Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

ශ්‍රී ලංකා - නේපාල තරගය වැස්සට දියවෙයි

editorial - 2024 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


06:08 AM

ප්‍රසාද ලකුණු 1 ක් බැගින් දෙපිලටම බෙදී යාමත් සමගින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සියල්ලම දියවී යන ආකාරයක් පෙනෙන්නට තිබේ. දැන් තත්ත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම නෙදර්ලන්තය පරාජය කළ යුතුවන අතර නෙදර්ලන්තය සහ නේපාලය හමුවේ බංග්ලාදේශය පරාජය වනතුරු බලා සිටිය යුතුව තිබේ. එහෙත් චන්දික හතුරුසිංහ මහතාගේ ගුරුහරුකම් ඇතිව තරග කරන බංග්ලාදේශය පහසුවෙන් ඉවතට තල්ලුකළ හැකි කණ්ඩායමක් නොවේ. 

06:02 AM

තරගය අතහැර දැමූ බව ෆ්ලොරිඩාවේ සිටින ලංකාදීප නියෝජිත ශානුක අරවින්ද දන්වා සිටිනවා. 

 

05:28 AM

ක්‍රීඩා පිටිය පිළිබඳ මීළඟ පරීක්‍ෂාව රාත්‍රී 8.30 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 6.00 ට) පැවැත්වීමට නියමිතය. 

05:23 AM

වර්ෂාව නිසා තරගය පැවැත්වීම සම්බන්ධයෙන් බරපතළ විචිකිච්ඡාවක් තිබෙන නමුත් නේපාල නායකයා සිටින්නේ මහත් උද්යෝගයෙනි. කෙටි තරගයකදී ශ්‍රී ලංකාව අනපේක්‍ෂිත අකරතැබ්බයකට ඇද දැමීම රෝහිත් පවුඩල්ගේ බලාපොරොත්තුවයි. 

05:18 AM

අද පස්වරුවේදී ලවුඩර්හිල් නුවරට ඇදහැළුණු වර්ෂාව අඟල් දෙකක් (මිලි මීටර 50.8 ක්) පමණ වී තිබේ. හදිසි ජලගැලීම් අවදානමක අවවාදය ඉවත් කර තිබෙන නමුත් රාත්‍රී 11.00 ට පෙර වර්ෂාව නතර වීමේ අවස්ථාව අඩු බවත් කියැවේ.. වඩාත්ම නරක තත්ත්වය වන්නේ වර්ෂාවට අමතරව දැඩි මීදුමක් පැවතීමයි. 

05:11 AM

එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම නෙදර්ලන්තය පරාජය කළ යුතුවන අතර නෙදර්ලන්තය සහ නේපාලය හමුවේ බංග්ලාදේශය පරාජය වනතුරු බලා සිටිය යුතුව තිබේ. එහෙත් චන්දික හතුරුසිංහ මහතාගේ ගුරුහරුකම් ඇතිව තරග කරන බංග්ලාදේශය පහසුවෙන් ඉවතට තල්ලුකළ හැකි කණ්ඩායමක් නොවේ. 

05:09 AM

යම් හෙයකින් අද තරගය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගියහොත්, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරියට යාම සම්බන්ධයෙන් ඇතිවන්නේ බරපතළ ප්‍රශ්නාර්ථයකි. 

05:03 AM

ෆ්ලොරිඩාවේ දැන් වේලාව රාත්‍රී 7.30 යි. ඒත් ඕවර 5 තරගයක් පැවැත්වීමට නම් අඩුම තරමේ රාත්‍රී 10.48 ට වත් තරගය ආරම්භ කළ යුතුව තිබේ. එහෙත් ක්‍රීඩාංගණය සූදානම් කරගැනීමට අවශ්‍ය හෙයින් රාත්‍රි 9.15 ට වත් වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර විය යුතුය තිබේ. 

05:00 AM

තරගයේ තීරණයක් ලබාගැනීමට නම් අවම වශයෙන් දෙපිලම ඕවර 5 ක් වත් මුහුණ දිය යුතුව තිබේ. 

04:46 AM

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කාලගුණය ක්‍රිකට් ක්‍රීඩාවට අයහපත් බවක් පෙනෙන්නට තිබේ. තත්ත්වය කොයිතරම් අසතුටුදායක ද යත්, පවතින ධාරාණිපාත වර්ෂාව නිසා හදිසියේ ඇතිවියහැකි ජල ගැලීම් වලට මුහුණ දීමට සූදානම් වන ලෙසත් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කාලගුණ බලධාරීන් දැනුම්දී තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා - නේපාල තරගය වැස්සට දියවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.