Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

ශ්‍රී ලංකාවට ලකුණු 83 ක විශිෂ්ට ජයක්

editorial - 2024 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


09:12 AM

නෙදර්ලන්තය ඕවර 16.4 කදී ලකුණු 118 කට දැවී යයි.

ශ්‍රී ලංකාවට ලකුණු 83 ක විශිෂ්ට ජයක් ලැබුණ නමුත් ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වෙයි. 

09:10 AM

නෙදර්ලන්තය ඕවර 16.4 කදී ලකුණු 118 කට දැවී යයි.

ශ්‍රී ලංකාවට ලකුණු 83 ක විශිෂ්ට ජයක් ලැබුණ නමුත් ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වෙයි. 

09:05 AM

නෙදර්ලන්තය ඕවර 16 යි - කඩුලු 8 ක් දැවී ලකුණු  113 යි
දසුන් ශානකට රැකගත හැකිව තිබූ උඩපන්දුවක් ලකුණු 6 ක් වෙයි. පන්දු යවන්නා වූ මහීෂ් තීක්‍ෂණ නිසලව බලා සිටිද්දී වනිඳු තරමක් කෝපගත් ස්වභාවයක් පෙන්නුම් කරයි. ඒත් ශ්‍රී ලංකාවට තර්ජනයක් නැති බැවින් විශේෂ යමක් සිදු නොවේ.

09:00 AM

නෙදර්ලන්තය ඕවර 15 යි - කඩුලු 8 ක් දැවී ලකුණු  102 යි
මතීෂගෙන් තවත් සාර්ථක ඕවරයක්. ඔහුගේ ඕවර 3 න් ලකුණු 12 ක් පමණයි. කඩුලු 2 ක්. වනිඳු තමන්ගේ පන්දු යවන්නන් ඉතා හොඳින් මිශ්‍රකරමින් සිටින බවක් පෙනේ. 

08:56 AM

නෙදර්ලන්තය ඕවර 14 යි - කඩුලු 7 ක් දැවී ලකුණු  99 යි
ලකුණු 09 ක ඕවරයක් වුණත් ජයග්‍රහණය නෙදර්ලන්තයෙන් බොහෝ දුර ඈතයි. පන්දු 36 කින් ලකුණු 103 ක් ලබාගැනීම පහසු අභියෝගයක් නොවේ. 

08:52 AM

නෙදර්ලන්තය ඕවර 13 යි - කඩුලු 7 ක් දැවී ලකුණු  90 යි
මතීෂ පා ඉන්නට එපිටින් වයිඩ් පන්දු දෙකක්ම යැවූවත් කුසල් ඒවා රැකගනී. මතීෂගේ එවන් පන්දු ඉතාමත් අවාසිදායක බව සිහිපත් කළ යුතුව තිබේ. 

08:46 AM

නෙදර්ලන්තය ඕවර 12 යි - කඩුලු 7 ක් දැවී ලකුණු  83 යි
හසරංගගේ ගුග්ලි පන්දුවකින් ටිම් ප්‍රින්ගල් ස්ටම්ප් කිරීමකට හසුවී දැවී යයි. තරගය දැන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සාක්කුවේ.. ඒත් මීළඟ වටය ගැන බලාපොරොත්තුවක් නෑ.
මේ අතරවාරයේදී නේපාලය ලකුණු 21 කින් පරාජය කළ බංග්ලාදේශය දෙවැනි වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. 

 

08:42 AM

නෙදර්ලන්තය ඕවර 11 යි - කඩුලු 6 ක් දැවී ලකුණු  80 යි
මතීෂ කිසියම් පාලනයකින් යුතුව පන්දුයවන ආකාරයක් පෙනේ. මතීෂ පතිරණ මෙම තරගාවලියේදී වැඩිම වේගයෙන් පන්දු යැවූවන් අතර දෙවැනියා වී සිටී.. පැයට කි.මීටර 153 වේගයෙන් පන්දු යවා ඇති මතීෂ දෙවැනි වන්නේ එංගලන්තයේ මාක් වුඩ්ට පමණි. 

08:36 AM

නෙදර්ලන්තය ඕවර 10 යි - කඩුලු 6 ක් දැවී ලකුණු  71 යි
පිට පිටම පන්දු දෙකකින් කඩුලු 2 ක්. මෙතැන් සිට ගමන නෙදර්ලන්තයට ලේසි වෙන්නේ නෑ. තරගය දිනන්න නම් පන්දු 60 කින් ලකුණු 131 ක් ලබාගත යුතුයි. අවසන් ඕවර 2 න් ලකුණු 03 ක් පමණයි. තරගය දැන් ශ්‍රී ලංකාව පැත්තේ.

08:30 AM

නෙදර්ලන්තය ඕවර 09 යි - කඩුලු 4 ක් දැවී ලකුණු  69 යි
මතීෂ පතිරණගෙනුත් මුල්ම ඕවරයේදී කඩුල්ලක්. එකම ලකුණක් පමණයි. ඉතාම සාර්ථක ඕවරයක්

 

08:25 AM

නෙදර්ලන්තය ඕවර 08 යි - කඩුලු 3 ක් දැවී ලකුණු 68 යි
පළමු ඕවරයේදීම දසුන් ශානකට කඩුල්ලක්. වික්‍රම්ජිත් සිං ලකුණු 7 කට දැවී යයි. තමන්වෙත පැමිණි උඩපන්දුව පළමුව අතහැරගත් නමුත් එය දණහිසේ වැදී යද්දී සැණෙකින් ඉදිරියට පැනගත් කමිඳු එය ඩැහැගත්තේය. 

08:20 AM

නෙදර්ලන්තය ඕවර 07 යි - කඩුලු 2 ක් දැවී ලකුණු 58 යි
වනිඳුගේ පළමු ඕවරයෙන් ලකුණු 11 ක් ගිය නමුත් තරගය ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වෙමිත් තිබෙනවා. 

08:16 AM

නෙදර්ලන්තය ඕවර 06 යි - කඩුලු 2 ක් දැවී ලකුණු 47 යි

ස්ටම්ප් කිරීමකින් මයිකල් ලෙවිට් දැවී යයි. තීක්‍ෂණගේ ඕවරයෙන් එක ලකුණක් පමණයි. 

08:12 AM

නෙදර්ලන්තය ඕවර 05 යි - කඩුල්ලක් දැවී ලකුණු 46 යි
මැක්ස් ඕ’ඩාවුඩ් දැවී යයි. නුවන් තුෂාරටගෙන් ඉතාම සාර්ථක ඕවරයක්. ලකුණු 02 ක් පමණයි. 

 

08:07 AM

නෙදර්ලන්තය ඕවර 04 යි - කිසිවකු නොදැවී ලකුණු 44 යි
මයිකල් ලෙවිට්ගෙන් මහීෂ් තීක්‍ෂණට මතක හිටින පහර දෙකක්. ලෙවිට් පන්දු 18 න් ලකුණු 30 යි. 

08:01 AM

නෙදර්ලන්තය ඕවර 02 යි - කිසිවකු නොදැවී ලකුණු 16 යි
නුවන් තුෂාරගෙන් ලකුණු 11 ක්. 

07:56 AM

නෙදර්ලන්තය ඕවර 01 යි - කිසිවකු නොදැවී ලකුණු 05 යි

මැතිව්ස්ගෙන් ඉතාමත් සාර්ථක ඕවරයක්. විස්සයි-20 තරග වලදී මැතිව්ස් නිතරම හොඳ ආරම්භයක් ලබාගනී. 

07:39 AM

ශ්‍රී ලංකාව ඕවර 20 යි - කඩුලු 6 ට ලකුණු 201 යි
වනිඳුගෙන් පිට පිටම හයේ පහර දෙකක්. ශ්‍රී ලංකාව 200 කඩඉම පනී. මැතිව්ස් පන්දු 15 කින් ලකුණු 30 යි (හයේ පහර 2 යි) හසරංග පන්දු 6 කින් ලකුණු 20 යි (හයේ පහර 2 යි) 

07:33 AM

ශ්‍රී ලංකාව ඕවර 19 යි - කඩුලු 6 ට ලකුණු 184 යි
මැතිව්ස්ගෙන් තවත් හයේ පහරක් සමගින් ඕවරයේදී ලකුණු 12 ක්. 

07:29 AM

ශ්‍රී ලංකාව ඕවර 18 යි - කඩුලු 6 ට ලකුණු 172 යි
පිට පිටම ගැසූ අලංකාර හයේ පහර දෙකකින් පසුව අසලංක දැවී යයි. පන්දු 21 කින් ලකුණු 46 ක්. හයේ පහර 5 ක්. ඒත් දසුන් ශානක මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී යාමෙන් වනිඳු හසරංග පිටියට.

07:23 AM

ශ්‍රී ලංකාව ඕවර 17 යි - කඩුලු 4 ට ලකුණු 153 යි
මැතිව්ස්ගේ හයේ පහරක් -- එංගල්බ්‍රෙක් විසින් තනි අතින් ඇද පිට්ටනියට දමාගනී. නිසැක වශයෙන්ම තිබුණු ලකුණු 6 ක් එක ලකුණකට සීමාකරගනී. ඇදහිය නොහැකි පන්දු රැකීමක්. ඒත් මෙම ඕවරයේදී තවත් හයේ පහර දෙකක්. ලකුණු 19 ක්. 

07:19 AM

ශ්‍රී ලංකාව ඕවර 16 යි - කඩුලු 4 ට ලකුණු 134 යි
මැතිව්ස්ගේ උඩපන්දුවක් ගිළිහී යයි. අසලංක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යයි කළ ඉල්ලීම තුන්වැනි විනිසුරුවරයා දක්වා ගියත් අසලංක ගැලවෙයි. ඊළඟ පන්දුවට ඔහුගේ ප්‍රතිචාරය වෙන්නේ ප්‍රේක්‍ෂකාගාරයේ වහළය මතට පන්දුව යැවීමයි. පන්දුව වහළයේ. තරගය වෙනත් පන්දුවක් ගනී. අසලංකගෙන් පන්දු 15 කදී ලකුණු 26 ක්

07:11 AM

ශ්‍රී ලංකාව ඕවර 15 යි - කඩුලු 4 ට ලකුණු 124 යි
තවත් විශාල පහරකට උත්සාහ කළ ධනංජය දැවී යයි. පන්දු 26 කින් ලකුණු 34 ක්. ඇන්ජලෝ මැතිව්ස් පිටියට ඇවිදින්... ඒ ඕවරයේදී ලකුණු 05 ක් පමණයි. 

07:07 AM

ශ්‍රී ලංකාව ඕවර 14 යි - කඩුලු 3 ට ලකුණු 119 යි
ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර සැණෙකින් තම ශෛලිය වෙනස් කරන්න පුළුවන් පිතිකරුවන් ලෙසින් ධනංජය වගේම අසලංකත් සිටිනවා. වෙලාවකට ඉතාමත්  තැන්පත් පිකරුවන් වෙන මේ දෙන්නාට හිටි අඩියේ තම රටාව වෙනස් කරමින් පහර නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. 

07:02 AM

ශ්‍රී ලංකාව ඕවර 13 යි - කඩුලු 3 ට ලකුණු 106 යි
ධනංජයගෙන් පෝල් වැන්මීකර්න්ට පිට පිටම හතරේ පහර 2 ක් සහ හයේ පහරක්. චිත්තාකර්ශනීය ඔන් ඩ්‍රයිව් පහරක් සහ පුල් පහර දෙකක්. හයේ පහරත් එක්කම ශ්‍රී ලංකාව ලකුණු 100 සීමාව පැනගනී. ඕවරයේදී ලකුණු 16 ක්. 

06:57 AM

ශ්‍රී ලංකාව ඕවර 12 යි - කඩුලු 3 ට ලකුණු 90 යි
කුසල්ගේ දැවී යාම විශාල පාඩුවක්. ලකුණු අතර සිටිමින් තත්ත්වය පාලනය කරගෙන සිටි පිතිකරුවා ඔහු.

06:53 AM

ශ්‍රී ලංකාව ඕවර 11 යි - කඩුලු 2 ට ලකුණු 84 යි
ලකුණු 10 ක ඕවරයක්.  මෙන්ඩිස් පන්දු 28 කින් ලකුණු 46 යි. ධනංජය පන්දු 16 කින් ලකුණු 15 යි.

 

06:50 AM

ශ්‍රී ලංකාව ඕවර 10 යි - කඩුලු 2 ට ලකුණු 74 යි
ඒ ඕවරයේදී ලකුණු 4යි. කඩුලු නම් අතේ තියෙනවා වුණත් ලකුණු මදි. ඉතිරි ඕවර 10 න් තවත් ලකුණු 80 ක් වත් ලබාගත හැකිනම්....

06:47 AM

ශ්‍රී ලංකාව ඕවර 9 යි - කඩුලු 2 ට ලකුණු 70 යි
ඒ ඕවරයේදී ලකුණු 12 ක්.. ලකුණු වේගය ඕවරයකදී 8.00 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වේගයෙන් ගියොත් ලකුණු 150 ඉක්මවා ලබාගන්න පුළුවන්. ඒක හොඳ ලකුණු සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. 

 

06:44 AM

ශ්‍රී ලංකාව ඕවර 8 යි - කඩුලු 2 ට ලකුණු 58 යි
ලකුණු වේගය ඕවරයකදී ලකුණු 7.00 සීමාව ඉක්මවූවත් අපේක්‍ෂිත ඉලක්කයට වඩා ශ්‍රී ලංකාව පසුපසින්.

 

06:41 AM

ශ්‍රී ලංකාව ඕවර 7 යි - කඩුලු 2 ට ලකුණු 50 යි
යන්තම් ලකුණු 50 සීමාවට ආවත් ඕවර 7 ක් අවසන්. 

06:37 AM

ශ්‍රී ලංකාව (ඕවර 6 යි - කඩුලු 1 ට ලකුණු 45 යි)
තවත් ලකුණු 13 ක ඕවරයක්. ඒත් කමිඳු මෙන්ඩිස්ගේ දැවී යාම පාඩුවක්. ඔහු දැවී යාමට පෙර පන්දුවට ගැසූ හයේ පහර ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු අලුත් කරවන්නක් වුණා. 

06:27 AM

ශ්‍රී ලංකාව (ඕවර 5 යි - කඩුලු 1 ට ලකුණු 32 යි)
ලකුණු 13 ක ඕවරයක්. මේ දක්වා ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් සාර්ථකම ඕවරය. අවසන් පන්දුවෙන් පැමිණි උඩපන්දුව ෂෝට් තර්ඩ්මෑන් හි සිටි ක්‍රීඩකයාගේ දෑත් වල වැදෙමින් හතරේ සීමාව කරා යයි. ශ්‍රී ලංකාවේ පිතිහරඹය කිසිසේත්ම සාර්ථක යයි කිව නොහැකියි. ප්‍රහාරාත්මක ඕවර 6 අවසන් වෙන්න ඇත්තේ තවත් එකක් විතරයි. 

06:21 AM

ශ්‍රී ලංකාව (ඕවර 4 යි - කඩුලු 1 ට ලකුණු 19 යි)
හතරේ පහරක්වත් නැති ඕවරයක්. ලැබුණු ලකුණු 04 ලකුණු 2 ඒවා දෙකක්

 

06:17 AM

ශ්‍රී ලංකාව (ඕවර 3 යි - කඩුලු 1 ට ලකුණු 14 යි)
ශ්‍රී ලංකා පිතිකරුවන් තවමත් සාම්ප්‍රදායික පහර තෝරන බවක් පෙනෙන්නට තිබේ. මෙන්ඩිස් ගැසූ හතරේ පහර වුණත්, සාමාන්‍ය හුක් කිරීමක් මිස ඊට වඩා වැඩි දෙයක් නොවේ. ඇරත් මෙන්ඩිස් ඊළඟ පන්දුව නිදැල්ලේ යන්නට හැරියා.. 

06:13 AM

ශ්‍රී ලංකාව (ඕවර 2 යි - කඩුලු 1 ට ලකුණු 07 යි)
මෙන්ඩිස්ලා දෙන්නෙක් පිටියේ. කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස්. කුසල් වඩාත් පළපුරුදු දකුණත් පිතිකරුවා. කමිඳු වමත්කාරයා..

06:09 AM

ශ්‍රී ලංකාව (ඕවර 1 යි - කඩුලු 1 ට ලකුණු 03 යි)
පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි. ඒ ලකුණු 3 ම වයිඩ් පන්දුවලින් මිස පිත්තෙන් ලබාගත් ඒවා නොවේ.

06:05 AM

දෙවැනි පන්දුවේදීම පැතුම් නිස්සංක දැවී යාමෙන් ලකුණක් ලබාගැනීමටත් පෙර කඩුල්ලක් ඇද වැටෙයි.
උපදේශක සනත් ජයසූරිය කෝපාවිෂ්ඨව බලාසිටී.

 

06:02 AM

තරගය ආරම්භ වෙනවා. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවන් ලෙසින් පැමිණ තිබෙනවා. පළමු ඕවරය බස් විවියන් කින්මාගෙන්

05:54 AM

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී එකම තරගයක් හෝ ජයගෙන නෑ. දෙවැනි වටයට යාමට ශ්‍රී ලංකාවට කිසිම අවස්ථාවක් නෑ. 
ඒත් නෙදර්ලන්තය ඉන්නේ අද තරගයේදී විශාල ජයග්‍රහණයක් අත්කරගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්

 

05:50 AM

අද තරගය පැවැත්වෙන්නේ ශාන්ත ලුසියා නුවර ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී. 
ඩැරන් සැමී කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් දෙවතාවක් විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් නායකයා. 2012 දී වගේම 2016 දී.

 

05:40 AM

සුබ උදෑසනක් හිතවතුනි...
මෙවර ලෝක කුසලාන තරගාවලියෙදි ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 83 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.