Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

editorial - 2023 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගයේදීම කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් පළමුවෙන් පිතිහරඹය තෝරාගතතේය. එහෙත දසුන් ශානක කීවේ වර්ෂාව පෙනෙන මානයේ තිබෙන බැවින් කාසියේ වාසිය අහිමිවීමම වාසියක් විය හැකි බවයි. 


10:04 PM

හතරේ පහරකින් තරගය අවසන් කළ චරිත් අසලංක (නොදැවී 62) සහ දසුන් ශානක (නොදැවී 14) බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් එක දිගට ලබාගත් 11 වැනි එක්දින ජයග්‍රහණයයි. 

08:40 PM

ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකුම එක්වී ලබාගත්තේ ලකුණු 20 ක් වූවත්, ස්ථාවර ගමනක නිරතව සිටින සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට තල්ලු කරමින් සිටී. 20 වැනි ඕවරය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු 90 න් ලකුණු 39 කට සධීර හිමිකම් කීවේය. 

07:41 PM

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ලකුණු 15 ක් තුළ දැවී ගියහ. සධීර සමරවික්‍රම ලකුණු 13 ක් ලබාගෙන ඇතත් කුසල් මෙන්ඩිස්ට සිය පළමු ලකුණ ලබාගැනීමට පන්දු 15 ක් ගතවිය. 

06:32 PM

අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 164 කට දවාගත්හ. මහීෂ් තීක්‍ෂණ (19/2) සහ මතීෂ පතිරණ (32/4). නජ්මුල් හොසේන් 89 යි. 

05:57 PM

ඕවර 35 ක් අවසන් වී ඇතත් බංග්ලාදේශ පිතිකරුවන්ගේ ගමන ඉතාමත් මන්දගාමී වී තිබේ. දසුන් කී පරිදිම, කාසියේ වාසිය අහිමි වීම වෙළාගත් ආශිර්වාදයක් වී තිබෙන සැටියකි. බංග්ලාදේශ ලකුණු ලබාගැනීමේ වේගය (3.85) ඕවරයකදී ලකුණු 4.00 ටත් අඩු අගයක පවතී

 

05:06 PM

පළමු ඕවර 25 න් බංග්ලාදේශයට ලබාගත හැකිවී ඇත්තේ කඩුලු 4 ක් දැවී ලකුණු 97 කි. දුනිත් වෙල්ලාලගේ සිය ඕවර 5 ලකුණු 16 කට සීමාකරගෙන තිබේ.  
නජ්මුල් හොසේන් - නොදැවී 53 යි
මුෂ්ෆිකුර් රහීම් - නොදැවී 01

04:37 PM

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු යැවීම සහ පන්දු රැකීම ඉහළම මට්ටමක. පළමු ඕවර 20 න් බංග්ලාදේශයට ලබාගත හැකිවී ඇත්තේ කඩුලු 3 ක් දැවී ලකුණු -- ක් පමණි. ධනංජයගේ ඕවර 7 න් ම ලබාගෙන ඇත්තේ ලකුණු 23 කි. 
නජ්මුල් හොසේන් - නොදැවී 40 යි
තව්හීද් රිදෝයි - නොදැවී 12

04:04 PM

තවමත් යවා ඇත්තේ ඕවර 13 ක් පමණි. එහෙත් අඳුර එන්න එන්නම වැඩිවීම නිසා ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කර තිබේ. 

04:01 PM

බංග්ලාදේශ ඉනිමේ ප්‍රහාරාත්මක ඕවර 10 නිමාවේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 34 ක් පමණි. මතීෂ පතිරණ සිය පළමු ඕවරයේදීම සකිබ් අල් හසන් දවාගත්තේය. කුසල් මෙන්ඩිස්ගෙන් අති විශිෂ්ට උඩපන්දු රැකීමක් 

 

03:46 PM

පිටියේ බස්නාහිර පැත්තේ කඳු මුදුන් දැවැන්ත වළාවකින් වැසී තිබේ. අව්ව සම්පූර්ණයෙන්ම නැතිවී ගොසිනි. ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් ලකුණු 16 කට දැවී ගිය බැවින් නායක සකිබ් අල් හසන් පිටියට පිවිස සිටී. 

03:30 PM

නජ්මුල් හොසේන් ලකුණු 02 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව මිඩ් ඕන් හි සිටි දසුන් ශානකගෙන් ගිළිහී ගියේය. කසුන් රාජිත විශිෂ්ට පන්දු යැවීමක නිරතව සිටී. 

03:27 PM

“වැස්ස පේන මානයේම තියෙනවා. මේ කාසියේ වාසිය අහිමි වීමත් එක අතකින් හොඳයි වගේ. කොහොමටත් මම මේ තණතීරුවේ කිසියම් දඟ කැවීමක් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් අපිත් එක්ක ඉන්න බව දන්නවා”
“අපි මේ තරගයට ආවේ පිතිකරුවන් හය දෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ක”

 

03:21 PM

මහීෂ් තීක්‍ෂණගේ දෙවැනි පන්දුවේදීම ටැන්සිඩ් හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගියේය. බංග්ලාදේශය ලකුණු 04 කට කඩුලු 1 යි. 

03:15 PM

මහීෂ් තීක්‍ෂණගේ දෙවැනි පන්දුවේදීම ටැන්සිඩ් හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගියේය. බංග්ලාදේශය ලකුණු 04 කට කඩුලු 1 යි. 

03:12 PM

“ටිකක් වේලිච්ච තණතීරුවක්. ලකුණු ටිකක් වැඩියෙන් පුවරුවට දාන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඒ කොහොම වුණත් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන්න අපිට සිද්ධ වෙනවා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ තමන්ගේ රටේදී ඉතාමත් හොඳ කණ්ඩායමක්.” සකිබ් අල් හසන් කීවේය. 

03:09 PM

තරගාවලියේ විස්තර විචාරයට එක්වී සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මාවන් අතපත්තු කියන්නේ තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය බවයි. එනිසා කාසියේ වාසිය දිනාගන්නා තැනැත්තා කවුරුන් වුවද පළමුවෙන් පන්දුවට පහරදීම සුදුසු බවද මාවන් කීවේය. 
තරගය සඳහා වර්ෂාවෙන් බාධා ඇතිවන බවට කාලගුණ විශේෂඥයෝ අනතුරු අඟවා සිටිති.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.