (28) ආරම්භ වන 17 වැනි පැරලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන් 25 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ වශයෙන් දිවයිනෙන් පිටත්ව යාම පසුගිය (24) සිට ආරම්භ කළේය.
කෙසේවූවත් මෙවර පැරිස් පැරලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් නිර්දේශවී සිටින්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකි. හෙට (29) සිට ශ්‍රීලංකාව තරග වැදීම අරඹයි. සරණාගත කණ්ඩායම ඇතුළුව රටවල් හා ජාතීන් 170 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා ඉසව් 22 ක් සදහා එහිදී සැප්තැම්බර් 8 වැනිදා දක්වා තරග වදිති.
1996 ඇට්ලන්ටා උළෙලේ සිට ශ්‍රී ලංකාව පැරලිම්පික් උළෙල සඳහා සහභාගි වේ.එහිදී 2012 (ලන්ඩන්), 2016 (රියෝ) හා ටෝකියෝ (2020) යන පසුගිය පැරලිම්පික් උළෙල තුනකදීම ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.එසේ ශ්‍රී ලංකාව මේ දක්වා එක් රන් පදක්කමක් රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් හතරක් දිනා ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මලල ක්‍රීඩක සමිත දුලාන්ද උප නායකයා ලෙස මලල ක්‍රීඩක නුවන් ඉන්දික ද ජාතික පැරලිම්පික් කමිටුව විසින් නිර්දේශකර තිබේ.
ශ්‍රී ලංකාව ටෝකියෝ (2020) පැරලිම්පික් උළෙලේදී හෙල්ල විසි කිරීමේ(පිරිමි) ඉසව්වකින් ලෝක වාර්තාවක්ද පිහිටුවීමට සමත් විය.එය පිහිටුවූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තගේ පැර ක්රීඩකභාව මෙම වසරේ මැයි මාසයේ ජපානයේ කෝබේ නුවරදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියට තරග වැදීමත් සමග අහෝසි කෙරුණි.
මෙවර පැරිස් පැරලිම්පික් උළෙලටත් නිර්දේශ ලබා සිටි ඔහුගේ පැර ක්රීඩාභාවය අහෝසි කිරීමට ලෝක පැර මලල ක්‍රීඩා කමිටුව කටයුතු කළේ ඉන්දියාව කළ පැමිණිල්ලක් මතය.
පැරිස් පැරලිම්පික් සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි :-පිහිනුම්:- නවීඩ් රහීම් (මීටර් 400 -නිදහස් ආරඑස් 9 - එක් පාදයක් දණ හිසෙන් පහළ අහිමි කාණ්ඩය), මලල ක්‍රීඩා:- පිරිමි - නුවන් ඉන්දික-: (මීටර් 100 ටී 44- දණ හිසෙන් පහළ එක් පාදයක් ආබාධ හෝ අහිමි කාණ්ඩය), ප්‍රදීප් සෝමසිරි (මීටර් 1500 - ටී 46 :- වැළමිටෙන් පහළ එක් අතක අබාධ හෝ අහිමි කාණ්ඩය), අනිල් ප්‍රසන්න ජයලත් (මීටර් 100 -ටී 42/63 :- එක් පාදයක් දණ හිසෙන් පහළ අහිමි හෝ ආබාධ කාණ්ඩය), සමිත දුලාන් (හෙල්ලවිසි කිරීම -එෆ් 44 :-එක් පාදයක් ආබාධ හෝ අහිමි කාණ්ඩය), පාලිත බණ්ඩාර (යගුලිය විසි කිරීම -එෆ් 42/63:-පාදයක් දණ හිසෙන් පහළ ආබාධ හෝ අහිමි කාණ්ඩය)
මලල ක්‍රීඩා:- කාන්තා - ජනනි ධනංජනා (දුර පැනීම -ටී 47:- වැළමිටෙන් පහළ එක් අතක් ආබාධ හෝ අහිමි කාණ්ඩය)
ටෙනිස් - රෝද පුටු:- (විවෘත/ කේවළ- කාණ්ඩය)
පුහුණුකරුවන්:-මලල ක්‍රීඩා:- ප්‍රදීප් නිශාන්ත, වයි.කේ කුලරත්න, ධනුෂ්ක ප්‍රභාත් පෙරේරා, පිහිනුම්:- මනෝජ් අබේසිංහ,ටෙනිස් (රෝද පුටු) :- සංක අතුකෝරාල
කණ්ඩායමේ පරිවාර නිලධාරීන්- කණ්ඩායම් ප්‍රධානි:- දීපාල් හේරත්,
උපදේශකවරුන් හා සබ්බන්ධිකරණ නිලධාරීන් :- කාංචනා ප්‍රදීප් ද සිල්වා, රජිත අම්පේමොහොට්ටි, රජීව වික්‍රමසිංහ. දිලිනි වාරියපොළ, නාලනී රණසිංහ, භෞත චිකිත්සක :- සම්පත් පී බණ්ඩාර, කළමනාකරු - බ්‍රිගේඩියර්, ධනංජය අලුදෙණිය, වෛද්‍ය නිලධාරී -: වෛද්‍ය චතුර එදිරිසිංහ.
රාජ්‍ය නිලධාරීන් :- ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු, ගාමීණී කොස්තා හා මාධ්‍ය භාර නිලධාරී :-නාමල් සිල්වා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.