Last Update  :  2025-01-02 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පස්වැනි තැනට
ආසියානු සත් සාමාජික රග්බි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පස්වැනි තැනට

editorial - 2024 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් නේපාලයේදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම එහි තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වෙද්දී, කාන්තා කණ්ඩායමට පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.  

‘සී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මූලික වට‍යේදී කසකස්තානය (43-00), කටාර් රාජ්‍යය (39-05), සවුදි අරාබිය (52-00) යන කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරග ජයගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 22-00 ක ජයක් වාර්තා කළද, අවසන් පූර්ව වටයේදී පිලිපීනය හමුවේ ලකුණු 19-12 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී උස්බැකිස්තානයට එරෙහිව ලකුණු 32-00 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය වාර්තා කළහ. අවසන් මහ තරගයේදී චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 27-14 ක ජයක් ලැබූ පිලිපීනය තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත්තේය.

‘එෆ්’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වට‍යේදී ඉරානයට (20-00) එරෙහිව පැවැති තරගය ජයගැනීමට සමත් වුවද, ඉන්දුනීසියාව හමුවේ ලකුණු 17-15 ක් ලෙසත්, ඉන්දියාවට හමුවේ ලකුණු 29-10 ක් ලෙසත් පරාජයට පත්විය.

එබැවින් ශ්‍රි ලංකාවට තරගාවලියේ 5 වැනි සහ 6 වැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. එහිදී නේපාලයට එරෙහිව ලකුණු 17-15 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව උස්බැකිස්තානයට එරෙහිව ලකුණු 21-19 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පස්වැනි ස්ථානය මෙන්ම බඳුන ශූරතාවද දිනාගැනීමට සමත් විය. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පස්වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.